සමහර වෛද්‍ය සංගම් ආණ්ඩුවේ ගොඩේ ඉඳගෙන අපිට එරෙහිව ප්‍රසිද්දිධියේ වැඩ කරන්න ලැජ්ජා විය යුතුයි.
ඔවුන් ජයග්‍රණය කරන තුරු ඉතාම ඉවසිලිවන්තව වෘත්තීය සමිති සදාචාරය රැකපු අපිට, තමන් එක්ක එක කණ්ඩායමේ ඉන්න සහෝදර කාර්‍යමණ්ඩලයේ ඉල්ලීමට ප්‍රසිද්ධියේ බාධා කරමින්, වෘත්තීය සමිති සදාචාරය කතා කරන්න බැහැ.
DAT දීමනාව පිළිබඳව තොරතුරු සැපයීමේදී සහ චක්‍රලේක නිකුත් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය වංචාසහගත අදහසකින් වැඩ කරලා තියනවා
.හෙට දිනයේ සිට අපි විරෝධතා ව්‍යාපාරවලට යනවා. සත්කාර සේවාවට කිසිදු බාධාවක් වෙන්නේ නැතුව සිදු කරන මෙම උද්ඝෝෂණ වලට ප්‍රතිචාර දක්වන්න. පෙබරවාරි පළවෙනිදා ඉඳලා අපිට වර්ජනයකට යන්න ඉඩ දෙන්නේ නැතුව, සාධාරණ උත්තරයක් දෙන්න. වර්ජනය ගියාට පස්සේ රෝගීන් ගැන කථා කරලා බොරු කරන්න එපා. අපිට වර්ජනයකට යන්න කිසිම වුවමණාවක් නෑ. අපිට එහෙම කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. අපිව මේ තත්වයට පත් කලේ සෞඛ්‍ය අමාත්‍යාංශය. මේ ගැටලුවේ සැබෑ තත්වය කියන්නේ නැතුව ජනාධිපතිවරයාව සහ අමාත්‍යමණ්ඩලය නොමග යවපු සෞඛ්‍ය අමාත්‍යාංශය වංචනික අදහසින් පාළණය කරන වෛද්‍ය නිලධාරීන්.