28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොවිඩ් මළ සිරුරු කොන්ක්‍රීට් වළක භූමදානයට යෝජනාවක්

කොවිඩ් මළ සිරුරු කොන්ක්‍රීට් වළක භූමදානයට යෝජනාවක්

කොවිඩ් – 19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කොන්ක්‍රීට් යෙදූ සිමෙන්ති වළක සිදුකළ හැකි බවට යෝජනාවක් මීළඟ කොවිඩ් තාක්ෂණික කමිටුවට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.

මෙම වයිරසය වැඩි කාලයක් මෘතදේහ තුළ නොපවතින බැවින් ඉදිරියේදී එය එතරම් ගැටලුකාරී තත්ත්වයක් නොවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

පසුගියදා පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේ ජලය එකතු නොවන ක්‍රමවේදයකට මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය සඳහා සකස් කළ යුතු බවයි. එබැවින් වඩාත් සාර්ථක ක්‍රමවේදය මෙය වන බව වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් පැවසීය.

කොවිඩ් -19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා අවම වියළි භූමියක් ඒ සඳහා තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments