26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්මේ රටේ දුක් විිිඳින ජනතාව වෙනුවෙන් වැඩක් කළ හැකි එකම නායකයා ...

මේ රටේ දුක් විිිඳින ජනතාව වෙනුවෙන් වැඩක් කළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි -හිටපු පළාත් අමාත්‍ය ආරියවතී ගලප්පත්ති

හිටපු පළාත් අමාත්‍යවරයි මේ බව පැවසුවේ ත්‍රිකුණාමලයේදී පැවති ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ගලප්පත්ති මහත්මිය………..මම මෙම ස්ථානයට පැමිණියේ අපි වැඩකළ යුතුයි යන්න දැඩි අදහසක් ඇතිවු නිසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදිය හැකි බව පෙන්වා ‌දී තිබෙනවා.

ඇමැති මනූෂ නානයක්කාර මහතා සමග වැඩකරන්න ඔ්නේ කියන එක මට හැඟුණා. එසේ වුණොත් තිබෙන ප්‍රශ්න රැසකට විසඳුම් ලබාගත හැකියි. මේ රටේ දුක් විඳින ජනතාව ඉන් මුදවාගෙන ස්ථිර විසඳුම් දිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියන දැන් අපි කාටත් තේරුම් යනවා. ඒ් නිසයි මම මේ ස්ථානයට පැමිණියේ. මේවනවීිට ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයට කර තිබෙන වැඩ හා කරන්න අවශ්‍ය වැඩ මොනවාද කියලා සැලසුම් මේ නායකත්වය ළඟ තිබෙනවා. මෙහි පාරක් හදන්න ගියත්, වරායට හා මාළු මාර්කට් එකට ගියත් ගැටලු තිබෙනවා. ඒ් නිසා මේ ගැටලු විසඳන්න නිසි විසඳුම් අපි ළඟ තිබෙන්න ඔ්නේ. තව දුරටත් සිංහල,දෙමල හා මුස්ලිම් වශයෙන් අපි බෙදි සිටිය යුතු නෑ ශ්‍රී ලාංකික ජාතිය ලෙස අපි සියලු දෙනා එකමුතු විය යුතුයි. ඒ එකතු වුණොත් විතරයි අපිට මේ සීයලු ගැටලුවලට විසඳුම් ලබාගත හැක්කේ කියන එක අපි සියලු දෙනා වටහා ගත යුතු බව අවධාරණය කරනවා. මගේ මේ ගමනට එදා සිටම එක්සත් ජාතික පක්ෂය මට ශක්තියක් ලබාදී තිබෙනවා. මෙය ඊයේ පෙරේදා පැමිණි ගමනක් නොවේ.

මම වාගේම දහස් ගණින් එක්සත් ජාතික පක්ෂය වටා එක්වෙනවා කියන එක නිසැක බව කිව යුතුයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments