21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්ඇමරිකාවේ ආරක්‍ෂක ලේකම් ධුරයට පළමු වරට කළු ජාතිකයෙක්

ඇමරිකාවේ ආරක්‍ෂක ලේකම් ධුරයට පළමු වරට කළු ජාතිකයෙක්

ඇමරිකානු කැබිනට් මණ්ඩලයේ ප්‍රබල තනතුරක් වන ආරක්‍ෂක ලේකම් ධුරයට එරට ඉතිහාසයේ පළමු වතාවට කළු ජාතිකයකු නම් කිරීමට ජෝ බයිඩ්න් තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. මේ ආකාරයෙන් මෙම ධුරය සඳහා තෝරාගෙන ඇත්තේ විශ්‍රාමික ජනරාල්වරයකු වන ලොයිඩ් ඔස්ටින්ය. 67 වැනි වියෙහි පසුවන ඔස්ටින් මෙයට පෙර, බැරක් ඔබාමා ජනාධිපති පදවිය දැරූ කාලයේද හමුදාවේ ඉහළ තනතුරක් දැරූ පුද්ගලයෙකි.

බයිඩ්න් ආරක්‍ෂක ලේකම් ධුරය සඳහා නම් කරනු ඇතැයි මුලින් අනුමාන කෙරුණේ පෙන්ටගනයේ හිටපු ප්‍රධානියකු වන මිෂෙල් ෆ්ලෝනෝයිය. ඇය එම ධුරයට පත් කෙරුණා නම් ඇමෙරිකානු ඉතිහාසය තුළ ආරක්‍ෂක ලේකම් ධුරයට පත් කෙරුණු පළමු කාන්තාව ඇය වනු ඇත. බයිඩ්න් සුළු ජාතිකයන් සහ කාන්තාවන් ප්‍රධාන ධුරවලට නම් කිරීම මේ වන විට විශාල වශයෙන් අවධානයට ලක් වූ කාරණයක්ව තිබේ. ට්‍රම්ප්ගේ කාලය තුළ මෙවැනි කණ්ඩායම්වලට විවිධ වෙනස්කම් සිදු වූ බවට නිතර චෝදනා එල්ල විය.

විශ්‍රාමික ජනරාල් ලොයිඩ් ඔස්ටින් 2013-2016 කාලය තුළ මැද පෙරදිග, මධ්‍යම ආසියානු සහ දකුණු ආසියානු කලාපවල හමුදා ක්‍රියාකාරකම් සඳහා නායකත්වය දුන් කෙනෙකි. එම කාලයේ ඔහු එවකට උප ජනාධිපතිවරයා වූ බයිඩ්න් සමග සමීපව කටයුතු කර තිබිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments