25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කිරින්ද ඛනිජ නිධි සහිත වැලි වැටිය විකිණීමට ඉඩ දෙන්නේ නැහැ- සජිත්

කිරින්ද ඛනිජ නිධි සහිත වැලි වැටිය විකිණීමට ඉඩ දෙන්නේ නැහැ- සජිත්

කිරින්ද වෙරළ තීරය ආශ්‍රිතව පිහිටා ඇති ඛනිජ නිධි සහිත වැලි වැටිය ඉන්දීය සමාගමකට විකිණීමට විපක්ෂය ඉඩ නොතබන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට අද (12) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ, එම වැලි වැටිය 2004 සුනාමි ඛේදවාචකයෙන් ජීවිත රැසක් බේරාගැනීමට සමත් වු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා,

“රජය යෝජනා කරලා තියෙනවා ඉන්දියානු සමාගමක් එක්ක එකතු වෙලා කැණීම් කටයුතු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඛනිජ සම්පත් ලබාගන්න. විශේෂයෙන් ම මේ ප්‍රදේශයේ කොටසක් ජනතාව රවට්ටලා තියෙනවා වරුවකට රු 4000 බැගින් එක් පුද්ගලයෙකුට ගෙවීම් කරනවා කියලා. වරුවකට ලක්ෂ 4ක් දුන්නත් මේ පරිසර හානිය, මේ මහා සම්පත මුදලින් තක්සේරු කරන්න බෑ. මම ඇමති කෙනෙක් විදියට කටයුතු කළා. එතකොට ඔය කියන සමාගම් මාවත් හමුවන්නට ආවා. මම කියන්න කැමතියි කිසිදිනක විකුණුනෙත් නෑ. විකිණෙන්න බලාපොරොත්තුවකුත් නෑ. මේ වැලි වැටිය විනාශ වන්නට සජිත් ප්‍රේමදාසවත්, විපක්ෂයවත්, සමගි ජන බලවේගයවත් ඉඩ තබන්නේ නැති බව.“

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments