21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මැදපෙරදිග රැකියා සඳහා තත්වයෙන් ඉහළ වෛද්‍ය සහතික ලබාදීමේ වැඩපිළිවෙලක්...

මැදපෙරදිග රැකියා සඳහා තත්වයෙන් ඉහළ වෛද්‍ය සහතික ලබාදීමේ වැඩපිළිවෙලක්…

මැදපෙරදිග කලාපයේ රටවල රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමේදී ලබා ගන්නා වෛද්‍ය සහතිකවල තත්ත්වය වඩා විධිමත් කිරීම පිණිස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රි ලංකා ප්‍රතීතන මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාර්ශ්වයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ඊයේ දිනයේදී (03) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පියවර ගනු ලැබිණි.

මැදපෙරදිග රටවලට ශ්‍රමිකයින් පිටත් කර යැවීමේදී ගන්නා වෛද්‍ය සහතිකවල ප්‍රමිතිය සහ ඒ සඳහා ශ්‍රමිකයින්ගෙන් අය කරන ගාස්තු සම්බන්ධයෙන් පැන නගින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවද විශේෂ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත් කිරීමට පියවර ගනු ලැබ තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී අදාළ පාර්ශව සමග පැවති සාකච්ඡාවක් අනුව මෙම පත් කිරීම සිදු කළ අතර නිශ්චිත සති දෙකක කාලයක් තුළ කමිටුව රැස් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදුන්නේය.

එම වාර්තාව අනුව, අවශ්‍යතාවක් ඇතිවන්නේ නම් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර අදාළ ඉදිරි පියවර ගැනීමට සහ විදේශගත ශ්‍රමිකයින්ගේ ඉදිරි යහපත සඳහා අවශ්‍ය පියවර ගන්නා බවටත් අමාත්‍යවරයා එහිදී සහතික විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments