මෙරට ජනමාධ්‍ය, ක්ෂේත්‍ර යේ විශාල කාර්යභාරයක් ඉටු කරන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් ද පුවත්පත් කලාවේදී පඩිපාලක සභාවට ඇතුලත් කළ යුතු බවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා කරයි.එසේම පුවත්පත් කලාවේදී කර්මාන්තය පිළිබඳ පඩි පාලක සභාවට මෙතෙක් ඇතුළත් වී ඇත්තේ මුද්‍රිත මාධ්‍යට අයත් ජනමාධ්‍යවේදීන් පමණක් බැවින් රූපවාහිනී ගුවන් විදුලිය හා වෙබ් මාධ්‍යවේදීන් ද මීට ඇතුළත් වන ලෙසට පුවත්පත් කලාවේදී කර්මාන්තය පිළිබඳ පඩිපාලක සභා ව්‍යුහය වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට දැනුම් දුන්නේය. අමාත්යමවරයා මේ බව කියා සිටියේ මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සමග පසුගියදා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.මාධ්‍යද සේවක වෘත්තීය සමිති සම්මේලනය සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා ප්‍රමුඛ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදී නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි. මෙහිදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉල්ලා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ තමන්ට කිසියම් ආකාරයක වෘත්තීයමය තත්ත්වයක් ලබාදීම සඳහා රජයට මැදිහත් වන ලෙසත්, එසේම තමන්ගේ වෘත්තීය හා අනාගත ආර්ථික සුරක්ෂිතතාවය වෙනුවෙන් කිසියම් ආකාරයක සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළක් ඇරඹීම සඳහා රජයට මැදිහත් වන ලෙසයි. තවදුරටත් මෙහි දී කරුණු පැහැදිලි කළ මාධ්‍ය සේවක වෘත්තීය සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා කියා සිටියේ, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම ආයතනගත මාණ්ඬලික මාධ්‍යවේදීන්ගේ ද විශේෂයෙන් පෞද්ගලික ජනමාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ගේ අනාගත සුරක්ෂිතතාවය සඳහා නිශ්චිත සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් නොමැති බැවින් ඒ පිළිබඳවද අවධානය යොමු කරන ලෙසයි. මෙහි දී කම්කරු අමාත්යල නිමල් සිරිපාල සිල්වා මහතා කියා සිටියේ ..........ප්‍රාදේශීය මාධ්යැවේදීන් ද ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් (EPF/ETF) අරමුදලට දායක කර කර ගැනීමට මේ වන විටත් සාකච්ඡා කරමින් පඩිපාලක සභාව සංශෝධනය කරමින් පුවත්පත්කලාවේදී පඩි පාලක සභාව සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බවය.එසේම මේ පිළිබඳව ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ද සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඉතා කඩිනමින් පත්වන බව ද ,ඔවුන් සමග සුහදව සාකච්ඡා කරමින් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට සහ ආයතන ගත මාධ්‍යවේදීන්ට ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කර එම ගැටලු විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවය.කෙසේ වුවත් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් මේ රටේ ජනමාධ්‍ය ක්ෂේත්‍ර යට ඉටුකරන කාර්යභාරය සුළුපටු නොවන බව, තමා ද පිළිගන්නා බවත්,එම නිසා ඔවුන්ට සාධාරණව සැලකීම සහ ඔහුගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් යම් සුභසාධන වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට තමා ද රජය ද පිළිගන්නා බවත්, ඒ අනුව ඒ මේ පිළිබඳව ප්‍රමුඛත්වයක් දී තමා කටයුතු කරන බවයි. ජනමාධ්යනවේදීන්ගේ සුබසාධන සහ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සහ පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට මෙවැනි සාකච්ඡාවක් ලබාදීම පිළිබඳව ජනමාධ්‍යවේදීන් මෙහි දී කම්කරු අමාත්‍යවරයාට සිය කෘතඥතාවය පළ කළේය. එසේම පොදුවේ ජනමාධ්‍යවේදීන්ට සහ විශේෂයෙන් ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ට තිබෙන ගැටලු, ප්‍රශ්න පිළිබඳව තමාට විධිමත් ලෙස නිල ඉල්ලීමක් කරන ලෙස ද මාධය සේවක වෘත්තීය සමිති සම්මේලනයෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. එසේම දිස්ත්‍රික් මට්ටමෙන් ස්ථාපිත කරන ලද ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිති ලියා පදිංචි කිරීමේ ලිපි ලේඛන කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට හා කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජ්‍ය කොමසාරිස් තෙල්මා කරුණාරත්න මහත්මියට බාර දීම ද මෙහි දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා, කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, අමාත්‍ය මාධ්‍ය ලේකම් හා පුවත්පත් කලාවේදීන්ගේ පඩි පාලක සභාවේ නියෝජිත උපුල් ජනක ජයසිංහ මහතා සමඟ ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන කරුණාරත්න ගමගේ,ඩග්ලස් නානායක්කාර ,පී.සසිකරන්,අසිත වීරවර්ධන, ක්‍රිෂ්නි ඉෆාම් මහත්මිය,සමන් දිසානායක,ඇතුළු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසක්ම එක් වූහ.
පුවත්පත් කලාවේදී කර්මාන්තය පිළිබඳ පඩිපාලක සභා ව්‍යුහය වෙනස් කරයි
RELATED ARTICLES