ලෝකයේ විවිධ රටවල් වල තිබෙන මානව හිමිකම් පිළිබඳව සාකච්ඡා තිබෙනවා. දශකයකට වැඩි මානව හිමිකම් යෝජනාවන් ලංකාවටත් තිබෙනවා. 2021 දී යෝජනාවක් ඉදිරිපත් වුණු බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.
එය මාර්තු මාසයේ 24 වැනිදා එම යෝජනාවේ තිබුනේ ලංකාවේ මානව අයිතීන් උල්ලංඝනය කිරීම පිළිබඳව . නමුත් එම යෝජනාවේ වැඩිපුරම තිබුණේ පසුගිය වසර එකහමාර යෙදී මානව අයිතීන් උල්ලංඝනය කිරීම් ගැන බවද හෙතෙම පෙන්වා දෙයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ (05) පැවති මාධ්‍ය හමුවේ දීය.එය කොළඹ 07, මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවැත්විණි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා මෙසේද කීය……සමහර අය එය වරදවා තේරුම් ගෙන තිබෙනවා යුද්ධ කාලයේ උනු දේවල් කියලා එය වැරදියි .එහි පසුගිය වසර එකහමාර තුල දේවල් තිබෙනවා මේ රජයට ප්‍රශ්න තුනක් තිබෙනවා එකක් තමයි ආර්ථික ප්‍රශ්නය, දෙවෙනි එක වසංගතය ගැන ප්‍රශ්නය , තුන්වෙනි එක විදේශ ප්‍රතිපත්තිය ගැන. අපි දන්නවා මෙම ප්‍රශ්න තුනෙන්ම රජය ඉදිරියට ඒමට අවශ්‍යයි. රජයේ දුර්වල කළමනාකාරිත්වය නිසා තමයි අපේ ආර්ථිකයේ කඩා වැටී තියෙන්නේ අපි දන්නවා ආදායම කඩා වැටුණේ වසංගතය ටත් ප්‍රථමයෙන් වසංගතයක් සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කෙරේ 2020 මාර්තු මාසේ නමුත් ආර්ථිකය කඩා වැටුණේ ඊටත් ප්‍රථයෙන් ශ්‍රී ලාංකාව ආර්ථිකය ජයග්‍රහණය කරන්න අවශ්‍යයි වසංගතය ජයග්‍රහණය කරන්නත් අවශ්‍යයි වසංගතයක් ගත්තම මිලියනකට වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වෙන්නේ ලංකාවේ එහිදී ජීවිත ජයග්‍රහණය කරන්නත් අවශ්‍යයි මේ තත්ත්වය ඇතිවුණේ දුර්වල කළමනාකාරිත්වය නිසා. විදේශ ප්‍රතිපත්තිය ගත්ත ම ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. ඒ තුලින් මේ රට ගොඩ නගන්නත් ආර්ථිකය ගොඩනඟන්න සිදුකල යුතුයි .මාර්තු මාසය ගැන සඳහන් කළා .මේ රජය මෙම මාස හයේදී තීරණ ගන්න ඕන මානව අයිතීන් ශක්තිමත් කරන්නත් වැරදි දේවල් ගැන සොයා බලන්නත් ඒ වගේම රටේ තිබෙන අභ්‍යන්තර මානව අයිතීන් පිළිබඳ ප්‍රශ්නය නිවැරදි කළ යුතුයි. බොහෝ දුරට සිදුවන්නේ මාස පහකට මුකුත් කරන්නේ නැතුව අන්තිමට කුමක් හෝ සංකේත වාදී දේවල් කිරීමයි අර්ථ වාදී දේවල් නෙමෙයි නමුත් බොරු දේවල් කරන්න නරකයි. රට ගොඩනගන්න නම් සංකේතවත් දේවල් කරලා හරියන්නේ නැහැ අර්ථවත් දේවල් කළ යුතුයි.
මෑතකදී අපි දැක්කා අධිකරණ ඇමතිතුමා වෙබ්සයිට් එකක් අරිනවා එය ජාතීන් අතර සමගිය හා සංහිඳියාව ඇති කිරීමේ කාර්යාලය නමින් වෙබ්සයිට් එකක් මොකක්ද එහි තේරුම යුද්ධය අවසන් වෙලා වසර 12ක් මේවා සංකේත වාදී දේවල් .ඒවා කරලා හරියන්නේ නැහැ සත්‍යවාදී දේවල් කළ යුතුයි .දින කිහිපයකට උඩදී අපි දැක්කා පුනරුප්තාපන කාර්යාලයක් එහි මාර්ගඋපදේශ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා එය හොඳයි ප්‍රමාද වුවත් හොඳ දේට හොඳයි කියනවා නමුත් එය සිදු කළත් ගැටලු ප්‍රශ්න තිබෙනවා එය විසඳිය යුතුයි. අපි දන්නවා මෙම කාර්යාල අපේ රජය කාලයේ 2018 දී විවෘත කළ පසුව එයට සාමාජිකයන් පත් කළා. 2021 අයවැයේ දී රුපියල් මිලියන 900 එයට වෙන්කර තිබෙනවා එයින් 800ක්ම යන්නේ යුද්ධය තිබුණු කාලයේදී මිනිස් ජීවිත අහිමිවුණා. දේපළ අහිමි වුණා. ඒ අයට සහනයක් ලබාදීමට හා වන්දියක් ලබා දීමටයි.එහිදී මිලියන 900න් මිලියන 800ලබලා දෙන්නේ ඒ අය වෙනුවෙන් නමුත් ඇත්තටම මේ පුනරුත්ථාපන කාර්යාලයේ තිබෙන්නේ වන්දි ගෙවීමට තමයි එහෙ ප්‍රතිපත්තියට තවත් එකතු විය දේයක් තිබෙනවා . එය මානව අයිතීන් සුරැකීමයි එය වැදගත් දෙයක් ප්‍රතිපත්තිය හදන විට එය මතක තියාගත යුතුයි උදාහරණයක් විදියට කියනවා නම් ප්‍රශ්න දෙකක් තියෙනවා යුද්ධ කාලෙකදි ජීවිත අහිමි වුනා නම් එම ජීවිත මතක් කරනවා අම්මා තාත්තා සිහිපත් කරනවා නැතිවෙච්ච අය සිහිපත් කරනවා එය ස්වාභාවිකයි .එහිදී පහනක් පත්තු කරනවා ඉටි පන්දම් දල්වා ගෞරවය පුද කරනවා එක ස්වභාවික දෙයක් නමුත් මතක තියාගත යුතුයි ඒකටත් සමහර වෙලාවට ඉඩදෙන්නේ නැහැ වසර 12 ක් වෙනවා යුද්ධය ඉවර වෙලා මෙම ප්‍රශ්න අපි විසඳිය යුතුයි. පසුගිය සතියේදි නවසීලන්තයේදි ශ්‍රී ලාංකිකයෙක් සුපර් මාර්කට් එකට ගිහිල්ලා මිනිස්සු පස් දෙනෙක් පමණ මරන්න උත්සාහ කරා හුඟක් අය තුවාල වුණා සමහර අය අසීරු තත්ත්වය රෝහල්වල සිටිනවා එහි අපට පාඩමක් තිබෙනවා. නවසීලන්ත අගමැතිනිය කිව්වා එය ජාතිය පිළිබඳව ආගම පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි ශ්‍රී ලංකා ප්‍රජාවට හිංසා පීඩා කරන්න අවශ්‍යතාවයක් නැහැ ත්‍රස්තවාදීන් මොන ජාතියෙ වුණත් කොයි ආගමේ වුනත් මොන කුලේ වුණත් ත්‍රස්තවාදීන්ය. එහිදී සිංහල ත්‍රස්තවාදයයි දෙමළ ත්‍රස්තවාදයයි මුස්ලිම් ත්‍රස්තවාදයයි අතරේ ප්‍රශ්නයක් නැහැ සියල්ල ත්‍රස්තවාදයයි එහිදී අපට සිංහල ත්‍රස්තවාදීන් වීරයෝ විදියට පෙන්නලා දෙමළ ත්‍රස්තවාදීන් මතක් කරන්න බැරි තත්වයක් ඇති කරන්නට බැහැ ඔවුන් සියල්ල ත්‍රස්තවාදීන් හැබැයි මේවට අපි මුහුණ දිය යුතුයි. අපි මානව හිමිකම් ගැන කල්පනා කරන්න අවශ්‍යයි ශ්‍රී ලංකාව ගොඩ නගන්න අවශ්‍යයි
ජාතිවාදය ආගම්වාදය කුලවාදය තෝරන්න ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට ඕන මේ දේවල් අපි කළ යුතුමයි.
අපි දැක්කා අතුරුදහන්වූවන්ගේ කාර්යාලයක් කිලිනොච්චි ප්‍රදේශයේ පසුගියදා ඇති කරා. අතුරුදහන් වූවන් හැට දහසකට ආසන්න ශ්‍රී ලංකාව තුළ සිටිනවා 5000 ක් පමණ සිටින්නේ පොලිසියේ හමුදාවේ අයයි අනිවාර්යයෙන් එය හොඳ වැඩක් එවැනි කාර්යාලයක් විවෘත වෙන එක හොඳයි ඒ අය ගැන අපි සොයා බැලිය යුතුයි ඒ වගේම ලිංගික පදනම් හිංසනය එයත් වැදගත් විශේෂයෙන්ම ගැටලුවක් තිබෙන කොට ලිංගික හා ලිංගික පදනම් හිංසනය කරලා තියෙනවා නම් එයත් අපි සොයා බැලිය යුතුයි එවැනි අයටත් අපි යම්කිසි මාර්ගඋපදේශයක් ලබා දිය යුතුයි සහනයක් ලබා දිය යුතුයි මේවා සිදු කළේ නැත්නම් අපිට මොකක්ද සිදුවෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් ඇතිවෙනවා මයි. ගියවර මෙම යෝජනාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ආවම එම අය කිව්වා ලංකාව මේවා පිළිපදින්නේ නැත්නම් මොකටද අපි ලංකාවට විශේෂ සැලකීමක් දෙන්නෙ කියලා. අපි මොකටද ජීඑස්පී ප්ලස් සහනය දෙන්නේ කියලා එම සහනය අපිට වැදගත් යුරෝපයට අපනයනය කරනවා භාන්ඩ බිලියන 2ට වැඩියි එහි 50% වැඩිපුර ප්‍රමාණයක් යන්නේ ඇඟලුම් කර්මාන්තය ටයි ඒකයි එම සහනය වැදගත් වෙන්නේ ඒ වගේම තවත් සහනයක් සිදුවෙනවා කුඩා හා මධ්‍ය මට්ටමේ ව්‍යාපාරිකයන්ට සහනයක් ලැබෙනවා ඒ හරහා ඊළඟ ආණ්ඩුව අපි පිහිට වන විට ප්‍රමුඛතාව දෙන්නේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ට ජීඑස්පී ප්ලස් එක එහිදී වැදගත් වෙනවා රට තුළ විකුණන දේ එම අයට අපනයනය කර විදේශ වෙළෙඳ පොළේ විකුණන්න පුළුවන්.ජීඑස්පී සහනය අපි කෙසේ හෝ බේරා ගත යුතුයි.
අද ජනතාවට ආර්ථික ප්‍රශ්න තිබෙනවා දුකයි ඒ ගැන ප්‍රකාශ කරන්න අපි 1977දී අහල තිබුන දේවල් මෑතකදී අපි අහලා නැහැ සුපර්මාර්කට් එකක් ළඟ කුණු බක්කි වලින් මිනිස්සු ආහාර එකතු කරයි කියලා අපි හිතුවේ නැහැ ඊයේ දිනයේ දුරකථන ඇමතුමකින් කිව්වා දෙහිවල ප්‍රදේශයේ කල් පැනපු ආහාර ද්‍රව්‍ය විසික් කරනවා එහි සිටින්නේ සාමාන්‍ය නෙමෙයි නමුත් ඇවිත් එතනින් එම කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අරගෙන ගිහින් තිබෙන බව එය රටේ හුඟක් තැන්වල සිදු වෙන දෙයක් බොහොම කණගාටු දෙයක් 1977 ගනන් වල මේවා අපි අහල තියෙනවා අපේ අම්මලා තාත්තාලා නමුත් මේ වගේ දේවල් අපේ ජීවිත කාලයේ සිදු වෙයි කියලා හිතුවේ නැහැ.