23.6 C
Sri Lanka
Thursday, January 15, 2026
Homeකලා පුවත්චීන චිත්‍රපට උළෙල -2025

චීන චිත්‍රපට උළෙල -2025

Chinese Film Festival  – 2025 

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ජාතික චිත්‍රපට සංස්ථාව සමඟ සහයෝගයෙන් සංවිධානය කරනු ලබන චීන චිත්‍රපට උළෙල – 2025 ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී නොවැම්බර් මස 23 – 25 දින දක්වා පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

මෙම වසරේ චීන චිත්‍රපට උළෙලේ ආරම්භය ස්කෝප් සිනමා සමාගමේ සහයෝගයෙන් හැව්ලොක් සිටි සංකීර්ණයේ  IMAX සිනමාශාලාවේ දී නොවැම්බර් 17 සිට19 දක්වා පැවැත් වූ විශේෂ  දර්ශන මාලාවකින් (Warm – up Screenings) ආරම්භ විය. එහිදී පළමුවරට The Wandering Earth 2සහ The Legend of the Condor Heroes චිත්‍රපට IMAX මාධ්‍යයෙන් නොමිලේ මහජනතාවට ප්‍රදර්ශනය කරන ලද අතර එයට උණුසුම් මහජන ප්‍රතිචාරයක් ලැබුණි. මෙය ශ්‍රී ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයින්ට සුවිශේෂී සිනමා අත්දැකීමක් ලබාදීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමකි.  

චීන චිත්‍රපට උළෙලේ සමාරම්භක උත්සවය 2025.11.23 වන ඉරිදා ප.ව. 7.00 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, සමාරම්භක උත්සවයෙන් අනතුරුව The Wandering Earth I (137 minutes) චිත්‍රපටය ආරාධිතයින් සඳහා පමණක්  ප්‍රදර්ශනය කිරීමට නියමිතය. 

මෙම චිත්‍රපට උළෙලේ මහජන ප්‍රදර්ශනය නොමිලේ ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී පහත පරිදි පැවැත්වීමට  නියමිතය. ආසන වෙන් කිරීමක් අවශ්‍ය නොවන අතර, පැමිණීමේ අනුපිළිවෙළට අසුන් ගන්වනු ලැබේ.

November 24
10:30 a.m. – Yolo (129 minutes)
3:00 p.m. – The Captain (111 minutes)
7:00 p.m. – Creation of the Gods I: Kingdom of Storms (148 minutes)

November 25
10:30 a.m. – White Snake (99 minutes)
3:00 p.m. – Creation of the Gods I: Kingdom of Storms (148 minutes)
7:00 p.m. – White Snake (99 minutes)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments