ඒ මහතා ඉකුත් (30) මානව හිමිකම් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතා මෙම ප්‍රකාශය සිදුකළේය එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය……. අපි මානව හිමිකම් කොමිසම වෙත පැමිණියේ අපි විසින් දැමු පැමිණිල්ලකට අනුව එහි වග උත්තරකරුවන් ගෙන්වා විභාගයක් පවත්වන්නයි. ඒ අනුව පොලිස්පතිගේ නියෝජිතයකු, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව යනඅදාල ආයතනවල නිලධාරින් මෙම කොමිසම හමුවට කැඳවලා තිබෙනවා. එහිදි අපි සාධාරණයක් බලාපොරොත්තුවෙනවා. මෙම ව්‍යාපාරය ලංකාවේ පමණක් නොවේ ජාත්‍යාන්තරය තිබෙන ශක්තිමත් ව්‍යාපාරයක්. නිරෝගිමත් ජීවිතයක් සඳහා ස්ත්‍රී පුරුෂ අය සම්භාහන ප්‍රතාකාරය ලබාගන්නවා. මෙම ව්‍යාපාරයට අපේ රටේ තිබෙන චිත්‍රය විකෘති වි තිබෙන්නේ මෙය ගණිකා නිවාස ගණයට පත් කර තිබීමයි. මෙය එවැනි දෙයක් නොවන බව අපි අවධාරණය කර සිටිනවා.
සම්භාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා අද සෑම නගරයකම බහුල වශයෙන් දකින්න හේතුව තමයි වසර 2019 වනතුරු මේ රටේ එම මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට බලපත්‍ර ක්‍රමවේදයක් තිබුණා එය එම වසරේ සිට අත්හිටුවනු ලැබුවා. ඉන් පසු මේ ව්‍යාපාරය අයාලේ ගියා නැත්නම් මේ තරම් සෑම නගරයකම ස්පා තිබෙන්න බෑ. ඒ නිසා අපි පැවැති රජයන්වලටත් ලබාදුන්නා වගේම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමගත් සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදි අපිට එම කාර්යාලයත් සමග කටයුතු කිරීමට අධ්‍යක්ෂ ජනරාල් වරයකු ලබාදී තිබෙනවා. ඇත්තෙන්ම ලංකාවේ ස්පා නොහොත් මෙම සම්භහන මධ්‍යස්ථාන නියාමනය කිරීමට වැඩපිළිවෙලක තිබෙන අවශ්‍යතාවය අපි පෙන්වාදී තිබෙනවා.
මෙහි රාජකාරි කරන ළමයින් NVQ Level 4 මට්ටමේ පුහුණුවක් ලබාදෙන්න ශ්‍රී ලංකා පදනම් ආයතනවත් සමග අපි කටයුතු කරන අතර එහි පළමු කණ්ඩායම පුහුණු පාඨමාලාව අවසන් කොට ලබන දෙසැම්බර් මාසයේදි ඉන් පිටවෙනවා. එවැනි ප්‍රමිතියෙන් යුතු සේවක පිරිසක් තමයි ස්පා නොහොත් මෙම සම්භාහන මධ්‍යස්ථානවල සේවය කරන්නේ. දෙවන කණ්ඩායම පුහුණුවට සූදානම් කර සිටිනවා.
සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂ ඉල්ලුමක් තිබෙන දෙයක්වන ස්පා එකකට අද විදේශකයකු අරගෙන එන්න සංචාරක මග පෙන්වන්නන් බයයි. මොකද පොලිසියෙන් පැනලා අල්ලාගෙන යනවා ඒ නිසා විදේශිකයන් සම්භාහන කටයුතු කරගන්න මැලෙසියියා, තායිලන්තය හා ඉන්දියාව යන ආසන්න රටවලට යනවා. ඒ නිසා අපි නව රජයෙන් ඉල්ලන්නේ මේ ව්‍යාපාරය කලින් තිබුණා වගේ විධිමත් කරන්න කටයුතු කරන්න ප්‍රමිතිය ඇති කරන්න මෙම ව්‍යාපාරයටත් ,හිමිකරුවන්ටත්, සේවකයින්ටත් වටිනාකමක් තිබෙන අංශයක් බවට පත්කරන්න. ඇත්තෙන්ම කොටින්ම කිව්වොත් ස්පා කියන්නේ ගණිකා නිවාස නොවේ එවැනි දේවල්වලට නීතිමය පියවර ගත්තාට අපිට කිසිම ගැටලුවක් නෑ.
අද බොහො ස්ථානවල අධිකරණ තීන්දුවක් නැතිව මේවගේ සේවයේ යෙදෙන අයව ගණිකාවන් කියලා ප්‍රසිද්ධයේ මාධ්‍යවල පෙන්වනවා. මේවා මානවහිමිකම් කඩකිරීමක්.
මෙම සංගමයේ ජාතික සංවිධායක නලින් කුමාර මහතා….මේ වෘත්තීයේ යෙදෙන සේවක සේවිකාවන් බොහෝමයක් පීඩිත පන්තියේ අයයි. මේ ක්ෂේත්‍රයේ ලක්ෂ හතරක් පමණ සේවය කරන අතර වක්‍රව සුවඳවිලවුන් ඇතුළු නොයෙක් භාණ්ඩ සපයමින් ලක්ෂ පහළොවක් පමණ සේවාවල යෙදි සිටිනවා. වසර 2019න් පස්සේ තමයි මේ සියලු ප්‍රශ්න ඇතිවුණේ ඊට පෙර වසරින් වසර මෙම මධ්‍යස්ථාන නියාමනයක් සිදුවුණා. හොඳට ව්‍යාපාරය ගෙන ගියා ගණිකා මධ්‍යස්ථාන ලෙස වැරැදි චිත්‍ර තිබුණේ නෑ. මේ විදිය එක නගරයක මධ්‍යස්ථාන (ස්පා) හය හත තිබුණේ නෑ. නිසි නියාමනයක් නැති නිසා මේ විධියට අයාලේ ගියේ.
මෙම ව්‍යාපාරය මගින් අපේ රටට විශාල විදේශ විනිමයක් උපයාගත හැකියි මෙම ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමටයි බොහෝ විදේශකයින් මෙරටට එන්නේ අපි එම මුදල් වෙනත් රටවලට ලබාදීමට පියවර ගන්න බව කිව යුතුයි. ඒ කඩිනමින් මේ ව්‍යාපාරයට නිසි ක්‍රමවේදයක් සකස් කරන්න කියා ඉල්ලා සිටිනවා.
නීතිඥ සුසන්ත ගුණවර්ධන මහතා මෙම ව්‍යාපාරය කරගෙන යෑමට මේ අය ක්‍රමවේදයක් ඉල්ලනවා පැවැති ක්‍රමවේදය අත්හිටුවා තිබෙන නිසා දැන් මේක අයාලේ යන ව්‍යාපාරයක් විතරක් හොඳින් කරගෙන යන අයටත් අවලක්ෂණ ස්වරූපයක්ද ලැබි තිබෙනවා. අදත් එවැනි කටයුත්තක් සඳහා මානව හිමිකම් කොමිසමට යොමුකළ පැමිණිල්ලකට අනුව සියලු දෙනා කැඳවා තිබෙන අතර මීට සාධාරණයක් ලබාගැනීමට අපි මෙතනින් නොවැති ශ්‍රේෂාඨාධිකරණයට පවා යෑමට කල්පනා කරනවා.