විශේෂ පොලිස් කාර්ය බලකාය සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී දැව හොරු , කැලෑපාළුවන් හා වැලිජාවාරමුන් (11) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මහකළුගොල්ල පොලිස් වසමේ බිබිලේයාය ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව කපා ඉරිම සඳහා සුදානම් කර තිබු කළුමැදිරිය දැව කඳන් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහකළුගොල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පුල්මුඩේ කඳවුරේ නිලධාරින් කණ්ඩයාමක් පල්ලවකුලම් රජයේ වනාන්තරයට අනවසරයෙන් ඇතුළුවි අක්කරයක භූමි ප්‍රමාණයක් එළිපෙහෙළි කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම පරයනාලන්කුලම් කඳවුරේ නිලධාරීන් බලපත්‍ර නොමැතිව ටිපර් රථයකින් වැලි ප්‍රවහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරින් නීතිවීරෝධි මත්පැන් ළඟතබා ගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත.