22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්අධ්‍යාපන පුවත්Apax Campus උපාධි ප්‍රදානෝත්සවය -2024 අභිමානවත් අයුරින් පැවැත්විණි.

Apax Campus උපාධි ප්‍රදානෝත්සවය -2024 අභිමානවත් අයුරින් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය විශිෂ්ඨත්වයේ ආලෝකයක් වන Apax Campus, එහි 2024 උපාධි ප්‍රදානෝත්සවය ඉකුත්(29) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉතාම අභිමානවත් අයුරින් ( BMICH) ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. . මෙම උත්සවය විශිෂ්ට ලෙස උපාධිය ලබා ගත් සිසුන් 170 කට අධික සංඛ්‍යාවක් තම වෘත්තීය ප්‍රයත්නයන් ආරම්භ කිරීමට සුදානම් වු ගමනේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කළහ..
Apax Campus හි දූරදර්ශී නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මීරාසායි ජෙස්ලින් රිෂාඩ් මහතාගේ
ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ කුලපති ගෞරවණීය ආචාර්ය ෆායිස් මුස්තාපා මහතාය. ඒ් ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී මේ අවස්ථාවට එක්වූහ.
මෙම උත්සවයට මාධ්‍ය සහ ශාස්ත්‍රාලික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පුද්ගලයින් සමඟ බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව සහ මාලදිවයිනේ මහා කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් ද පැමිණ සිටියහ.
මෙම අධ්‍යයන ජයග්‍රහණයේ වැදගත්කම අවධාරණය කළ අතර අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය පෝෂණය කිරීම සඳහා වු සහයෝගීතා ප්‍රයත්නයන් විද්වතුන් ඉස්මතු කළහ..
මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී ITC තාක්ෂණ විශ්ව විද්‍යාලය, ආර්ථික විද්‍යාව සහ කළමනාකරණය සඳහා ව්‍යවහාරික විද්‍යා FOM විශ්වවිද්‍යාලය, ජර්මනිය, පැසිෆික් ලින්ක් විද්‍යාලය වැනි කීර්තිමත් විශ්ව විද්‍යාල සමඟ අනුබද්ධිත සහ කීර්තිමත් නියෝජිතායතන විසින් ප්‍රතීතනය කරන ලද විවිධාකාර වැඩසටහන් හරහා කර්මාන්තයට සූදානම් වෘත්තිකයන් පෝෂණය කිරීමට Apax Campus හි කැපවීම මෙහිදි කැපිපෙනුණි..
” ඇපැක්ස් කැම්පස් ශ්‍රී ලංකාවට සහ ඉන් ඔබ්බට දීප්තිමත් අනාගතයක් කරා යන මාවත ආලෝකවත් කරමින් බලාපොරොත්තුවේ සහ ආනුභාවයේ ආලෝකයක් ලෙස පවතී” යනුවෙන් රිෂාඩ් මහතා ප්‍රකාශ කළේ අධ්‍යයන විශිෂ්ටත්වය සඳහා ආයතනයේ නොසැලෙන කැපවීම පිළිබිඹු කරමිනි.
උපාධි ප්‍රදානෝත්සවයට උපාධිධාරීන් පමණක් නොව ඔවුන්ගේ අභිමානවත් දෙමා පියන්, පීඨ සාමාජිකයින් සහ විවිධ අමාත්‍යාංශවල ඉහළ පෙළේ නිලධාරීන් ද සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ අනාගත නායකයින් හැඩ ගැස්වීමේ සහයෝගී ප්‍රයත්නයන් ඇගයීමට ලක් වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments