ඉරිදා, මාර්තු 1, 2026
Homeක්‍රීඩා පුවත්වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන 2026 MCA ‘F’ කාණ්ඩයේ පන්දු වාර...

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන 2026 MCA ‘F’ කාණ්ඩයේ පන්දු වාර 20 ලීග් ක්‍රිකට් තරඟාවලියට අනුග්‍රාහකත්වය අඛණ්ඩව අට වන වතාවටත් ෆෙයාෆස්ට් රක්ෂණ සමාගෙමන් [Fairfirst Insurance Limited]

අනුර ප්‍රේමලාල්

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන 2026 MCA ‘F’ කාණ්ඩයේ පන්දු වාර 20 ලීග් ක්‍රිකට් තරඟාවලියට අනුග්‍රාහකත්වය දැක්වීමට අඛණ්ඩ අට වන වතාවටත් ෆෙයාෆස්ට් රක්ෂණ සමාගම [Fairfirst Insurance Limited] ඉදිරිපත් වී ඇත. මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින්ට ‘ෆෙයාෆස්ට් රක්ෂණ කුසලානය’ [Fairfirst Insurance Trophy] පිරිනැමෙනු ඇත.

මෙවර MCA ‘F’ කාණ්ඩයේ පන්දු වාර 20 ලීග් ක්‍රිකට් තරඟාවලියට කණ්ඩායම් විසි හතරක් [24] ඉදිරිපත් වී ඇති අතර ඔවුන් කාණ්ඩ හතරක් [4] යටතේ තරග වදිනු ඇත.

‘ඒ’ කාණ්ඩය [කණ්ඩායම් 6]: සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම [Softlogic Life Insurance], පැන් ඒෂියා බැංකුව [PABC], මෙට්‍රොපොලිටන් සමූහය [Metropolitan Group], අයිට්කින් ස්පෙන්ස් [Aitken Spence], සීමාසහිත ඇස්ට්‍රොන් [Astron Limited], මැක්ලැරන්ස් සමූහය [Mclaren Group]

‘බී’ කාණ්ඩය [කණ්ඩායම් 6]: එමර්කෙමි එන් බී [Emerchemie NB], පවර් හෑන්ඩ් ප්ලාන්ටේෂන්ස් ‘බී’ [Power Hand Plantation “B”], සිලෝන් ටුබැකෝ [Ceylon Tobacco], රන්පත් සමූහය [Ranpath Group], ඇන්සල් ටෙක්ස්ටයිල් [Ansell Textiles], එස් ඒ ජී ටී [SAGT]

‘සී’ කාණ්ඩය [කණ්ඩායම් 6]: කොමර්ෂල් බැංකුව ‘බී’ [Commercial Bank ‘B’], කැමරා එල් කේ [Camera LK], සියම් සිටි සිමෙන්ති [Siam City Cement], ඇන්සල් ලංකා [Ansell Lanka], එම්පයර් ටී [Empire Tea], සීමාසහිත MAS ඇක්ටිව් බියගම [MAS Active Biyagama]

‘ඩී’ කාණ්ඩය [කණ්ඩායම් 6]: කොමර්ෂල් ක්‍රෙඩිට් [Commercial Credit], අටයර් සමූහය [Attire Group], එච් එන් බී ඇෂුවරන්ස් [HNB Assurance], ගැමා පීසා ක්‍රාෆ්ට් [Gamma Pizza Craft], ඊ බී ක්‍රීසි [E B Creasy], සිට්‍රෙක්ස් සමූහය [Sitrex Group]

තරගාවලියේ ව්‍යුහය: [The Tournament Structure]
තරගාවලිය අදියර දෙකකින් සමන්විත වන අතර, පළමු අදියර ජනවාරි පහළොස් [15] වන දින ආරම්භ වී, පෙබරවාරි මස පහළොස් [15] වන දින අවසන් වූ පන්දු වාර විස්සෙ [T20] තරග හැටකින් [60] යුක්ත ‘ලීග්’ අදියරයයි. දෙවන අදියර අවසන් තරගය ඇතුළුව තරග පහළොවකින් [15] යුක්ත පිළිමළුන් පිටු දැකීමේ [knockout] අදියරයයි.

‘ලීග්’ තරග අදියරය: [League stage]
ජනවාරි මස පහළොස් [15] සිට පෙබරවාරි මස පහළොස් වන [15] දින දක්වා පැවැත්වුණි.

පිළිමළුන් පිටු දැකීමේ අදියරය: [Knockout stage]
පූර්ව අර්ධ අවසන් පූර්ව තරග [pre-quarter final] පෙබරවාරි මස විසි එක් [21]
අර්ධ අවසන් පූර්ව තරඟ [quarter final] පෙබරවාරි මස විසි අට [28] වනදා

අවසන් පූර්ව තරඟ [semi final] මාර්තු මස හත් [07] වන දින පවත්වනු ලබන අතර, අවසන් මහා තරඟය [final] මාර්තු මස අවසානයේ දිනයක පැවැත්වීමට නියමිත අතර එය (24),(25) හෝ (26) වීමට ඉඩ ඇති බව සංවිධායකයින් පවසතී.

ක්‍රීඩක පාලක කණ්ඩායම [PCT]
සෑම තරගයක් සඳහාම වෙළඳ සේවා ක්‍රිකට් සංගමය විසින් පත් කරන ලද තරග නිරීක්ෂකයකු, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය [ACUSL] විසින් පත් කරන ක්‍රිකට් විනිසුරුවන් සහ ලකුණු සටහන් කිරීමට සහ ඩක්වර්ත් – ලුවිස් – ස්ටර්න් ක්‍රමය [DLS] කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන් කරුවන්ගේ සංගමය විසින් පත් කරන ලකුණු සටහන් කරුවන් ද යොදවනු ඇත.

නිල තරග පන්දුව
අවසන් මහා තරගය දක්වා සෑම තරගයක් සඳහාම, වෙළඳ සේවා ක්‍රිකට් සංගමය විසින් ම පකිස්තානයෙන් ආනයනය කරන ලද, වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ නිල ලාංඡනය මුද්‍රණය කර ඇති GOC ලීග් සුදු ක්‍රිකට් පන්දු [GOC League White Ball] භාවිතා කරනු ලැබේ. මෙම පන්දු ආනයන වියදමටම කණ්ඩායම් වෙත සපයනු ඇත.

විශේෂ ත්‍යාග
හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, තරගාවලියේ වීරයා, අවසන් තරගයේ වීරයා

ගිය වසරේ අවසන් තරගය
2025 මැයි මස තුන් 3 වනදා වෙළඳ සේවා ක්‍රිකට් සංගම් පිටියේ පැවැති MCA ‘F’ කාණ්ඩයේ පන්දු වාර 25 ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයේදී එච්එන්බී ‘බී’ [HNB ‘B’] පිල, ඩයලොග් ඇක්සියාටා [Dialog Axiata] පිල ලකුණු තිස් හතරකින් [34] පරාජය කරමින් ශූරතාව හිමි කර ගත්හ.

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයට නිල වශයෙන් අනුග්‍රාහකත්වය ප්‍රදානය කිරීමේ නිල උත්සවය සහ මාධ්‍ය සාකච්ඡාව 2025 පෙබ
. [27] පස්වරු 630 ට වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ ලෙජන්ඩ්ස් [Legends Wing] ශාලාවේදී පවත්වන ලද අතර, එහිදී නිල අනුග්‍රාහකත්වය ෆෙයාෆස්ට් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී [Chief Executive Officer] රවිශංකර් විග්නේෂ්වරන් [Ravishankar Vigneswaran] වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ සභාපති සිරෝෂ ගුණතිලක අතට භාරදීම සිදුකෙරිණී.

මෙම අවස්ථාවට ෆෙයාෆස්ට් රක්ෂණ සමාගමේ ඩිජිටල්, අලෙවිකරණ සහ පාරිභෝගික අත්දැකීම් අංශ ප්‍රධානී [Head of Digital, Marketing & Customer Experience] ක්ලෙමන්ට් ප්‍රනාන්දුපුල්ලේ [Clement Fernandopulle] සහභාගී වූ අතර වෙළඳසේවා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් අවින්ත හේවානායක [Achintha Hewanayake] සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments