
පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව (3) මීගමුව, තලාහේන, දූන්ගල්පිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලෙස ටින්මාළු නිශ්පාදනය කරමින් තිබු ස්ථානයක් වටලනු ලැබීය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනු ලැබූ ප්‍රමිති සහතිකය හා නිෂ්පාදන ආයතන නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් අපිරිසිදු හා අවිධිමත් ලෙස මෙම ටින්මාළු නිශ්පාදනය හා ඇසුරුම් කිරීම සිදුකොට ඇති බවට අනාවරණය වී ඇත.
වැටලීමේදී ව්‍යාජ ලෙස නිශ්පාදනය කර වෙලදපලට නිකුත්කිරිමට සුදානම්කර තිබු ප්‍රමිතියෙන් තොර ටින්මාළු (එකක ශුද්ධ බර ග්‍රෑම් 425සහිත) ඇසුරුම් 700 කට ආසන්න ප්‍රමාණයක් හා එම තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථයක් ද නිලධාරින් භාරයට ගෙන ඇති අතර පසුගිය මාස දෙකක පමණ කාලය තුළ ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවලට මෙම ස්ථානයෙන් නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන බෙදාහැර ඇති බවට ද වැටලිමට අදාල මුලික විමර්ෂනවලදි අනාවරණය වී ඇත.
මේ සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර ඉදිරියේදි එම විමර්ශනවලින් පසුව අදාල පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය.