22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්අපේ උරුමයහෙලයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 131වන ගුණසමරුව වෙනුවෙනි.

හෙලයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 131වන ගුණසමරුව වෙනුවෙනි.

මාර්ටින් වික්‍රමසිංහ 1890 වසරේ මැයි මස 29 වෙනි දින කොග්ගල ප්‍රදේශයේදී ලමාහේවාගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ හා මාගල්ල බලපිටිය ලියනගේ තොච්චෝහාමි යුවලගේ එකම දරුවා ලෙසින් මෙලොව එළිය දුටුවේය. කොග්ගල භූමිය එක පසකින් විශාල ගල් පරයකින්ද අනෙක් පසෙන් කොග්ගල ඔයේ අතු ගංගාවන් වලින් වටවුණු ජල ප්‍රවාහයකින් යුක්ත වැවකින් සමන්විත වූ අතර මෙහි විසු ජනයාගේ සිතුම් පැතුම් ජීවන තත්වය හා සංස්කෘතික ලක්ෂණ ඔහුගේ පසුකාලීනව ලියවෙන නිර්මාණ වලට බලපෑ බව නොරහසකි.

ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේ ඔහුට වයස අවුරුදු 5ක් වන සමයේ වන අතර එකල ඔහුට හිතෝපදේශයේ පරිච්ඡේද ද කටපාඩමින් කියවීමේ හැකියාව තිබු බව සදහන්. ගමේ පාසලෙන් ශිල්ප ලැබුවා මෙන්ම , ඉන් අනතුරුව ගාල්ලේ ඉංග්‍රීසි පාසලක් වූ බොනවිස්ටා පාසලට ඇතුලත් වූ අතර එහිදී ඉංග්‍රීසි මෙන්ම ලතින් භාෂාවද හොඳින් උගත් ඔහු සිය පියාගේ අභාවයෙන් පසු අහංගම පිහිටි සිංහල පාසලට ඇතුලත් විය. එහිදී ඔහුගේ ඉගැනීම පිළිබද තිබු උනන්දුව අඩු වූ බව පැවසෙනවා.

මාර්ටින් වික්‍රමසිංහ මහතා සිය සාහිත්‍ය නිර්මාණ කටයුතු ආරම්භ කරනුයේ 1914 දී ලියන ලද ” ලීලා ” නවකතාවෙන් වන අතර සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ “ශාස්ත්‍රීය ලේඛන” 1919 දී එලි දක්වමිනි. 1940 ගණන් වල සාහිත්‍ය විචාරකයෙකුගේ භූමිකාවට පණපෙවූ ඔහු (1941) විචාර ලිපි , ගුත්තිල ගීතය( 1943) , සිංහල සාහිතයේ නැගීම( 1946), වැනි කෘතීන් ඒ සදහා නිදසුන් ලෙස දැකිවිය හැකිය.

නුතන ලෝක සාහිත්‍යයේ විශිෂ්ඨ නවකතාවක් ලෙසින් සැලකිය හැකි ප්‍රථම නවකතාව ලෙසින් ගම්පෙරලිය ලියවෙන්නේ 1944 දී වන අතර එමගින් නුතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩා හැලෙන ආකාරය නිරුපණය කරලන්නට සමත් වී තිබේ.

තුන් ඈදුතු නවකතා ලෙසින් ගම්පෙරලිය (1944) යුගාන්තය (1948 )හා කලියුගය( 1957) දී ඔහු විසින් ලියන ලද අතර එමගින් නාගරික පන්තියේ වර්ධනය සමග සිදුවන කම්කරු ව්‍යාපාර සහ සමාජවාදී ආරම්භය ගැන අදහස් දක්වා ඇති බව විචාරක මතයයි.

මාටින් වික්‍රමසිංහයන් රචිත අදටත් සිංහල සාහිතයේ විශිෂ්ඨ නවකතාවක් ලෙස සැලකෙන විරාගය ඔහු අතින් ලියවෙන්නේ 1956 වසරේදී ය. 2018 වසරේ එහි 34 වන මුද්‍රණය ද පිටවුණි.
1975 වසරේදී ඔහුගේ 85 වෙනි ජන්ම දිනයට සමගාමීව කොග්ගල මහා ප්‍රඥයා (Martin Wikramasinghe The Sage of Koggala ) ලෙසින් ලිපි එකතුවක් පල කර ඇති අතර එහි දෙස් විදෙස් විද්වතුන් ලියන මාටින් වික්‍රමසිංහයන් පිළිබද වටිනා තොරතුරු සමුහයක් ඇතුලත්ව ඇත.

1972 වසරේ ඇස් පෙනීම අඩුව ඔහුට දැනී තිබුනේ මහා විපතක් ලෙසය, මොස්කව් හිදී ඒ සදහා ප්‍රතිකාර ගෙන යම් සුවයක් ලැබුවද ඉන් අනතුරුව විවේක සුවයෙන් වැඩි කාලයක් ගත කල එතුමා 1976 වසරේ ජුලි මස මෙලෙවින් සදහටම සමුගත්තේය.එදා මෙදා තුර ශ්‍රී ලාංකීය සාහිත්‍ය ලෝකයට මිනි පහනක් වූ එතුමන් සිය ජිවිතයෙන් සමු ගත්තද අදටත් එතුමන් දල්වා ලු පහන් සිල් බදු සාහිත්‍ය කෘති ශ්‍රී ලාංකීය සාහිත්‍ය කලාව පෝෂණය කිරීමේ කාර්යයේ අදටත් නිරත වෙයි.

එතුමන් රචිත කෘති අතරින් සමහරක් පහත දැක්වේ.,

නවකතා
ලීලා – 1914
සෝමා – 1920
අයිරාංගනී – 1923
සීතා – 1923
මිරිඟු දිය – 1925
උන්මාද චිත්‍රා – 1929
රෝහිණී – 1929
ගම්පෙරළිය – 1944
මඩොල් දූව – 1947
යුගාන්තය – 1949
විරාගය – 1956
කලියුගය – 1957
කරුවල ගෙදර – 1963
බවතරණය – 1973

කෙටිකතා

ගැහැනියක්
බිල්ල සහ අපූරු මුහුණ
මගේ කථාව
මගුල් ගෙදර
හද සාක්කි කීම
වහල්ලු
පව්කාරයාට ගල් ගැසීම
අපේ විත්ති
කතා අහුර

ජීවිතය ඇසුරින්….

කළුනික සෙවීම
අපේගම
උපන් දා සිට

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments