22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්අධ්‍යාපන පුවත්දේවිබාලිකාවෝ තාක්ෂණවේදයෙන් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වතීි...

දේවිබාලිකාවෝ තාක්ෂණවේදයෙන් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වතීි…

පූජනී රත්නායක

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිපලවලට අනුව ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව ඔස්සේ දිවයිනේ දෙවැනි ස්ථානය, තෙවැනි ස්ථානය, පස් වැනි ස්ථානය, අට වැනි ස්ථානය සහ දස වැනි ස්ථානය යන ස්ථාන ලබා ගැනීමට කොළඹ දේවි බාලිකා විද්‍යාලය සමත් සමත් වී ඇත. එමෙන්ම එම ජයග්‍රහණය කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය, දෙවැනි ස්ථානය, තෙවැනි ස්ථානය, සිවුවැනි ස්ථානය සහ පස් වැනි ස්ථානය ලෙස දැක්වේ. එම ජයග්‍රහණ ලබා ගත් සිසුවියන් සහ ඔවුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කළ ගුරු මණ්ඩලය සමඟ සිදු කළ සංවාදයකි.

ජෛව පද්ධති තාක්ෂණවෙදයෙන් දිවයිනෙන් 2 වැනි ස්ථානය සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් 1 වැනි ස්ථානය ලබා ගත් රෙෂානි තිශ්‍යා

මට මේ ජයග්‍රහණය ලබා ගන්න පාසලේ ගුරුභවතුන් ලොකු සහයෝගයක් ලබා දුන්නා. අපි පාසලක් විදියට නෙමෙයි එක පවුලක් විදියට තමයි වැඩ කටයුතු කරගෙන ගියෙ. අනාගතයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව තෝරා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා මල්ලිලාට මට කියන්න තියන්නෙ කිසිම බයක් සැකක් නැතුව මේ විෂය තෝර ගන්න කියලා. ප්‍රායෝගික විෂයක් විදියට මේ විෂය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මට මේ ජයග්‍රහණය ලබා ගන්න උදව් කළ මගේ දෙමාපියන්ටත්, ගුරු මහත්ම මහත්මීන්ටත් ගොඩක් ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කර ගන්නවා.

ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනෙන් 3 වැනි ස්ථානය සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් 2 වැනි ස්ථානය ලබා ගත් යෙහෙනි නෙතායා පෙරේරා

මම කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ආවෙ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා. මගේ පාසලේ විදුහල්පතිතුමියට සහ විදුහලේ ගුරු මණ්ඩලයට මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම තාක්ෂණ අංශයේ ආචාර්ය මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වෙනවා. ප්‍රායෝගික විෂය ධාරාවක් තමයි ජෛව පද්ධති තාක්ෂණවේදය කියලා කියන්නෙ. පාසල් වෙලාවෙන් පසුවත් අපි ප්‍රායෝගික ක්‍රියාකාරම්වල නිරත වුණා. අද කාලෙ මේ විෂය තෝරා ගන්න ගොඩක් අය පසුබට වෙනවා. නමුත් මම දකින විදියට මේ විෂය ඕනෑම කෙනෙකුට තෝරා ගන්න පුළුවන්. දිවයින පුරාම අපිට ඇතුළත් වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල පද්ධති තිබෙනවා. ඒ වගේම හොඳ පාඨමාලා තිබෙනවා. ඒ වගේම මේ ලබා ගත් ජයග්‍රහණය වෙනුවෙන් මම මගේ දෙමවුපියන්ට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ගුරුවරු සියලු දෙනාටමත් ස්තූතිවන්ත වෙනවා. ඒ අය මම වෙනුවෙන් ලොකු කැප කිරීමක් කළා. ඒ කැපවීම්වලට වටිනාකමක් දෙන්න පුළුවන් වීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙනවා.

ජෛව පද්ධති තාක්ෂණවෙදයෙන් දිවයිනෙන් 5 වැනි ස්ථානය සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් 3 වැනි ස්ථානය ලබා ගත් එසඳි සඳදහරා

මේ ජයග්‍රහණය පිළිබඳව මට නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. උසස් පෙළ විභාගයකට මුහුණ දෙනකොට අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ හැම අභියෝගයකටම හොඳින් මුහුණ දීලා මුල ඉදලම දැඩි අධිෂ්ඨානයකින් ක්‍රියා කළොත් මගේ නංගිලා මල්ලිලාටත් හොඳ ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මට අකුරකින් හරි උදවු කරපු ගුරුවරු සියළු දෙනාටමත්, මගේ දෙමාපියන්, යාළුවන් සියළු දෙනාටමත් ආඩම්බරයක් ලබා දෙන්න මට පුළුවන් වුණා. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමියටත්, අංශ භාර ගුරුභවතුන්ටත්, සියලුම විෂයන් උගන්වපු ගුරුවරුන්ටත් මේ අවස්ථාවේදී ගොඩක්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනෙන් 8 වැනි ස්ථානය සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් 4 වැනි ස්ථානය ලබා ගත් සුපුනි තරින්දි විජේසිංහ

මගේ පාසල මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ. පාසලෙන් අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා මේ ජයග්‍රහණය ලබා ගන්න. ඒ වගේම අපි සියලු දෙනාමත් ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. මනස එක තැනක තියා ගෙන, හැමදාම පාඩම් වැඩ කිරීමෙන් තමයි මේ ප්‍රතිපලය ලබා ගන්න පුළුවන් වුණේ. අනාගතයේ ඉතාමත්ම හොඳ රැකියා අවස්ථා තිබෙන විෂය ධාරාවක් විදියට තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වන්න පුළුවන්. නමුත් ගොඩක් දෙනෙක් මේ විෂය ධාරාව තෝරා ගන්ම බයයි. එහෙම වෙන්න එපා. ඉදිරි රැකියා අභියෝගය ජයගන්න තිබෙන හොඳ විෂය ධාරාවක් විදියට හඳුන්වන්න පුළුවන්. උසස් පෙළ විභාගය සඳහා අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා. ඒ වගේම මට මේ ජයග්‍රහණය ලබා ගන උදව් කළ සියළු දෙනාටමත් ස්තූතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා.

ජෛව පද්ධති තාක්ෂණවෙදයෙන් දිවයිනෙන් 10 වැනි ස්ථානය සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් 5 වැනි ස්ථානය ලබා ගත් අමන්දි තිරිමාන්න

මේ අවස්ථාවේදී මම මුලින්ම පාසලේ විදුහල්පතිතුමියටත්, අංශ ප්‍රධාන ගුරු මහත්මියට සහ පාසලේ ගුරු මණ්ඩලයටත් ස්තූතියි කරන්න කැමතියි. ඒ වගේම ඉතාමත් හොඳ විෂය ධාරාවක් විදියට ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත හරිම රසවත් විෂය ධාරාවක් වෙනවා. ඉලක්කයක් තියා ගෙන තමන්ගෙ වැඩ පෙළගස්ව ගන්න. යැයි පැවසුවාය.

අංශ ප්‍රධාන දම්මිකා අලුත්ගේ මහත්මිය

දේවි බාලිකා විද්‍යාලයට හරිම ආඩම්බර දිනයක් විදියට අද දවස හඳුන්වන්න පුළුවන්. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිටි දරුවන් දිවයිනේ 2, 3, 5, 8, 10 යන ස්ථාන ලබා ගෙන තිබෙනවා. ඉතාමත්ම කැපවීමකින් සහ උනන්දුවෙන් මේ දරුවන් අධ්‍යාපන කටයුතු සිදු කරගෙන ගියා. ඒ දරුවන්ගේ කැපවීමත් සමඟම දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කළ ගුරු මණ්ඩලයේ මනා කළමනාකරණය, සහයෝගය, සුහදශීලීභාවය යන දේවල් මේ සඳහා ලොකු උපකාඅරයක් වුණා. ඉගෙන ගැනීම සහ ඉගැන්වීම යන කටයුතු සියල්ලම හරි ආකාරව සිදු වීම තුළින් අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා. ඒ සඳහා ගුරුවරුන් වගේම දරුවන්ගේ දෙමවුපියනුත් ලොකු සහයෝගයක් දැක්වුවා. ඒ වගේම විශේෂයෙන්ම පාසලේ විදුහල්පතිතුමියටත් මම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා.

ජෛව පද්ධති තාක්ෂණවේදය ඉගැන්වීම් කටයුතු සිදු කළ අනෝජා කස්තුරිආරච්චි මහත්මිය

පෙර වසරවල වගේම මේ වසරෙත් දේවි බාලිකා විද්‍යාලය ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයෙන් ලංකාවේ උසස්ම ප්‍රතිපල පෙන්වන්න සමත් වෙලා තිබෙනවා. අපේ පාසලේ විදුහල්පතිතුමිය, අංශ ප්‍රධාන ගුරුතුමිය වගේම අපේ දරුවන්ගේ විෂයන් උගන්වන අනෙක් සහෝදර ගුරු මණ්ඩලයටත් මම වෙලාවේ මතක් කරනවා. ප්‍රතිපල පිළිබඳව අපි විශ්ලේෂණයක් කළොත් ලංකාවේ 2, 3, 5, 8, 10 ස්ථානය අපේ විද්‍යාලය විසින් ලබා ගෙන තිබෙනවා. එ ප්‍රතිපලය කොළඹ දිස්ත්‍රික්කයෙන් බැලුවොත් 1, 2, 3, 4, 5 යන ස්ථාන අපේ පාසලේ දූවරු ලබා ගෙන තිබෙනවා. ලංකාවේ විශිෂ්ඨ ප්‍රතිපල පෙන්වන්න දේවි බාලිකා විද්‍යාලයේ දූවරුන්ගේ පවතින ඉතාමත් උසස් ගතිගුණත් උදවු වෙනවා. සමස්තයක් විදියට ගත්විට ඔවුන් ගුරුවරුන්ට ගොඩක් කීකරුයි. ගුරුවරුන්ගෙ උපදෙස් ඉහළින්ම පිළිපදිනවා. ඒ වගේම දෛනිකව වැඩ කරනවා. පාසලේ පැමිණීම ඒ අයගෙ ඉතාමත්ම හොඳයි. 13 ශ්‍රේණියේ අවසන් වෙනකන්ම ඔවුන් පාසලට පැමිණෙනවා. ඔවුන් ගුරු මණ්ඩලයෙන් ගන්න පුළුවන් උපරිම සහයෝගය අරන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඉතාමත්ම උසස් විදියට කරලා උසස් ප්‍රතිපල ගන්නවා. පසුගිය වසරවලට වඩා හොඳ ප්‍රතිපල ඔවුන් මේ වෙනකොට ලබා ගන්නවා.

දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය
සුභාෂිණි දෙමටගොඩ මහත්මිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments