21.8 C
Sri Lanka
Thursday, January 15, 2026
Homeදේශීය පුවත්සංචාරක,විදේශ රැකියා හා විදේශ කටයුතු යන අංශවලින් ශ්‍රී ලංකාව 2025දී සුවිශේෂ ජයග්‍රහණ...

සංචාරක,විදේශ රැකියා හා විදේශ කටයුතු යන අංශවලින් ශ්‍රී ලංකාව 2025දී සුවිශේෂ ජයග්‍රහණ රැසක් හිමි කරගත් වසරක් බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

අනුර ප්‍රේමලාල්

සංචාරක හා විදේශ රැකියා අංශවලින් ඉකුත් වසරේ රුපියල් බිලියන එකොළහක්


ඒ් මහතා මේ බව සඳහන් කළේ අද(05) විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා කියා සිටියේ මෙම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙපළත් ලේකම්තුමිය හා සියලු කාර්ය මංඬල ඒ්කාබද්ධව සාමුහික මැදිහත්වීමේ ප්‍රතිළුලයක් ලෙස විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවුණු බවයි. විදේශ කටයුතු අමාත්‍යාංශය හැටියට විශාල ප්‍රමාණයක් ද්විපාර්ශවික ගිවිසුම්, අවබෝධතා හා ආර්ථික ගිවිසුම් දේශපාලන සම්බන්ධතායන් රැසක් අපි ලබාගත්තා. විදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස් ශ්‍රී ලංකා ලෝකය තුල ඹසවා තැබීම සඳහා විශාල ජයග්‍රහණ ප්‍රමාණයකට යන්න හැකියාව ලැබුණා. ඒ් වගේම රටට ආදායම් ලබන ආයතන දෙකක්වන සංචාරක කර්මාන්තය හා විදේශ රැකියා ක්ෂේත්‍රය. සංචාරක කර්මාන්තය 2019න් පස්සේ සංචාරක කර්මාන්තය යම් බිඳවැටීමක් ඇතිවුණා.

නමුත් අපි ඉකුත් වසර තුල අපි ගත් ක්‍රියා මාර්ග නිසා ප්‍රවාර්ධන වැඩසටහන් නිසා ඉලක්ක ගතව සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ගත් පියවර නිසා ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර බවට 2025 නම් කිරීමට හැකියි. ඒ් අනුව විසිතුන් ලක්ෂ හැටදෙදහක් මෙරටට සංචාරකයින් පැමිණ තිබෙනවා. දිට්වා සුළිකුණාටුවත් සමග යම් අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවුණා. නමුත් අපි ක්ෂණිකව මැදිහත් වෙලා විශේෂ මෙහෙයුමක් සිදුකොට එහි ප්‍රතිඵලයක් ලෙස ගිය වසරට වඩා 15%කින් වැඩිකර ගැනීමට හැකිවුණා. ලෝකයේ අනෙකුත් රටවල සංචාරක ක්ෂේත්‍රවලට සාපෙක්ෂව අපි සැළකියු යුතු වාර්ධනයක් ඇතිකරගෙන තිබෙනවා. ඒ්ක අපි අමාත්‍යාංශය ලෙස ලබාගත් ලොකු ජයග්‍රහණයක්. එම සංචාරකයින් පැමිණීම තුල ඩොලර් බිලියන 3.2ක ආදායමක් උපයලා තිබෙනවා. විදේශ විනිමය අර්බුදයක අපි සිටියේ ඒ් අනුව සංචාරක කර්මාන්තයෙන් අපි ගත් විවිධ ක්‍රියා මාර්ග හෝටල් අලුතින් බිහිකිරීම, ගුවන් තොටුපොළ පුළුල් කිරීම යන දේවල් පෞද්ගලික අංශය මගින් සිදුවුණා. සංචාරක කර්මාන්තයට අවශ්‍ය මාර්ගඋපදේශකයන් බිහි කිරීම,ඒ් වගේම අනෙකුත් යටිතල පහසුකම් හෝටල් කාමර ප්‍රමාණය වැඩිකර ගත්තා. සංචාරක ක්ෂේත්‍රයට නව ආයෝජන කැඳවාගැනීම. බෝහෝ ගිවිසුම් අවසන් වෙලා තිබෙනවා . අලුතින් ආරම්භ කරන්න තිබෙනවා. එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් මේ සංචාරක පැමිණීම වැඩිවුණේ. අපි ආඩම්බර වෙනවා වැඩිම සංචාකර ප්‍රමාණය රටට ගෙන්වන්න හැකිවුණා. ඒයට දායකත්වය ලබාදුන් සියලු දෙනාට ස්තූති වන්ත වෙනවා.

විදේශගත ශ්‍රීලාංකිකයින් මැදපෙරදිග යුරෝපයේ ,ඔ්ස්ට්‍රෙිලියාව,ජපානය ඇ.තුළු බොහෝ රටවල විවිධ රැකියාවල නියුක්ත ශ්‍රී ලාංකිකයන් මේ නව රජය කෙරෙහි විශ්වාසය තබලා තමන්ගේ නිවසට රටට මුදල් එවන්න පටන් ගත්තා. ඒ් අනුව පසුගිය වසර තුල ලංකාවේ වැඩිම විදේශ ප්‍රේෂණ ලබාගත් වසර බවට පත්වුණා. නොවැම්බර් මාසය වනවිට ඩොලර් බිලියන 7.19ක් ලැබි තිබෙනවා. දෙසැම්බර් මාසය සඳහා මහා බැංකුව වාර්තා ඉදිරිපත් කර නෑ නමුත් ඩොලර් බිලියන 7.8කආදයමක් වාර්තා කරනවා. එම මුදල මීට කලින් ලබා තිබුණු ආදායමට වඩා ලබා තිබෙන ආදයම. මීට කලින් වැඩිම ආදයම ලබා තිබෙන්නේ වසර 2016දී ඒ් 7.14කී.
ඒ් අනුම මේ අංශ දෙකෙන්ම උපයා තිබෙන ආදායම ඩොලර් බිලියන 11.6කී. ඒ් අනුම මෙම මුදල් එවන්න කටයුතු කළ සියලුම ශ්‍රීි ලාංකිකයින් අපි ස්තූති කරනවා. ඒ් සඳහා කටයුතු කළ ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු නිලධාරින්ට ස්තූතීය පල කර සිටිනවා.
ඉකුත් දිට්වා සුළි කුණාටුව අවස්ථාාවේදි අපි ජාත්‍යාන්තරයෙන් උදව් ඉල්ලා සිටියා එහිදි අපිට විවිධ රාජ්‍යන්ගෙන් ආධාර ලැබුණා. එහිදි මුදල් හා ද්‍රව්‍යමය වශයෙන් ලැබුණා. ඒ් අනුව විදේශගතව සිටින ශ්‍රීලාංකිකයින් සෘජුවම මහා බැංකුව හඳුන්වාදුන් බංකු ගිණුම්වලටද, එසේ බැරි අයට විදේශ කටයුතු අමාත්‍යාංශය හඳුන්වා දුන්නා ඒ් රටේ අපේ තානාපති කාර්යාලවල හඳුන්වාදුන් ගිණුම්වලට මුදල් තැන්පත් කරන්න කියලා.වැඩියෙන්ම අපිට මුදල් එවලා තිබෙන්නේ මාලදිවයිනේ සිටින ශ්‍රි ලාංකික ප්‍රජාව හා මාලදිවයින් ජාතිකයිනුත් ඊට දායකවී තිබෙනවා.

ඡාවාරූපය- තුෂාර

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments