ඇතැම් වෙළඳුන් හිතුමනාපයට එළවළු හා පළතුරු මිල ඉහළ දැමීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා මගහැරිය යුතු බව අමාත්යු නාමල් රාජපක්ෂ මහතාගේ මුලසුනෙන් අද (17) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී රැස්වූ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය තීන්දු කර ඇත.
කොවිඩ් වසංගතය හමුවේ එළවළු හා පළතුරු මිල ගණන් ඉහළ යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආර්ථික පුනර්ජීවනය හා දරිද්රාතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය අද දින රැස්විය.
ඒ අනුව මහජන අවධානය සෘජුව සන්නිවේදනය වන පරිදි ප්රකධාන ප්රාවෘත්ති විකාශනය අතරතුර ප්රවධාන ආර්ථික මධ්ය ස්ථානවල හා පෑලියගොඩ මැනිං වෙළඳපොළේ තොග හා සිල්ලර මිල විකාශනයට පියවර ගැනීමට මෙහි දී යෝජනා විය.
ඊට අමතරව සියලුම ජංගම අලෙවි රථවල සහ ජංගම අලෙවිසැල්වල එළවළු හා පලතුරු වර්ගය හා මිල වෙන් වෙන්ව සඳහන් කර මිල ප්රරදර්ශනය කිරීම සඳහා උපදෙස් දීමටත් සමූපකාර හා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයන්ගේ ආර්ථික මට්ටමට ගැළපෙන පරිදි එළවළු මලු සකස්කර බෙදා හැරීමටත් තීරණය විය.
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එළවළු, පළතුරු සහ සහල් මිල ගණන් ඉහළ යාම පිළිබඳව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්යෙහෂ්ඨ පර්යේෂණ නිලධාරි සහවී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්රිආයදර්ශන මහතා මෙම හමුවේ දී පවතින වෙළඳපොළ තත්ත්වය පිළිබඳ විශ්ලේෂණාත්මකව කරුණු පැහැදිලි කළේය.
ඒ අනුව ඉල්ලුමට සරිලන සැපයුම මත මිල ගණන් තීරණය වන බවත් ඉදිරියේ දී දැනට පවතින මිල ගණන් පහළ බසිනු ඇතැයි අපේක්ෂා කර බවත් හෙතම පෙන්වා දුන්නේය.
අමාත්යි නාමල් රාජපක්ෂ මහතා එහි දී මෙසේ ද පැවසීය.
කොවිඩ් තත්ත්වය සමඟ මේ දිනවල එළවළු සහ පලතුරු අධික මිල ගණන් යටතේ අලෙවි වනවා. කිසිකෙනෙකු නියාමනය කරන්නේ නැහැ. අත්තනෝමතික ලෙස මිල ගණන් ඉහළ යනවා.
පාරිභෝගිකයා අතට පත්වන එළවළු සහ පලතුරුවල මිල අසාමාන්යි ලෙස වැඩිවී තිබෙනවා. ගොවියාට සහ පාරිභෝගිකයාට යන දෙපිරිසටම සහන සැලසෙන පරිදි මේවායේ මිල ගණන් ඉහළ යාම පාලනය කරගැනීමට විකල්ප සෙවිය යුතුයි.
සෑම වසරකම යම් කිසි කාල සීමාවක් තුළ එළවළු පලතුරු කිහිපයක මිල නොවෙනස්ව වැඩිවනවා නම් ඒ සඳහා ගතහැකි දිගුකාලීන පියවරක් ලෙස වෙළඳපොළ ඉලක්ක කර ඒ සඳහා විකල්ප නිෂ්පාදන සකස් කොට ඒවායේ මිල ගණන් අඩු කිරිමට ක්ර මවේදයක් සකස් කිරීම අවශ්යියයි.
ඉදිරි සති දෙකක කාලසීමාව ඇතුළත අධික මිල ගණන් යටතේ අලෙවි වන එළවළු සහ පලතුරුවල මිල පාලනය සඳහා ක්ර මවේදයක් සකස් කරන්න යැයි අමාත්යෙවරයා අදාළ අංශ වෙත උපදෙස් දෙමින් කියා සිටියේය.
එළවළු, පලතුරු සඳහා වෙළඳ පොළ ඉල්ලුමක් තිබෙන සෑම නගරයකම පාහේ ගොවියාට තම නිෂ්පාදන විකුණාගත හැකි වන පරිදි කුඩා වෙළඳ මධ්යලස්ථාන (outlet) ඇති කිරිමට ද මෙහි දී යෝජනා විය.
අතරමැදියන් නොමැතිව ගොවියාට තම නිෂ්පාදන එහි දී අලෙවිකරගත හැකි අතර පාරිභෝගිකයන්ට ද නැවුම් එළවළු පලතුරු ලබාගත හැකි බව අමාත්යව නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
මේ සඳහා ගත හැකි කෙටි කාලීන පියවරක් ලෙස මාධ්යම හරහා නිරන්තරයෙන් පවතින තොග මිල පිළිබඳ ජනතාව දැනුවත් කිරිමට යෝජනා විය.
මිල ගණන් සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහා සමාජ මාධ්යක ජාලා තුළ අවස්ථාව ලබාදී දෛනිකව සඳහන් කරන මිල ගණන් ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන්ගේ බලපත්ර පිළිබඳව නිසි පියවර ගැනීම පාරිභෝගික අධිකාරියට පැවරීමට අමාත්යනවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
වී මිලදී ගැනීමේ දී ලබාදෙන ප්ලෙජ් ලෝන් (Pledge Loan) එක මධ්යිම ප්ර මාණයේ වී මෝල් හිමියන්ට ලබාදීම සඳහා පියවර ගැනීම සහ බිත්තර හා කුකුළු මස් තොග වෙළඳසැල් ආර්ථික මධ්යපස්ථාන විවෘත වන දිනවලදී විවෘතකර තැබීමට අවසර ලබාදීමට ද මෙහි දී එකඟතාවයකට පැමිණියේය.
මෙම අවස්ථාවට රාජ්යබ අමාත්යීවරුන්වන ශෙහාන් සේමසිංහ,ශෂින්ද්ර රාජපක්ෂ මහත්වරු සහ වෙළඳ, ආර්ථික පුනර්ජීවනය හා දරිද්රමතාවය තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය සමග කටයුතු කරන අමාත්යං්ශවල ලේකම්වරු, නිලධාරි මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.