එදා විජේවීර ප්‍රකාශයක් කර තිබුණා ප්‍රධාන පක්ෂ දෙකේ අය රෑට හොරකමේ ගිහිල්ලා දවල්ට රණ්ඩු වෙනවා කියලා ඒ නිසා අපිට අවශ්‍ය වන්නේ මේ සියලු පක්ෂවල සිටින යහපත් මිනිස්සු එකතු කරලා තිබෙන පක්ෂ කිහිපයේ හොරුන්ට රෑටත් දවල්ටත් හොරකමේ යන්න නොහැකිවන රටක් ගොඩ නගන්න යැයි 71 දෙවන පරපුරේ උවිඳු විජේවීර මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (04) ජාතික පුසථකාල හා ප්‍රලේඛන සේවා මණ්ඬල ශ්‍රවණාගාරයේ පැවැති 71
දෙවන පරපුරේ ප්‍රථම හමුවට එක්වෙමින්ය. මෙය අප්‍රේල් විරු සමරුවට සමගාමිව පැවැත්විණි. මෙහිදි 71 පළමු පරපුරේ සාමාජිකයින්ට විශේෂ තිළිණ ප්‍රධානයක්ද උවිඳු විජේවීර මහතා අතින් සිදුකෙරිණි.
එහිදි වැඩිදුරටත් කතා කළ විජේවීර මහතා මෙසේද කීය…………….71 විරුවෝ අපට සෑමදාමත් විරුවෝ. අපි දෙවන පරපුර ඒ අපේ පළමු පරපුරයි. ලංකාවේ සාධාරණ සමාජයක්, යහපත් සමාජයක් උතුම් අරමුණු වෙනුවෙන් තමුන්ගේ ජීවිතය, තාරුණ්‍ය යන මේ සියල්ල කැප කළ පරම්පරාවක් තමයි 71පරපුර කියන්නේ. තරුණ තරුණයින් වුණාම තිබෙනවා ලොකු බලාපොරොත්තු ලස්සන ජීවිතයක් ගත කරන්න. 71අපිට සිටිනවා එතැනින් වෙනස්වු බෝධිසත්ව ගුණ තිබෙන පිරිසක් ඒ තමයි 71 විරුවෝ. මම ආරාධනා කරනවා මේ තරුණ සමාජයට 71 අපි ඇත්තට කියවමු. 71 ගැන අපි ඇත්තට දැනගමු. 71 කියන්නේ මොකක්ද අද වියපත්ව සිටින එදා හැටේ දශකයේ අවසානයේ හැත්තෑව දශකයේ ආරම්භය ඔවුන්ගේ තාරුණ්‍ය කැප කළේ කුමක් උදෙසාද ඔවුන්ගේ තාරුණ්‍ය වෙන්කළේ කුමක් වෙනුවෙන්ද අවසාන අරගලයේදී සන්නද්ධ නැගීටීම විතරක් කියවන්න එපා.
බලන්න ඔවුන්ගේ අරමුණු දිහා. ඔවුන්ගේ ජවය දිහා. ඔවුන්ගේ කොඳු දිහා බලන්න. කොච්චර කෙළින්ද ඒ කොඳු අදටත් ඒ කොඳු කෙළින්. අද ශරීරයෙන් වියපත්වී සිටින ඒ අය ගැන කතා කරද්දි ඔවුන්ගේ දර්ශනය ඔවුනගේ දැක්ම අප තරුණයන්ගේ හදවත් පිබිදෙනවා. මම ආරාධනා කරනවා අපේ තරුණ පරපුරට කියවන්න ඒ චරිත පිළිබඳ ගැන ගන්න ඒ ජවය ඔබේ අතට එහිදි ඇතිවෙන ජවයත් සමග අපිට පුළුවන් ලොකු ගමනක් යන්න.
71අරගලය පරාජයට පත්වෙනවා. 1948දී ශ්‍රී ලංකාව නිදහස ලැබුවට පස්සේ එය නාමික නිදහසක්. ලංකාවේ සිදුවු එකම සන්නද්ධ අරගලය 71 අරගලයයි. ඊට පෙර 1918,1948 මේ රටේ කැරලි ඇතිවුණා. සන්ද්ධ නැගිටීම් ඇතිවුණා. ඒ සියල්ලම රට වෙනුවෙන් ඇතිවුණු දේවල්. රට ආක්‍රමිණකයින්ගෙන් බේරා ගැනීමට 1948දී කළු සුද්දෝ ටිකක් හදලා යද්දී ඒකළු සුද්දන්ට විරුද්ධව මේමාතෘ භූමියේ සැබෑ අයිතිය දිනාගන්න ඒ තරුණයෝ නැගිටිනවා. ඒ නැගීටීමට විවිධ දේශපාලන භූමිකා තිබෙන්න පුළුවන් එය වාමාංශික වෙන්න පුළුවන් එව දක්ෂිණාංශික වෙන්න පුළුවන්. එහි විවිධ හැඩතලයන් තිබෙන්න පුළුවන්.ක්‍රමවේදය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔබ කියවා ගන්න ඕනේ ඒය නොවේ. ඒ තරුණයින්ගේ තිබුණු ජවය, ඒ තරුණයින්ට තිබුණු අරමුණු කුමක්ද කියන එක අපි කියවා ගත යුතුයි. නැවත වරක් මේ සමාජයට අරාධනා කරනවා විශේෂයෙන්ම තරුණ පරපුරට අරාධානා කරනවා එන්න අපි කියවමු 71 මොකක්ද කියලා. ඒ ජවය , පන්නරය අපි ගමු. ඒ පන්නරයෙන් අපිට පුළුවන් වර්තමානයේ තිබෙන බොහෝ රටේ ප්‍රශ්න වලට විසඳුම් අපිට ලබාගන්න. එමෙනම් මම ආරාධනා කරනවා මෙතැන සිටින 71සිටි සියලුම විරුවන්ට අපිට ඒ පන්නරය ජවය අපිට දෙන්න ආශිර්වාදය පමණක් මදි. ඒ පන්නරයත් ජවයත් අපිට ඕනේ. එම ජවයත් පන්නරයත් එක්ක මේ රට හොඳ තැනකට ගෙන යන්න පුළුවන්. මේ රට මෙහෙම තිබෙන්න ඕනේ රටක් නොවේ. මේ රට ගොඩක් ඉහළින් තිබෙන්න වුවමනා රටක්. තුන්සිය හැටපස් දවසේම ඉරපායලා මහමුහුදකින් වටවුණු , ප්‍රධාන ගංඟවන් පහක් ගලාගෙන යන සාරභූමියක් අද හාල්ටික පිටරටින් ගෙන්වන තත්ත්වයට පත්වෙලා. පිටරටට මෙහිකෑලි කෑලි විදේශයන්ට දෙන තත්ත්වයට පත්වෙලා. ඒ නිසා මේ කියන වීර පරම්පරාවේ අඩුව අපට දැනෙනවා. ඒ තරුණයෝ අප තුල සිටිනවා. බලන්න 71 විරුවන් දිහා ඔවුන් තුල ඒ වීරයා, තරුණයා සිටියා. ඒ තරුණයා වීරයා අවධිකර ගන්න ඕනේ. අන්න ඒකයි අපි 71 කියවන්න ඕනේ. ඒ නිසයි 71 ගැන කතා කරන්න ඕනේ. මේක දේශපාලන වැඩක් නොවේ 71 විරුවෝ කියන්නේ ශ්‍රේෂ්ඨ පිරිසක්. අපට එළියේ තැනක දේශපාලනයක් තිබේවි. මෙතැන ඒ දේ ගැන කතා කරන්න බැහැ.
ඒ නිසා දෙවන පරපුර ගැනද කෙටි හැඳින්වීමක් කරන්න වුවමනායි. අපි ගැන වැරැදි මතවාදයන් රාශියක් සමාජගත කරමින් තිබෙනවා. විජේවීර ජනතා විමුක්ති පෙරමුණ හදන කොට මුලින්ම මඩපහර එන්නේ තමන්ව ගෙනා වමෙනුයි.සි.අයි.ඒ. කෙමනක්, අධිරාජ්‍යවාදි කෙමනක් එහෙම කතා කළ මිනිසුන්ගේ කටවල් වෙනස් වෙලා නැහැ. ඒක අදත් ක්‍රියාත්මක වෙනවා. අපිටත් ගොඩක් චෝදනා තිබෙනවා. ඒවාට අපි කලබලකාරිය වියයුතු නැහැ. අපිට මේ සියල්ලටම භාවිතයෙන් පිළිතුරු දෙන්න පුළුවන්. දෙවනපරපුර සංවිධානය කරන්නේත් 71 දරු පරපුරයි. මේ තිබෙන නිල්, කොළ, රතුකියන සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරපු මිනිසුන්ගෙන් වෙනස්වු ගමන්මගක් මේ රටට අවශ්‍යයි කියලා තමයි මේ දෙවන පරපුර නිර්මාණය වෙන්නේ. මේකට දේශපාලන,ජාති,ආගම් භේද නැහැ. අපිත් සෑම දෙනාම වැඩ කරන්න වුවමනායි. අපි සැමදෙනාටම විවෘතයි. ඕනෑම දේශපාලන පක්ෂයක සිටින රටට අලුත් ගමනක් වුවමනායි කියන අයට අපිත් සමග ගමනක් යා හැකියි. අපිට වෙනම ගමනක් හා පන්නරයක් තිබෙනවා. අපි දේශපාලනයක් නොවේ කරන්නේ ඉන් එහාට ගිය කාර්යක් තමයි සිදුකරන්නේ. 71 තරුණයෝ නැගිටින්න ඕනේ. ඔවුන් තුල මේ මාතෘ භූමියට තිබෙන ආදරය පිරිලා. අද අපේ තරුණයින්ගේ දැනුම ගැන ප්‍රශ්නයක් තිබෙනවා. මාතෘ භූමියට තිබෙන ආදරය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තරුණයින්ට රටට ආදරෙයි, අවශ්‍ය දැනුම තිබෙනවා නමුත් එය අවධිකරගෙන නැහැ. එය අපි අවධිකරනවා නවතින්නේ නැහැ. අවධිකරලා මේ රටේ දේශපාලන පක්ෂ වශයෙන් හා ජාති වශයෙන් බෙදිලා සිටින අය එක ස්ථානයකට ගෙන එනවා. ඒ වේදිකාව තමයි දෙවන පරපුර. අපිට බෙදීම් නැහැ. අපිට විරුද්ධව කතා කරන අයටත් අපි කියන්නේ ඇස් ඇරගෙන බලන් ඉන්න අපි යන්නේ මොන පාරේද කියලා. අපිට 71 උපක්‍රම තෝරන්න නොහැකි වෙයි. අරගල කරන්න නොහැකි වෙයි. 21වෙනි සියවසේ තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වු තරුණයා එදා ආයුධවලින් සන්නද්ධවු තරුණයා වෙන්කරන්න කටයුතු කළත් ඒ ජවය අපි භාවිතයට ගන්නවා. 21වෙනි සියවසේ නූතන තරුණයත් සමග ඒ අරගලය වෙනස කරන්න අපි සූදානම් වෙනවා. ඒ දේ කරන්න අපි සියලු දෙනාටම ආරාධනා කරනවා. අපිට මායිම් නැහැ.ටොයියෝ ,බයියෝ ජෙප්පෝ නැහැ අපිට සිටින්නේ මේ රටේ පුරවැසියෝ පමණයි. රටට ආදරය කරන මිනිස්සු ඔය සෑම පක්ෂයකම සිටිනවා. හොඳ මිනිස්සු අපි සියලු දෙනා එකතු කරනවා. විජේවීර කියනවා ප්‍රධාන පක්ෂ දෙකේ හොරු රෑට එකතුවෙලා හොරකමේ ගිහිල්ලා දවල්ට රණ්ඩුවෙනවා කියලා. දැනට තිබෙන පක්ෂ තුනහතරේ හොරු රැට හොරකමේ යනවා. ඒ නිසා පක්ෂ තුනහතරේ සිටින හොඳ මිනිස්සු ටික එකතු කරගෙන හොරුන්ට රෑටත් දවල්ටත් හොරකමේ යන්න බැරිවෙන්න. අපි මේක වමේ හෝ දකුණේ කොනකට ගෙන යන්නේ නැහැ. අපි හිතනවා මේ රටට මැද මාවතක ගමනක් අවශ්‍යයි. තිබෙන සංස්කෘතික පදනම් ආරක්ෂා කරගෙන රටට හොඳ ගමනක් නිර්මාණය කරන්න අපිට යහපත් මිනිස්සු එකතු කරන්න අවශ්‍ය වෙනවා.