යහපාලන රජය සමයේ බිඳවැටුණු ස්වයංරැකියා කරුවන්ගේ ගැටලු විසඳීමේ ක්‍රියාවලිය නැවත සාකච්ඡා කරමින් නගා සිටුවන්න වත්මන රජය ක්‍රියා කරන බව ස්වයංරැකියා නියුක්තිකයින්ගේ නව සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජාතික ජලසම්පාදන ඇමැති වාසුදේව නානයක්කාර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ 01, ලෝක වෙඳපොළ ඉහල මාහලේ පිහිටි ස්වයංරැකියා නියු ක්තිකයින්ගේ නව සම්මේලන ප්‍රධාන කාර්යාලයේදී එම සම්මේලනයේ විධායක සභිකයින් හමුවීමෙන් පසු පැවැති රැස්වීමේදීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය...........ස්වයංරැකියාවක් කරගෙන කාටත් බරක් නැතිව ජීවත්වන්න උත්සහ කරන ඔබලාගේ ගැටලු හඳුනාගෙන සමාජයේ පෙරට ගෙන එන්නට ක්‍රියා කළේ හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බව සිහිපත් කළ යුතුයි. පසුව 2015දී පැමිණි යහපාලන රජය පත්වීමෙන් පසු ස්වයංරැකියා නියුක්තිකයන්ගේ ගැටලු විසඳීමද බිඳවැටුණු බව කව්රුත් දන්නා කරුණක්. ඒ අයට දිරියෙන් ජිවත්වෙන්න උත්සහ දරණ මෙම මිනිසුන් ගැන සෙවීමට අවශ්‍යතාවයක් නොවුණු බව පැහැදිලියි. එබැවින් වත්මන් රාජ්‍ය තන්ත්‍රය මෙම ගැටලු ගැන සොයා බලමින් විසඳා දෙන්න පියවර ගන්නවා. එදා මෙම සම්මේලනය නිර්මාණය කරමින් ස්වයංරැකියා නියුක්තිකයින් ඒ වටා එක් රොක් කරමින් නගරවල සුදුසු ස්ථාන තෝරා ගෙන ස්වයං රැකියා අලෙවි මධ්‍යස්ථාන සකස් කරන්න අපි ලොකු වෙහෙසක් ගත්තා. ඒ තුලින් ස්වයංරැකියා වෙළෙන්දා හා පාරිභෝගිකයා අතර විශ්වාසයක් ගොඩනගන්නත් හැකියාව ඇතිවුණා. එමෙන්ම ජංගම අලෙවිකරුවන්, නාටාමිවරු හා ත්‍රිරෝද හා කරත්තකරුවන් වැනි අය මේ වටා එක් කරගන්න හැකියාව ඇතිවුණේ එහි ප්‍රතිලාභ ස්වයංරැකිය නියුක්තිකයින්ට අපේ රජය ටික ටික ලබාදෙන්න කටයුතු කරන අවස්ථාවේදීයි. මෙම ගැටලු විසඳා දෙන්න හැකි වූයේ ඔබලා එකට එකමුතුවි යම් විනයක් අනුව කටයුතු කළ නිසයි. ඒ නිසා රටපුරාම සිටින ස්වයංරැකියා නියුක්තිකයින් එකමුතුව තමන්ට තිබෙන ගැටලු විසඳගන්න පෙළ ගැසෙමින් එකතු වෙන්න කියා ඉල්ලා සිටිනවා. මෙහිදි ස්වයංරැකියනා නියුක්තිකයින් පෙන්වාදුන්නේ තමන්ගේ හැඳුනුම්පත් ඇතුළු තවත් ගැටලු කිහිපයක් විසඳා ගන්න තිබෙන බවයි. මේ අවස්ථාවට ස්වයංරැකියා නියුක්තිකයින්ගේ නව සම්මේලනයේ සියලු විධායක නිලධාරින් එක්ව සිටියහ.
යහපාලන රජය සමයේ බිඳවැටුණු ස්වයංරැකියා කරුවන්ගේ ගැටලු විසඳීමේ ක්‍රියාවලිය යලි අරඹයි
RELATED ARTICLES