21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්අමෙරිකාවේදි කළු ජාතිකයා ඝාතනය කළ පොලිස් නිලධාරියාට වසර 22 හිරේ.

අමෙරිකාවේදි කළු ජාතිකයා ඝාතනය කළ පොලිස් නිලධාරියාට වසර 22 හිරේ.

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් මිනියාපොලිස් සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් වරදකරු කරමින් ඔහුට අවුරුදු 22යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබේ.

මෙම නඩු තීන්දුව සැලකෙන්නේ, කිසිදු භේදයකින් තොරව සියලු අමරිකානුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් නීතියේ ආධිපත්‍ය යළිත් තහවුරු කළ සුවිශේෂී අවස්ථාවක් ලෙසය. 

ඒ සිදුවීම සම්බන්ධයෙන් තවත් නඩු විභාගයක් පවත්වන ලෙස  ඩෙරික් ෂෝවින් කර තිබූ ඉල්ලීම ද ප්‍රතික්ෂේප වී තිබේ.

අමෙරිකාවේ මිනියා පොලිස්හිදී ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා ඝාතනයට ලක්වන්නේ 2020 වසරේ මැයි 25 වැනිදාය. 

එදින අත්අඩංගුවට පත්වන මේ කළු ජාතිකයා මියයන්නේ පොලිස් නිලධාරී ඩෙරික් ෂෝවින් සිය දණහිසින් ෆ්ලොයිඩ්ගේ ගෙල විනාඩි නවයක කාලයක් සිරකරගෙන සිටීම හේතුවෙනි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ, මිනියාපොලිස් අධිකරණ විනිසුරු පීටර් ඒ කාහිල් පිටු 22කින් යුත් ලියවිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, ෆ්ලොයිඩ්ගේ පවුලේ වේදනාව තමා පිළිගන්නා බවය.

“මම මගේ දඬුවම පදනම් කරගෙන ඇත්තේ මහජන මතය හෝ කිසිදු පණිවුඩයක් යැවීමේ උත්සාහය මත නෙවෙයි. නඩු විභාගයකදී විනිසුරුවරයෙකුගේ කාර්යය වන්නේ කරුණුවලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීම.” යැයි ඔහු පවසා තිබේ.

පොලිස් නිලධාරී ෂෝවින් අධිකරණ ශාලාව තුළ කෙටි ප්‍රකාශයක් කරමින් ෆ්ලොයිඩ්ගේ පවුලට සිය ශෝකය පළකර තිබුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments