25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පළාත් පාලන මැතිවරණයට පැෆරල් සංවිධානයෙන් යෝජනාවලියක්..

පළාත් පාලන මැතිවරණයට පැෆරල් සංවිධානයෙන් යෝජනාවලියක්..

පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා නොසළකා නොහැරිය යුතු පදනම් හතරක් හා සැළකිල්ලට ගත යුතු යෝජනා හයක් ඒ සඳහා පත් කර තිබෙන කමිටුව වෙත භාරදුන් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (09) එම කමිටුව හමුවේ සිය අදහස් දක්වමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ විධායකඅධ්‍යක්ෂවරයා මෙසේද කීය……. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටත්, විෂයභාර අමාත්‍යවරයාටත් ප්‍රසාදය පල කර සිටිනවා. ඒ අනුව සමානුපාතික පදනම එලෙසම ආරක්ෂා විය යුතු බව, කාන්තාවන් සඳහා කෝටාව 25% එලෙසම ආරක්ෂා කර ගැනිම, කොට්ඨාසපදනම ආරක්ෂා කර ගැනීම, පළාත් පාලන සභික ප්‍රමාණය අවම වශයෙන් 30%ක්වත් අඩු කර ගැනීම.

එහිදියෝජනා ලෙස කොට්ඨාස ප්‍රමාණය 20%ක් අඩුකිරීම, ලැයිස්තුව හිමිවන ප්‍රතිශතය 40% සිට 30% දක්වා අඩුකිරීම. නොඑසේ නම් මෙතෙක් පැවැති 60%-40% අනුපාත 70%-30% වෙනස් කිරීම, පදිංචිය සනාථ කිරීමට ක්‍රමවේදයක්, රාජ්‍ය නිලධාරීන්න් තරඟ කරන ප්‍රදේශයෙන් බැහැර රාජකාරි කරන බවට සහතිකයක් , වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනා සමග ලබාදීම, වර්තමානයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම තාක්ෂණික කරුණු කිහිපයකට පමණක් සීමාවි ඇත.එබැවින් මෙම කරුණුත් නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමේ නිර්ණායක තුලට ඇතුළත් කළ යුතුයි. අදාල ඡන්ද බල ප්‍රදේශයේ පදිංචිය සනාථ කිරීම සඳහා විධිමත් ලේඛන ඉදිරිපත් කිරීම,රජයේ සේවකයෙකු නම් අදාල ඡන්ද බලප්‍රදේශයේ රාජකාරි නොකරන බවට නීතිමය පිළිගත් ලේඛනයක් ලබාදීම, රාජ්‍ය නිලධාරියෙකු නොවන්නේ නම් ඒ පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් ලබාදීම, වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම සිදුකළ යුතුයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments