21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු...

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති හමුවේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රෙ ෆ්‍රැන්චෙ (Marc-André Franche) සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර හමුවක් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී (21) සිදුවිය.

එහිදී නව රජයේ වැඩපිළිවෙල පිළිබඳව මාර්ක් අන්ඩ්‍රෙ ෆ්‍රැන්චෙ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් සිය සතුට පළ කරන ලදී. එමෙන්ම නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමටත් දූෂණය පිටුදැකීමටත් ගෙන ඇති පියවර පිළිබඳව ඒ මහතා සිය ප්‍රසාදය පළ කළ අතර එම වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දෙන බවත් ප්‍රකාශ කර සිටින ලදී. එපමනක් නොව ජාතීන් අතර සමගිය ගොඩනැගීමත් ඇතුළු වැදගත් දේශපාලන හා සමාජීය කාරණා රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රෙ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය හා සංවර්ධන උපදේශක පැට්‍රික් මැකාර්ටි (Mr. Patrick Mc Carthy) මහතා සහ සාමය සහ සංවර්ධන විශ්ලේෂක නෙත්මිණී මැදවල මෙනෙවියත් සහභාගී වන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments