සියලුම ජනාධිපති අපේක්ෂකයින්ට ලංකා මාධ්‍ය හා සන්නිවේදන වෘත්තීයවේදීන්ගේ කාර්යංශයෙන් 10 දස වැදෑරුම් යෝජනාවලියක්…….
2024-08-25
රනිල් වික්‍රමසිංහ මහතා-ස්වාධීන ජනාධිපති අපේක්ෂක
සජිත් ප්‍රේමදාස මහතා-ජනාධිපති අපේක්ෂක / සමගි ජන බලවේගය
අනුර කුමාර දිසානායක මහතා-ජනාධිපති අපේක්ෂක/ ජාතික ජන බලවේගය
නාමල් රාජපක්ෂ මහතා-ජනාධිපති අපේක්ෂක/ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ඩිලිත් ජයවීර මහතා-ජනාධිපති අපේක්ෂක / සර්ව ජන බලය
විජේදාස රාජපක්ෂ මහතා-ජනාධිපති අපේක්ෂක
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා-ජනාධිපති අපේක්ෂක
රොෂාන් රණසිංහ මහතා-ජනාධිපති අපේක්ෂක
ජනක රත්නායක මහතා- ජනාධිපති අපේක්ෂක
ජනාධිපති අපේක්ෂකතුමණි,
ශ්‍රී ලංකාව තුළ යහපත්-ගුණවත් බහුතර ජනතාවගේ හිතසුව පිණිස වන ජන මාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැඟීම සඳහා ජන මාධ්‍ය ප්‍රතිපත්තියක් බිහි කිරීමට ජනාධිපති අපේක්ෂකයින් වෙත, ලංකා මාධ්‍ය හා සන්නිවේදන වෘත්තීයවේදීන්ගේ කාර්යාංශය ඉදිරිපත් කරන දස (10) වැදෑරුම් යෝජනාවලිය ඃ
(1) මාධ්‍යවේදීන්ට පිරිපුන් වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමට ස්වාධීන මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ වරලත් ආයතනයක් බිහිකිරීම.
1.1. මාධ්‍යවේදියා හා මාධ්‍ය වෘත්තීයභාවය නිර්වචනය කිරීම.
1.2. සියලුම මාධ්‍යවේදීන්ට න්‍යායිකව හා ප්‍රායෝගිකව ජන මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යාපනය ලබාදීම.
1.3. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ආශ්‍රීතව පදනම් පාඨමාලා/සහතික පත්‍ර පාඨමාලා/ ඩිප්ලෝමා පාඨමාලා/ උසස් ඩිප්ලෝමා පාඨමාලා/ උපාධි පාඨමාලා/ පශ්චාද් උපාධි පාඨමාලා ආරම්භ කිරීම.
(2) සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය ලබමින් න්‍යායිකව හා ප්‍රායෝගිකව පුහුණුව ලබන මාධ්‍යවේදීන් වෘත්තීයභාවයට පත්කිරීම උදෙසා ජාතික වෘත්තීය සුදුසුකම හෙවත් භඪූ මට්ටම ලබාදීමට පියවර ගැනීම.
2.1. ඒ අනුව භඪූ-3 පදනම් පාඨමාලාව සඳහාද, භඪූ-4 සහතික පත්‍ර පාඨමාලාවට, භඪූ-5 ඩිප්ලෝමා පාඨමාලාවට, භඪූ-6 උසස් ඩිප්ලෝමා පාඨමාලාවට, හා භඪූ-7 උපාධි පාඨමාලාව සඳහා ව්‍යුහගත හා ප්‍රායෝගික පරීක්ෂණයකට ලක්කර ලබාදීම.
2.2. මෙම භඪූ සහතිකලාභී මාධ්‍යවේදීනට ූඍ කේතයක් සමඟ ලියාපදිංචි අංකයක් ලබාදීම.
2.3. මෙම මාධයවේදීනට භඪූ මට්ටම අනුව පිළිගත් හැඳුණුම්පතක් ලබාදීම.
2.4. මාධ්‍යවේදියාගේ වෘත්තීය පෞරුෂත්වය යහපත්ව ගොඩනැගීමට පියවර ගැනීම.
(3) වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංවිධානයක් බිහිකිරීම මඟින් ඔවුන් ප්‍රායෝගිකවම වෘත්තීය ආචාරධර්ම පිළිපැදීමට ගිවිසුම්ගත කිරීම.
3.1. මාධ්‍ය සංවිධාන ඔස්සේ මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සකස් කර එකී ආචාරධර්ම පිළිපැදීමට මාධ්‍යවේදීන් පෙළඹවීම.
3.2. මාධ්‍ය ආයතනගත ආචාරධර්ම සංග්‍රහය පිළිපැදීමට පෙළඹවීම.
(4) සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන වෘත්තීය පුහුණුව ලබා ලියාපදිංචිය ලබා සිටින වෘත්තීය මාධ්‍යවේදීන් සමාජ පිළිගැනුමකට ලක්කිරීම හා ඔවුන්ගේ අභිමානය, ගෞරවය සුරැකීම.
4.1. සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන සේවාවන් සඳහා වෘත්තීය මාධ්‍යවේදීන් පමණක් බඳවා ගැනීමට පියවර ගැනීම.
4.2. වෘත්තීය මාධ්‍යවේදීන් බඳවා ගන්නා අධ්‍යාපන සුදුසුකම් නියම කිරීම.
4.3. වෘත්තීය මාධ්‍යවේදීන් බඳවාගන්නා බඳවා ගැනීමේ පරිපාටියක් නියම කිරීම.
4.4. වෘත්තීය මාධ්‍යවේදියාට පත්වීම් ලිපියක් හා රැකියා සුරක්ෂිතභාවය ඇති කරන ගිවිසුමක් අත්සන් කිරීම මඟින් නිසි වේතනයක්, දීමනාල ෑඔත් හා ෑඡත් ලබාදීම.
(5) මාධ්‍යවේදී සුරක්ෂිතභාවය හා යහ පැවැත්ම ඇති කිරීමට පියවර ගැනීම.
5.1. මාධ්‍යවේදීන්ට රක්ෂණාවරණයක් ලබාදීම.
5.2. මාධ්‍යවේදී විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇතිකිරීම.
5.3. මාධ්‍යවේදී ණය යෝජනා ක්‍රම ඇති කිරීම.
5.4. මාධ්‍යවේදී ශුභසාධනය ඇති කිරීම.
5.5. මාධ්‍යවේදී සංරක්ෂණ අරමුදලක් ඇති කිරීම.
(6) මාධ්‍ය ප්‍රමිතිය, ආචාරධර්ම, විනය, ශික්ෂණය වර්ධනය කිරීම.
6.1. මාධ්‍ය වෘත්තිය ඉහළම ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමට වගවීම.
6.2. මාධ්‍ය ආචාරධර්ම ඔස්සේ ජනතා යහපත හා සුභසෙත වෙනුවෙන් මාධ්‍යවේදීන් ස්වයං නියාමනයට යොමුකිරීම.
6.3. මාධ්‍ය තුළ පැවතිය යුතු, බහුතර ජනයාගේ හිතසුව පිණිස වාර්තාකරණය සුරක්ෂිත කිරීම මඟින් මාධ්‍ය විනය, ශික්ෂණය සුරැකීම.
(7) සෑම මාධ්‍ය ආයතනයක්ම මහජන විශ්වාසය සුරකිමින්, යහ ගුණ පිරි ඉහළ ප්‍රමිතියෙන් යුතුව වගවීමෙන් පවත්වාගෙන යාමට මාධ්‍ය හිමිකරුවන් පෙළඹවීම.
7.1. මාධ්‍ය ආයතන වල ප්‍රකාශනයන්හි ඉහළ ප්‍රමිතිය සුරැකීමටත්, මාධ්‍ය අන්තර්ගතයට එරෙහි මහජන පැමිණිලි විමර්ශනය කිරීමටත්, මහජන විවේචන පිළිගැනීමටත්, ඒවාට විසඳුම් ලබාදීමටත් මාධ්‍ය ආයතන සඳහා මාධ්‍ය ඔම්බුඩ්ස්මන්වරයෙක් (දුක්ගන්නාරාළ) පත්කිරීමට පෙළඹවීම.
7.2. මාධ්‍ය අන්තර්ගතය තුළ හිංසනය, ප්‍රචන්ඩත්වය, අවභාවිතවීම් හා අනීතික ක්‍රියාවන් පාලනය කිරීමට පියවර ගැනීම.
7.3. ආයතනගත හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සුභසාධන කටයුතු ඉටු කිරීමට පියවර ගැනීම.
(8) මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමට ප්‍රායෝගිකවම පියවර ගැනීම.
8.1. මාධ්‍යවේදියාගේ නිදහසට සෘජු ලෙස බලපාන අණපනත් යාවත්කාලීන කිරීම.
8.2. සෑම වෘත්තීය මාධ්‍යවේදියෙකුටම බලපෑමෙන් තොරව නිදහසේ මාධ්‍යකරණයේ යෙදීමට සුදුසු පරිසරයක් රාජ්‍ය හෝ පෞද්ගලික සෑම මාධ්‍ය ආයතන හිමිකරුවෙක් විසින්ම සහතික කිරීම.
8.3. සෑම මාධ්‍යවේදියෙකුටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ලේඛනයේ, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහතික කිරීමට රජය උපරිම අයුරින් කටයුතු කිරීම.
8.4. රජය-මාධ්‍ය සංවිධාන-මාධ්‍යවේදීන්-අයිතිකරුවන්-මාධ්‍ය ප්‍රධානීන්-මාධ්‍ය විද්වතුන් එකතු වී, මාධ්‍ය ප්‍රමිතිය හා මාධ්‍ය නිදහස සුරකින සම්මුතියකට පැමිණීම හා මාධ්‍යවේදී අයිතීන් සුරැකීම.
(9) රජයේ හා පෞද්ගලික ආයතන මඟින් පවත්වනු ලබන සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, වෙළෙඳ ප්‍රචාරණය, මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය වැනි විවිධ පාඨමාලා ප්‍රමිතිගත කිරීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම.
9.1. එහි වගකීම මාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනයට පැවරීම.
9.2. පවත්වනු ලබන සියලු පාඨමාලා සඳහා ජාතික වෘත්තීය සුදුසුකම හෙවත් භඪූ මට්ටම ලබාදීමට පියවර ගැනීම.
9.3. මාධ්‍ය හා සන්නිවේදන අභ්‍යාස ආයතන සියල්ලම වරලත් ආයතනය තුළ ලියාපදිංචි කිරීමට පියවර ගැනීම.
(10) මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඇතු`එ සියලුම මාධ්‍ය කාර්යන් මඟින් සිදුකෙරෙන ආචාරධර්ම කඩවීම්, වැරදි අනීතික ක්‍රියා, අවභාවිතවීම් වැළක්වීම හා නියාමනය කිරීමට පියවර ගැනීමටත්, වැරදි විමර්ශනය කිරීමටත්, ඊට අදාළ පියවර ගැනීමටත්, හැකිවන පරිදි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, :ීරස ඛ්බන් ඵැාස් ක්‍දමබජසක* ශ්‍රී ලංකා මාධ්‍ය මණ්ඩලයක් බවට පත් කිරීමට පියවර ගැනීම.
10.1. එම මාධ්‍ය මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 27 කට, සීමා කිරීම.
10.2. එම සාමාජික සංඛ්‍යාවෙන් 2/3 ක්, මාධ්‍ය වෘත්තීය නියෝජනය කරමින් හා සිවිල් විද්වත් සංවිධාන නියෝජනය කරමින් පත්කිරීම හා ඉතිරි 1/3 හෙවත් 9 දෙනා ජනාධිපති-අගමැති-කතානායක-ජනමාධ්‍ය ඇමති-විපක්ෂනායක-අගවිනිසුරු-නීතිඥ සංවිධාන-ආගමික හා ජාතික නියෝජනය වන පරිදි නියෝජිතයින් පත්කිරීම.
10.3. මාධ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත්කිරීම.
මෙම මාධ්‍ය වෘත්තීයභාවය, මාධ්‍ය සංස්කෘතිය හා මාධ්‍ය සාක්ෂරතාවය ගොඩනඟන දස යෝජනාවන් ඔබගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කිරීමට හෝ ඉදිරි කාලයේ ක්‍රීයාත්මක කරන බවට ප්‍රකාශයක් හෝ රටේ පුරවැසි ජනතාවට ලබාදෙන මෙන් ඉල්ලමි.
ස්තුතියි
මෙයට-සේවයට ලැදි,
දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ
සභාපති- ආසියානු මාධ්‍ය ක්‍රීයාකාරීත්ව සහයෝගීතාවය
සභාපති- ලංකා මාධ්‍ය සා සන්නිවේදක වෘත්තීයවේදීන්ගේ කාර්යාංශය.
ප්‍රසන්න අධිකාරී
ප්‍රධාන ලේකම්- ලංකා මාධ්‍ය හා සන්නිවේදක වෘත්තීයවේදීන්ගේ කාර්යාංශය.