21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රටේ ඛනිජ සම්පත්කර්මාන්ත වල යෙදෙන අයගෙන් රාජ්‍ය භාභය අයකොට ඒ මුදල් ජනතා...

රටේ ඛනිජ සම්පත්කර්මාන්ත වල යෙදෙන අයගෙන් රාජ්‍ය භාභය අයකොට ඒ මුදල් ජනතා සුභසිද්ධියට යොදන්න- ප්‍රසන්න අධිකාරි

මහ පොළවත් එක්ක සම්බන්ධ ඛනිජ කර්මාන්ත දහස් ගණනක් මේ රටේ තිබෙනවා.එම කර්මාන්ත කරන අය රාජ්‍ය භාගය ගෙවන්නේ නෑ. ඒ් රටේ බලධාරින් එකතුවෙලා මේ රටේ ජනතාවට අයිති මේ සම්පත්වල රාජ්‍ය භාගය අරගෙන ජනතාාවගේ සුභසිද්ධියට යොදන ලෙස ඉල්ලන බව සමස්ත ලංකා ඛනිජ සම්පත් ව්‍යවසායකයින්ගේ සම්මේලනයේ උප සභාපති මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න අධිකාරි පවසයී.

ඒහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ් මහතා මෙසේද කීය……….මේ මහපොළවත් එක්ක සම්බන්ධ,ඛනිජත් එක්ක සම්බන්ධ කර්මාන්ත දහස් ගණනක් තියෙනවා.ඔවුන් කර්මාන්ත කරාට ඒ ඛනිජවල අයිතිය මේ රටේ මහපොළොවේ ජීවත් වන ජනතාවටයි.ඒ නිසා ඒකේ රාජ්‍ය භාගය රජයට හිමි විය යුතුයි.අද වෙනකොට වසර ගණනාවක් රාජ්‍ය භාගය නොගෙවූ කර්මාන්ත ඕනෑ තරම් තියෙනවා.ඒවා එය කරගන්න විධිමත් වැඩපිළිවෙලවල් නෑ.එනිසා අපි කියනවා දේශපාලකයන්ට නිලධාරීන්ට ඒ හා සම්බන්ධ ආයතන වල ප්‍රධානීන්ට කරුණාකරලා මේවාට මැදිහත් වෙලා මේ රාජ්‍ය භාගය අරගෙන ඒවා ජනතා සුභ සිද්ධිය සඳහා යොදවන්න කියලා.

විෂය භාර ඇමතිවරයත් ආරක්ෂක ඇමතිවරයත් රටේ මුල් පුරවැසියා ජනාධිපති හැබැයි ඔහු දන්නෑ මේ කර්මාන්තය සඳහා භාවිතා කරන වෙඩි බෙහෙත් කොච්චර ප්‍රමාණයක් මේ කර්මාන්තවලට යොදවනවාද කියලා.එහෙම දන්නවනම් අනුරාධපුරේ එක ගල් කොරි ව්‍යාපාරිකයකට විතරක් ඩෙටනේටර් කූරු විසි හතක් තියාගන්න අයිතියක් නැහැ.ඒ සම්බන්ධව තියෙන තොරතුරු සියල්ල ආරක්ෂක ලේකම්වරයාට පොලිසියට,මහජන ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දීලා තියෙනවා, සාරාල්ලට රටේ විනාශයක් කරන්න ගියේත් ඩෙටනේටර් කූරු හතක් අටක් පමණයි.මේ ඒක කර්මාන්තශාලාවකින් හොයාගත්ත ප්‍රමාණය.අනිත් ඒව මේ පූර්ණ ද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයක් භාවිතා කරනවද කියලා දන්නේ නැහැ.කොළ කෑලි වල නිල සංඛ්‍යා ලේඛන තිබුනට ඊට වඩා වැඩිපුර තියෙන්න පුළුවන්.ඒක රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ජනතාවගේ ජීවිත වලට තර්ජනයක් .සිද්ධියක් උනාට පස්සේ විමර්ශන කරනවට වඩා සිද්ධියක් වෙන්න කලින් මේ පිළිබඳව සොයා බලන්න කියලා අපි ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් සාමය පිළිබඳ අමාත්‍යවරයාටත් පොලිස්පතිවරයාට කියනවා .

මේ රටේ දේශපාලකයන්ට මේ මොහොතේ තියෙන්නේ පෙට්ටිකඩ වලට ගිහින් ආප්ප කන එකයි රොටී කන එකයි ප්ලේන්ටි ගහන එකයි නෙමෙයි, රටේ ජනතාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ඔවුන් ගොඩගන්නයි. ඒ නිසා අපි හැම පාලකයෙකුටම සහ පාලන බලයට එන්න ඉන්න හැම කෙනෙකුටම කියනවා ඛනිජ සම්පත තමයි ඒකට තියෙන එකම විසඳුම. සුද්දෝ අපිව අවුරුදු පන්සීයක් යටත් කරගෙන හිටියෙත් ඒ නිසයි. දැන් කලු සුද්දොයි නිලධාරියොයි දේශපාලකයොයි එකතුවෙලා ඒ ඛනිජ සම්පත කොල්ල කනවා. මේ මහ පොළොවෙයි, මහා සාගරයේයි තියෙන තරම් සම්පතක් අපිට වෙන නැහැ.ඒ සියලු සම්පත් අගය එකතු කිරීම් කරලා, වැඩිදියුණු කරලා, නවීන තාක්ෂණය එකතු කරලා, අපනයනය කරොත් ඒ ආදායමෙන් මේ රටේ ණය ගෙවන්න පුළුවන්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments