21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාවසංගත රෝග විද්‍යා ඒකකය සදහා පැවරෙන ප්‍රධාන වගකීම් 6 කළමනාකරණයට අසමත්වී තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය සදහා පැවරෙන ප්‍රධාන වගකීම් 6 කළමනාකරණයට අසමත්වී තිබේ.

රෝග ආවේෂණය,වසංගත පාලනය,එන්නත්කරණ ක්‍රියාවලිය කළමණාකරණ,සායනික ප්‍රතිකාර සම්බන්ධීකරණය,රෝග පාලන පර්යේෂණ,අධීක්ෂණය සහ ඇගයිම යන වගකීම් හය කළමනාකරණය කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය අසමත්වීම නිසා වර්තමාන රෝග ව්‍යාප්තිය සඳහා අහිතකරව බලපා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.

එම සංගමය මේ බව පෙන්වාදුන්නේ (27)වසංගත රෝග විද්‍යා අංශයේ කාර්යයභාරය පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමග පැවැති සාකච්ඡාවකීදීය.

වසංගත රෝග විද්‍යා ඒකකය සදහා පැවරෙන ප්‍රධාන වගකීම් 6 කි.එනම්රෝග ආවේෂණය (Disease Surveillance),වසංගත පාලනය (Outbreak Control),එන්නත්කරණ ක්‍රියාවලිය කළමණාකරණ (Vaccination Coordination),සායනික ප්‍රතිකාර සම්බන්ධීකරණය (Clinical Management Coordination),රෝග පාලන පර්යේෂණ (Operational Research), අධීක්ෂණය සහ ඇගයිම (Monitoring and Evaluation)

ඉහත වගකීම් 6 ප්‍රශස්ත ලෙස කළමණාකරණය කිරීම සදහා වසංගත රෝග විද්‍යා ඒකකය අසමත් වීම වර්ථමාන රෝග ව්‍යාප්තිය සඳහා අහිතකරව බලපා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරයා හට පෙන්වා දෙන දුන්හ.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමන්ගේ හා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් තුමන්ගෙන් (මහජන සෞඛ්‍ය I) ස්වායත්තව අත්තනෝමතික ලෙස කටයුතු කිරීම නිසා වසංගත පාලන ක්‍රියාවලිය මේ වන විට අපහසු වී ඇත.

එබැවින් මෙම සාකච්ඡාවේදී ඇමැතිවරයා රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් ඉල්ලා සිටීයේ, වසංගත රෝග විද්‍යා ඒකකයේ ඉහත ප්‍රධාන වගකීම් 6 නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය 1) යටතේ වු වසංගතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු හා අදාල විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටු 6 ක් යටතේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ඍජු අධීක්ෂණයට යටත්ව ක්‍රියාත්මක විය යුතු යන්නය.

එමගින් වඩාත් විද්‍යාත්මක හා තාක්ෂණික තීන්දු තීරණ මත පදනම්ව වසංගතය පාලනය හා පස්වන කොවිඩ් රැල්ලක් ඇති වීම වලක්වා ගත හැකි බව සෞඛ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

තවද, සෞඛ්‍යය උපදෙස් ලබා දීමේදී කොවිඩ් මර්දනය සඳහා සහයෝගය ලබාදෙන සෞඛ්‍යය නොවන අංශ ඇතැම් විට වැරදි තොරතුරු සහ උපදෙස් ජනතාවට ලබා දෙන අවස්ථා දැක ගත හැක.

එබැවින් වසංගතය පිළිබඳ සත්‍ය තොරතුරු ලබා දිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය බලගැන්විය යුතුය, එමඟින් කොවිඩ් වසංගතය මර්දනය සඳහා ජනතාවගේ සහයෝගය ලබාගැනීමට හැකිවන බව මෙහිදි පෙන්වා දුන්නේය.

තවද, කොවිඩ් වසංගතය පාලනය සඳහා නිවැරදි තාක්ෂණික තීරණ ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිරන්තරයෙන් ලබාදෙන බව සෞඛ්‍ය ඇමැති වෙත දැනුම් දුන්නේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments