22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්අධ්‍යාපන පුවත්WIZDOM අධ්‍යාපන ප්‍රදර්ශනය ලබන 7 හා 8 කොළඹ සහිරා විද්‍යාලයේදී...

WIZDOM අධ්‍යාපන ප්‍රදර්ශනය ලබන 7 හා 8 කොළඹ සහිරා විද්‍යාලයේදී…

පාසැල් දරුවනේ ඔබේ අනාගත දිශානතිය සකස් කර ගැනීමට කොළඹ සහිරා විද්‍යාලයේ ලබන 7 හා 8 පැවැත්වෙන WIZDOM අධ්‍යාපන ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්න – සහිරා විද්‍යාලයේ විදුහල්පති

අනුර ප්‍රේමලාල්

මෙම අධ්‍යාපන ප්‍රදර්ශනය කොළඹ සහිරා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන අතර රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල, වෘත්තීය පුහුණු අධිකාරිය මෙන් රජයේ වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන ආයතනය හා පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපනය ලබාදෙන විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණුව ලබාදෙන ආයතනවලින් කූඨි විසිපහක් පමණ ‍ මෙම ප්‍රදර්ශනයට පැමිණීමට නියමිතයි.

එමෙන්ම මෙම අධ්‍යාපන ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන දූදරුවන්ට උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට සම්බන්ධවීමෙදී සහන ගාස්තු අයකිරීමේ වැඩපිළිවෙලක් සංවිධායකයින් කටයුතු යොදා තිබේ.කොළඹ හා ඒ අවට පාැසල් හැටකට පමණ මෙම ප්‍රදර්ශනය නැරඹීමට ඇරයුම් ලබා ඇත.

මේ සඳහාවන විශේෂ මාධ්‍ය හමුවක් ඉකුත්(28) එම විද්‍යාලීය පිහිනුම් තටාක සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සහිරා එහිදි විද්‍යාලයේ විදුහල්පති ට්‍රිස්වි මරික්කාර් සහ ව්‍යාපෘති සභාපති ඉෆ්රාස් කමිල් මාධ්‍ය වෙත අදහස් දැක්වූහ.

වසර 133 කට වැඩි කාලයක්පුරා සහිරා විද්‍යාලය පරම්පරා ගණනකගේ මනස සහ අනාගතය හැඩගස්වමින් අධ්‍යාපන විශිෂ්ටත්වයේ චිරස්ථායි සංකේතයක් ලෙස පවතී. 1892 දී එහි නිහතමානී ආරම්භයේ සිට කීර්තිමත් විද්‍යාලයක් ලෙස වර්තමාන තත්ත්වය දක්වා, සහිරා විද්‍යාලය එහි පොහොසත් දැනුම, සම්ප්‍රදාය සහ නව්‍යකරණයන් ආරක්ෂා කිරීමට කැපවී සිටී.

සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ජීවිත කාලය පුරාවටම ඉගෙනීම දිරිගැන්වීමේ සහ අසමසම විශිෂ්ටත්වය පෝෂණය කිරීමේ මෙහෙවර සමඟින් පෙළ ගැසී සිටින සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය WIZDOM Education Fair 2025 ඉතාමත් කැපවීමකින් හා සතුටකින් සංවිධානය කරනු ලබයි.

මෙම අධ්‍යාපන ප්‍රදර්ශනය 2025 පෙබරවාරි 7 සහ 8 යන දිනයන්හිදී කොළඹ සහිරා විද්‍යාලයේදී පැවැත්වෙන අතර, WIZDOM අධ්‍යාපන ප්‍රදර්ශනය සිසුන්ට, දෙමාපියන්ට, අධ්‍යාපනඥයින්ට සහ ආයතනවලට අධ්‍යයන අවස්ථා, වෘත්තීය මාර්ග සහ වෘත්තීය වර්ධනය ගවේෂණය කිරීම සඳහා අගනා වේදිකාවක් වනු ඇති බව අවධාරණය කර සිටිමු.

මෙම සුවිශේෂි දෙදින අධ්‍යාපන හෙට දවසේ ඔබේ අනාගත අභියෝග ජයගැනීමට දැනුම, සම්බන්ධතා සහ සම්පත් සමඟ සවිබල ගැන්වීම අරමුණුවේ. පළමු දින සිසුන් විවිධ අධ්‍යාපන ආයතනවල නියෝජිතයන් සමඟ සම්බන්ධ වී නැගී එන ප්‍රවණතා, ජාලකරණ අවස්ථා සහ විවිධ වෘත්තීය මාර්ග පිළිබඳ අවබෝධය ලබා ගත හැක. දෙවන දිනය ප්‍රධාන සිදුවීම් දෙකකින් සමන්විත වේ. එනම්, සිසුන් 500ක් සඳහා අධ්‍යයන ප්‍රවීණයන් පවත්වනු ලබන උසස් පෙළ සම්මන්ත්‍රණ සහ රුපියල් 200,000ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන වයස් කාණ්ඩ හතරක් ඇතුළත් චිත්‍ර තරඟය.

ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති මොහොමඩ් කාසිම්, පාලක මණ්ඩලයේ ලේකම් නුස්රි මුන්සූර්, ප්‍රකට ව්‍යවසායක ප්‍රධාන අනුග්‍රාහක සභාපති ෂියාන් ෂෆාර්ඩීන්, ලේකම් ඕ.බී.ඒ හුසේන් අසාද් සහ සාමාජිකයින් අනුග්‍රාහකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WIZDOM අධ්‍යාපන ප්‍රදර්ශනයට පැමිණ ඔබේ ජීවිතයට විපුල ප්‍රයෝජන ලබාදීම සහිරා විද්‍යාලයේ ආදීන්ගේ ඒකායන පරමාර්ථයයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments