21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මැද පෙරදිග ගැටුම් වර් ධනය වුනොත් විදේශගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වන්න වෙනවා-ඇමැති මනූෂ...

මැද පෙරදිග ගැටුම් වර් ධනය වුනොත් විදේශගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වන්න වෙනවා-ඇමැති මනූෂ නානයක්කාර

ඩොලර් ප්‍රශ්නයක් ඇති වෙනවා. අපේ රටට ඒක අර්බුදකාරී ලෙස බලපානවා,ගැටුම් වර්ධනය වුනොත් සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට සූදානම්,ඒ සදහා ඩොලර් මිලියන 05 කට වැඩි මුදලක් දැනටමත් වෙන්කරලා ඉවරයි.

ඔවුන්ව ගෙන්වා ගන්න තුරු ආරක්ෂිත ස්ථාන වල තබමින් ඔවුන්ව ලංකාවට ගෙන්වා ගන්නා තුරු ඔවුනට අවශ්‍ය සියලු පහසුමක් ලබා දෙන්න සැලසුම් සුදානම් කරලා තියනවාමුහුදෙන් ගොඩබිමෙන් ඕනෑම ආකාරයකින් හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිවරයා වෙනම කමිටුවක්ද පත් කර තිබෙනවා.ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා වෙනමම දුරකථන අංකයක්ද ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි විදේශ ශ්‍රමිකයන්ට කියන්නේ මේ වෙලාවේ කලබල වෙන්න එපා.දේශ සීමා තරණය කරන්න ලෑස්ති වෙන්න එපා.ආරක්ෂාකාරීව වැඩ කටයුතු ටික කරගෙන ඉන්න.ඒ වගේම මැද පෙරදිග මෙවැනි ගැටුමක් ඇතිවුණොත් අපේ රටේ තවත් අර්බුදයක් ඇතිවෙන්න පුළුවන් විදේශ ශ්‍රමිකයන් එවන මුදල්වලින් තමයි තෙල් ගෑස් ගෙන්නන්නේ.ඒක නිසා යුද්ධයක් ඇති නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

මැද පෙරදිග සිටින විදේස්ගත ශ්‍රමිකයින්ට රජය ලබාදෙන පණිවුඩ ක්‍රියාකරන්න උපදෙස් ලබාදෙන අතර සෘජු දුරකතන අංයක් හඳුන්වා දෙන්නත් ආරක්ෂාකාරි ස්ථානවලට යෑඹට අවස්ථා උදාකරන්නත් අවශ්‍ය වුණොත් ළඟ රටකට යෑමට කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments