පිළියන්දල, ඇරැව්වල ප‍්‍රදේශයේ පිහිටි කාගීල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළෙදසැලේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එහි තවත් සේවකයින් 6 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
මේ අතර ඇරැව්වල පිහිටි කාගීල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළද සැලෙහි සේවක සේවිකාවන් 16 දෙනෙකු පී සී ආර් පක්‍ෂණය සදහා යොමු කර තිබෙනවා. එහි වාර්තා හෙට හෝ අනිද්දා ලැබීමට නියමිතයි.
කොරෝනා වෛරසය ආසාදනය වූ එක් සේවකයෙකු එම සුපිරි වෙළෙද සැලේ එළවලූ සහ පලතුරු අංශයේ සේවය කර තිබුණා. ඔහුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ පසුගිය දෙසැම්බර් 24 වෙනිදායි. එම දින උත්සව සමය හේතුවෙන් මෙම සුපිරි වෙළෙද සැලට බොහෝ පාරිභෝගිකයින් පිරිසක් පැමිණ තිබෙනවා.
කාගීල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළෙද සැල් ජාලය සතුව තවත් වෙළෙද සැල් කිහිපයක්ම එම ප‍්‍රදේශයේ පිහිටා තිබෙන අතර සේවකයින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකලා නම් සැපයුම් ජාලය හරහා වෛරසයේ ව්‍යාප්තිය අනෙක් වෙළෙද සැල් වල සේවකයින්ට ද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ සැක පළ කරනවා.
පවතින අවධානම සැලකිල්ලට ගනිමින් ඇරැව්වල පිහිටි එම සුපිරි වෙළද සැල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.