22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ශ්‍රී.ල.නි.ප.යේ හිටපු සියලු නායකයින්ට මම ආරාධනා කරනවා මේ වෙලාවේ පක්ෂය අර්බුදය විසඳන්න...

ශ්‍රී.ල.නි.ප.යේ හිටපු සියලු නායකයින්ට මම ආරාධනා කරනවා මේ වෙලාවේ පක්ෂය අර්බුදය විසඳන්න එකාවන්ව එක් වෙලා අපිට උදව් කරන්න කියලා-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්තිලංග සුමතිපාල

කොළඹ වික්‍රමපාල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා අර්බුදකාරී තත්ත්වකට පත්වෙලා තිබෙනවා ස්පක්ෂයේ ජාතික සංවිධායක භාණ්ඩාගාරික ජ්‍යෙෂ්ඨ උපසභාපති ඉවත් කිරීමත් සමඟ ඒ අය උසාවි ගිහින් වාරණ නියෝගයක් ගත්තා. ඒ වගේම හිටපු ජනාධිපතිතුමිය සභාපතිට විරුද්ධව වාරණ නියෝගයක් ගත්තා පක්ෂ කාර්යාලයට ඇවිල්ලා කටයුතු කළා කියලා ඒගොල්ලන්ට විරුද්ධව පක්ෂ කාර්යාලය පොලිසිය සම්පූර්ණ පාලනයට අරන් තිබෙනවා අපරාධ පරීක්ෂණ කිරීමට.

මේ තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීමට බුද්ධිමත්ව හැසිරෙන්න ඕනේ ඒ වගේ තත්ත්වයක් තිබෙන වෙලාවක කිසිම නෛතිකතාවයක් නැතිව රැස්වීමක් කැඳවලා ඒ රැස්වීමේදී ගත්ත තීන්දුවක් ප්‍රකාරව කියල බොරු ප්‍රකාශනයක් කරලා අලුතෙන් වැඩ බලල සභාපති කෙනෙක් පත් කරන්න ඕනෙයි කියලා තීරණයක් අරගෙන ඊයේ තවත් වැඩ බලන සභාපතිවරයෙක් පත් කළා වැඩ බලන සභාපති කෙනෙක් පත් කිරීමට විධායක සභාවට කොහෙත්ම බලයක් නෑ. ඒක මධ්‍යම කාරක සභාවට කරන්න පුළුවන් කාරණයක් විධායක සභාවක් කැඳවන්න බැහැ සභාපතිතුමාගේ ප්‍රධානත්වය නැතුව
ඊයෙත් පෙරේදා තිබූ රැස්වීම් දෙකම කිසිම නෛතික භාවයක් නැතුව තිබූ රැස්වීම් අපි මේ නෛතික භාවයක් නොමැති රැස්වීම් තියන්න එපා කියලා ඉල්ලීම් කළා නමුත් ඒ ඇහුවේ නෑ.මේ වගේ නෛතිකභාවයක් නැති වැඩ කළහම අපේ පක්ෂට තියෙන කිසියම් ගීත නාමයක් තිබෙනවා නම් ඒකත් නැති වෙලා යනවා.

මධ්‍යමකාරක සභාවක් කැඳවා මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ අතර අපිට සභාවක් පිහිටුවාගෙන යන්න පුළුවන් ඒ රැස්වීමට මුලසුනට කෙනෙක් පත් කරගෙන මෛත්‍රිපාල සිරිසේන මහතාට එන්න වෙන්නේ නැ කියලා වැඩ බලන සභාපති කෙනෙක් පත් කරගෙන කටයුතු කරන්නේ ගියොත් ඔහුට එන්නම වෙන්නේ නෑ.
ඊයේ රැස්වී මසාර්ථකයි අසාධාරණයි අයුක්ති සහගතයි නීති විරෝධී ඊයේ ගත්ත කිසි තීන්දුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බිමේ පැල කරන්න බෑ බිම් මට්ටම නැගී සිටිනවා මේ වෙනුවෙන්.
පක්ෂයට ලේසියෙන්ම මධ්‍යම කාරක සභාවක් කැඳවලා මධ්‍යම කාරක සභාවේ ඉන්න සාමාජිකය තුළින් රැස්වීම රැස්වීමට මුලසුනක් පත් කරගෙන යන්න තිබුණා. අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධූරය වෙලාවෙදි දළස් සලා පෙරුමට ඡන්දය දුන්නා අපි ප්‍රතිපත්තිමයි වශයෙන් යුඑන්පියකට අලියට විරුද්ධයි නිදහස් පක්ෂය. නිමල් සිරිපාලා තනතුරු ගත්තා කියලා ඉවත් කළා මේ ආණ්ඩුවේ ඇමතිකමත් දරන මනුස්සයෙකුට ගෙනල්ලා වැඩ බලන සභාපතිකම දෙනවා.
මේ හැමෝම චිත්‍රපටයක් වගේ හදලා තියෙන වෙන අරමුණට යන දේවල්. පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් නැවත සාමාජික අයිතිය රැකගෙන ශ්‍රී ලංකා කාරයන් එක ඉදිරියට ගෙනියන්න තියෙන සියලු කටයුතු සූදානම් කරලා සහය දක්වනවා.

ප්‍රතිපත්තියක් නැත්නම් ඕන දෙයක් කරන්න පුළුවන් පක්ෂයට ප්‍රතිපත්තියක් තියෙනවා නම් ආණ්ඩුවේ තනතුරු ගන්න එක වැරදියි ඒක නිමල් සිරිපාල මහත්තයටත් තනියෙන් බලපාන එකක් නෙමෙයි
වෙන පක්ෂ වලින් ඡන්දයල වෙන පක්ෂවලින් මන්ත්‍රීකම් ධූර අරගෙන ඇවිල්ලා වෙන පක්ෂෙක කෙනෙක් කොහොමද සභාපති වෙන්නේ උපසභාපති කවදාවත් පක්ෂ දාලා නොගිය කෙනෙක් එක්ක සසදන්න බෑ. නිමල් සිරිපාල කවදාවත් පක්ෂයෙන් පිට චන්ද ඉල්ල නෑ.
චන්ද්‍රිකා මැතිනිය සටන් කරපු එක උසාවියෙන් පිළිඅරන් තියෙනවා පිළිඅරගෙන තමයි සභාපතිට විරුද්ධව වාර නියෝගයක් ගත්තේ චන්ද්‍රිකාගෙන් මහින්දගෙන් මෛත්‍රී එකෙන් කට්ටියගේම අහනවා ඕගොල්ලෝ අවුරුදු හැත්තෑවක් පැනල දැන් ඕගොල්ලෝ මේ පක්ෂයේ ජනාධිපතිකම් කළා. දැන් ඔබ නැති වෙන පක්ෂයේදී පක්ෂය ඇවර කරලා විනාශ කරලා අවසන් කළ වහලා දාන්නද ඔබතුමාලට අවශ්‍ය කියලා අපි අහන්න කැමතියි එක එක්කෙනාට ඕනේ විදියට පක්ෂය අලෙවි කරන්න වෙන්දේසි කරන්න පුළුවන් තත්වෙක නෙමෙයි අපි ඉන්නේ.ජනාධිපතිකම් කරපු මෛත්‍රිපාල චන්ද්‍රිකා මහින්ද මේ හැමෝම එකතු වෙලා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න එකතු වෙන්නේ කියලා අපි ඉල්ලා සිටිනවා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments