ආහාරයට ගන්නා පොල් තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බවට අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව බෝතල් කළ, ඇසුරුම් කළ, බහලුම්ගතව තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකුණන ලබන ආහාරයට ගන්නා පොල්තෙල්වල වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය පෙන්වා දෙයි.
පොල් තෙල් ආනයනකරුවන්, පිරිපහදුකරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් හා වෙළෙදුන් වෙත මෙම නියෝගය බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මේ අතර ඇෆ්ලටොක්සීන් නමැති විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු පිරිපහදු නොකළ පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් අද දිනයේ මැලේසියාව බලා ප්‍රතිඅපනයනය කිරීමට නියමිතව තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ අදාළ පොල් තෙල් බහාලුම් රැගෙන යෑම සඳහා නෞකාවක් ඊයේ (07) රාත්‍රීයේ කොළඹ වරායට ළඟා වූ බවය