කොවිඩ්19 වසංගතයෙන් රට සහ
ජනජීවිත බේරාගැනීමට වෘත්තීය
සමිති සම්බන්ධිකරණ
මධ්‍යස්ථානය යෝජනා දහයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
මහතා වෙත ලිපියක් යවමින්
ඉදිරිපත් කර තිබේ.
කොවිඩ්19 වසංගතයේ ඩෙල්ටා
ප්‍රභේදය රටපුරා සීඝ්‍රයෙන්
ව්‍යාපත්වීම හේතුවෙන් පුරවැසියන්
මීයයෑම,රට වැඩකරන ජනතාව
සීඝ්‍රයෙන් රෝගයට ගොදුරුවීම,
සෞඛ්‍ය කාර්ය මණ්ඬල බරපතල
අවධානමකට මුහුණ පෑම,රෝහල්
ධාරීතාව ඉක්මවා යෑම සහ රටේ
ආර්ථිකයට ඇතිවන දැඩි බලපෑම
සැළකිල්ලට ගෙන විද්‍යානුකූල
ක්‍රමවේදයකට අනුව කෙටි
කාලසීමාවක රටවසා දැමීමට
පියවර ගන්නා මෙන් මෙරට වගකිව
යුතු වෘත්තිය සමිති ලෙස අපි එකි
ලිපිය මගින් ඉල්ලා සිටිමු.
මෙම ලිපියට සමස්ත ලංකා
කළමනාකරණ සේවා නිලධාරි
සංගමය, සෞඛ්‍ය
වෘත්තීයවේදීන්ගේ සංගමය, ජාතික
වෘත්තීය සමිති
මධ්‍යස්ථානය,අන්තර් සමාගම්
සේවක සංගමය, සෞඛ්‍ය වෘත්තීය
සමිති එකමුතුව, ස්වාධීන
වරායසේවක සංගමය, සියලු
සේවක සංගමය, ජාතික වෘත්තීය
සමිති මධ්‍යස්ථානය, ලංකා වෘත්තීය
සමිති සම්මේලනය යන වෘත්තීය
සමිතිවල නියෝජිතයින් අත්සන්
තබා ඇත.
ඒ අනුව දින දහයක විද්‍යාත්මක
රටවැසිමක් සිදුකිරීම, අවම
වශයෙන් එකීකාලය තුල පී.සී.ආර්.,
රැපිඩි ඇන්ටිජන් හා ක්ෂණික
ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ඇතුළු
කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක්
දිනකට සිදුකිරීම, ආසාදිතයින්
වෙන්කර රෝග ලක්ෂණ නැති අය
සඳහා නිවසේ නිරෝධායන ප්‍රතිකාර සැලසුම් කිරීම,රෝග ලක්ෂණ සහිත සාමාන්‍ය ප්‍රතිකාර අවශ්‍ය අය සඳහා ඇඳන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කිරීම, ප්‍රතිකාර අත්‍යාවශ්‍ය රෝගීන් සඳහා රෝහල් පද්ධතිය තුල ඇඳන් දසදහසක් වෙන්කර තැබීම, විද්‍යාත්මක අවේක්ෂණයක් හරහා රෝගය නිවැරැදිව පුරෝකතනය කිරීමට සැලසුම් කිරීම,එම කාලය තුල සංචාරකයින් ගෙන්වීම වැළැක්වීම, සියලු විදේශවල සිට පැමිණෙන ආගමනිකයින් හා ඔවුන් අතර ආසාදිතයින් සිටී නම් එම ප්‍රභේද පිළිබඳ සැළකිලිමත් වෙමින් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග ගැනීම,රටතුල හමුවන රෝගීන් ප්‍රමාණය අනුව කොළ,තැඹිලි , රතු කලාප හඳුනා ගැනීම සහ කොළ , තැඹිලි කලාප ආරක්ෂා කරමින් වැඩිදියණු කිරීම, රටවසා දමන කාලය තුලජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් මූලික අවශ්‍යතා ඉටුකිරීම.
එකී යෝජනාවලියේ පළමු යෝජනාව පමණක් ඔබ රජය ක්‍රියාත්මක කර තිබෙන අතර රටවසා දැමීම සඳහා ඔබ ගනු ලැබු තීරණය සම්බන්ධයෙන් අපගේ කෘතවේදීත්වය පළ කර සිටිමු. අපගේ අනෙකුත් යෝජනා රටවසා දැමිමට සමාගමීව ක්‍රියාත්මක නොකිරීම හේතුවෙක් පැතිරියන වසංගතයෙන් මහජනතාවත් රටේත ආර්ථිකයත් ආරක්ෂා කරගැනීමට නොහැකිවි ඇතිබව ඉතා කණගාටුවෙන් පෙන්වා දීමට කැමැත්තෙමු.