පොලිස් විශේෂ කාර්ය බලකාය ඉකුත් දෙදින තුල සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් හෙලිදරව් කිර ගැනීමට හැකිවි තිබේ.
එහිදි (18) වැල්ලම්පිටියේදි සිදුකළ වැටලිමකදී අයිස් ග්‍රෑම් දෙකක් හා කේරළ ගංජා ග්‍රෑම් තුනක් ඉලෙක් ට්‍රොනික් තරාදියක් අත්අඩංගුවට ගැනීමට හැකිවිතිබේ. ගෝනහේන කඳවුර නිලධාරීන් ගනේමුල්ල පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 610ක් හා පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇත. මීට අමතරව නුවර එළික බස්නැවතුම්පොළදි සිදුකළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් එකක් හා මිලිග්‍රෑම් 180ක් අත්අඩංගුවට ගෙන තිබේ.
කල්මුණ මූලික රෝහල ඉදිරිපිට සිදුකළ වැටලීමකදී neurovan-150(pregabalain-150g) වර්ගියේ මත්කරල් 3000ක් සමග යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඇත. කොච්චිකඩේ පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී නීති විරෝධි මත්පැන් මි.ලී.86,250ක් අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ. එමෙන්ම දොමේපේ පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී නීති විරෝධි මත්පැන් මි.ලී. 33,750ක් අත් අඩංගුවට ගෙනඇත.
පුලියන්පොක්කනේ මුසිරම්පිඩ්ඩි ප්‍රදේශයේදී වැටලීමක් සිදුකොට නීති විරෝධි අපරාධ කල්ලියක සාමාජිකයකු ලෙස පෙනිසිටිමින් මහජනතාව භීතියට පත් කොට අපරාධ කිරීමේ අරමුණ ඇතිව යකඩ කඩුවක් සන්තකයේ තබා ගැනීමේ වරදනට හා ශ්‍රී ලංකාව තුල තහනම් ත්‍රස්ත සංවිධානයක්වන එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවාදි අයුරිස් දර්ශන තම ජංගම දුරකතනය තුලාගෙන සිටි පුද්ගලයකු සමග යකඩ කුඩු, ජංගම දුරකතනයක්, සිම්පත් අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතර වැලි ජාවාරමුන් ප්‍රදේශ කිහිපයකින් අල්ලා ගැනීමට විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගැනීමට සමත්වි ඇත.