26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedයාපනයේ නගරාධිපති අත්අඩංගුවට

යාපනයේ නගරාධිපති අත්අඩංගුවට

යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

යුද සමයේ දී එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පුද්ගලයින් භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 05 දෙනෙකු යාපනය නගරය ආසන්න ප්‍රදේශයක රාජකාරී කටයුතු සඳහා යොදාගැනීම තුළින් එම සංවිධානය ප්‍රවර්ධනයට අනුබලදීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීමේ දී එම පුද්ගලයින් නගරසභාව විසින් රාජකාරීයේ යොදවා ඇතැයි අනාවරණය වී තිබේ.

යාපනය මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු සාක්ෂිකරුවන් රැසකගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී අදාළ පුද්ගලයින් තාවකාලිකව නගරසභාවට බඳවා ගෙන නිල ඇඳුමක් නිර්මාණය කර සේවයේ යොදවා ඇත්තේ නගරාධිපතිවරයා විසින් බව අනාවරණය වී ඇත.

අද (09) අලුයම අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments