25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය සහ කම්කරු පූජාව කොල්ලුපිටියේදී..

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය සහ කම්කරු පූජාව කොල්ලුපිටියේදී..

මෙරට පැවැත්වෙන පැරණිතම කම්කරු රැලියක් වන ජාතික ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය සහ කම්කරු පූජාව 64 වන වරටත් අද(මැයි 01) කොල්ලුපිටිය පොල්වත්ත ශාන්ත මයිකල් දේවස්ථානයේ පැවැත්වුණි.වතු, ධීවර, කම්කරු, ඇඟලුම් ආදී ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් සහභාගී වූ කම්කරු රැලිය දේවස්ථාන අවට පරිශ්‍රයේ සංචාරය කිරීමෙන් පසු කම්කරු පූජාවට එක් වූහ. මෙම කම්කරු රැළියට හා සර්වාගමික පූජාවට කොළඹ දියෝකීසීයේ රදගුරු දුශාන්ත රුද්‍රිගු පියතුමා, කුරුණෑගල රදගුරු නිශාන්ත ප්‍රනාන්දු පියතුමා,ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහ ලේකම් සුජිත සිවනායගම් පියතුමා, කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය කැකිරාවේ සුදස්සන හිමි, අල්හාජ් මුනීර් මවිලවිතුමා ද එක් වූහ.කම්කරු පූජාවේ ප්‍රධාන දේශනය රොහාන් සිල්වා පියතුමා සිදු කළහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments