29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අපි මුහුණ පාල ගැටලුවට විසඳුම අයි.එම්.එෆ්.

අපි මුහුණ පාල ගැටලුවට විසඳුම අයි.එම්.එෆ්.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදයට ඇති ඒකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීම බවත් ඒසේ නැත්නම් ඒ සඳහා ඇති විකල්පය අනාවරණය කරන ලෙස් ඒක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (23) උදෑසන කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“2019 මේ රටේ විදේශ විනිමය සංචිතය තිබුණේ ඩොලර් කෝටි 700යි. අද ඩොලර් කෝටි 400කට අඩුවෙලා තියෙන්නේ. මීට අමතරව තෙල් සංස්ථාවේ තියෙන ණය කෝටි 300 ක් විතර. මේක අපේ සංඛ්‍යාලේඛනවලට ඒන්නේ නැහැ. අනික බලන්න හදිසියේ ගන්න තියෙන්නේ වාණිජ බැංකු. වාණිජ බැංකුවල අද ණය තියෙනවා. මේ ඒකක්වත් සංඛ්‍යාලේඛනයේ නැහැ. අද මේක අපේ රටට බලපානවා. මේ මාසය අවසන් වෙද්දී අපි ඩොලර් කෝටි 100 ක ණය ගෙවන්න සිදුවෙලා තියෙනවා. තවත් තියෙයි කෝටි 200 ක් විතර ගෙවන්න. අපි කොහොමද මේවා ගෙවන්නේ? අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කෝටි 78 ක් ලැබෙයි කියලා. ඒක මේ අවුරුද්දේ ලැබෙයි ද, ඒන අවුරුද්දේ ලැබෙයි ද අපි දන්නේ නැහැ. ඒක ලැබෙනවා. ඊළඟට swap ඒකෙන් කෝටි 40ක් විතර ලැබෙනවා. බංග්ලාදේශයෙන් කෝටි 20 ක් ලැබෙනවා. මේකෙන් කොහොමද අපි මේ වැඩකටයුත්ත කරගෙන යන්නේ?”

“මෙතන තියෙන්නේ අතීතය ගැන කතාකරන්න නෙමෙයි. අපි කතාකරන්න ඔනේ මේකෙන් අපි ගොඩඒන්නේ කොහොමද, අපි කොහොමද විසඳුමක් හොයන්නේ. අපිට යම්කිසි විසඳුම්ක් සැලසුමක් තියෙන්නේ ඔ්නේ. ආණ්ඩුව ඒක ඉදිරිපත් කරලා නැහැ. මම කියන්නේ අපිට තියෙන ඒකම මාර්ගය IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආපහු ගනුදෙනු කරන්න. ඔබතුමන්ලා ඒකඟ නැත්නම් ඒ විකල්පය මොකක්ද කියලා අපිට කියන්න. විකල්පයක් නැතුව සංඛ්‍යාලේඛන කතා කරන ඒකේ අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments