22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අධ්‍යාපන පුවත්කේම්බ්‍රීජ් විභාගයේ පරිගණක විද්‍යා විෂයෙන් ලොව හයවන ස්ථානය යෝෂීඩා විද්‍යාලයේ රියාඩුල් ට.

කේම්බ්‍රීජ් විභාගයේ පරිගණක විද්‍යා විෂයෙන් ලොව හයවන ස්ථානය යෝෂීඩා විද්‍යාලයේ රියාඩුල් ට.

ලොව පුරා ලක්ෂ (40) හතලිහකට ආසන්න පාසල් දරුවන් වසරකට පෙනී සිටින කේම්බ්‍රිජ් 10 වසර විභාගයේ පරිගණක විද්‍යා විෂයයෙන් (Computer Science ) වැඩිම ලකුණු ලබා ගනිමින් ලොව හය වන ස්ථානයට පත්වී තිබේ.

සපුගස්කන්ද ෂෝකන්ජි යොෂීඩා ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන රියාදුල් ශිෂ්‍යයා සමත් වී ඇත.
එම විභාගයට පෙනී සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් අතරින් ප්‍රථම ස්ථානයටත් එම විභාගයේ ප්‍රංශ භාෂා විෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානයටත් පත්වීමට රියාදුල් ඉස්ලාම් ශිෂ්‍යයා සමත් වී ඇතැයි එම විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරිණි අම්බපාලි සිකුරාජපති මහත්මිය පැවසුවා. කේම්බ්‍රිජ් විභාගය පිළිබඳ ශ්‍රී ලංකාවේ නේවාසික බලධාරි (Country Manager) පංචාලි කුලතුංග මහත්මිය
රියාදුල් ශිෂ්‍යයාගේ මෙම සුවිශේෂ ජයග්‍රහණය පිළිබඳ පසුගිය දා කොළඹ දී නිවේදනය කළාය.
පළමු වසරේ සිටම සපුගස්කන්ද ෂෝකන්ජි යොෂීඩා ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබු මෙම ශිෂ්‍යයා ඉගෙනුමට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලටද ක්‍රීඩා අංශයේ ද කැපී පෙනෙන ශිෂ්‍යයෙක් බව එම විද්‍යාලයේ කේම්බ්‍රිජ් අංශ ප්‍රධානී තිලංගි අබේසූරිය මෙනවිය පැවසුවාය.
ෂෝකන්ජි යොෂීඩා ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පසුගියදා මෙම ශිෂ්‍යයා හමු වී ඔහුට සුබ පතා සෙත් ප්‍රාර්ථනා කළහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments