21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාරට ඉදිරියේදී විවෘත කළ හැකිද? වෛද්‍ය නලින්ද හේරත් මහතා පැහැදිලි කරයි.

රට ඉදිරියේදී විවෘත කළ හැකිද? වෛද්‍ය නලින්ද හේරත් මහතා පැහැදිලි කරයි.

*සෞඛ්‍ය අමාත්‍යාංශයට රජයෙන් උපදෙස්?

*වළක්වාගත හැකිව තිබු අවුරුදු 60ට වැඩි මරණ.

*රට ඉදිරියේදී විවෘත කළ හැකිද? එවිට අනුගමනය කළ යුතුදෑ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් හා මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පැහැදිලි කරයි.

අපි දැක්කා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමා ප්‍රකාශයක් කරනවා හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ෆයිසර් එන්නත 20-30කණ්ඩායමට ලබාදුන්නේ රජය දුන් උපදෙස් අනුව කියලා. මම මීට පෙරත් ප්‍රකාශ කළා මේ කාරණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනුයි රජයට තාක්ෂණික උපදෙස් ලබාදෙන්න ඕනේ. එවිට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රකාශය අනුව පරස්පර දෙයක් තමයි සිදුවෙලා තියෙන්නේ.

අපි දැක්කා පසුගිය කාලයේ වයස අවුරුදු 60ට වැඩි ජනගහනය නැත්නම් හැටට වැඩි පුරවැසියෝ විශාල සංඛ්‍යාවක් මරණයට පත්වෙනවා. කොවිඩ්වලින් මරණයට පත් 80%ට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයින් තමයි මරණයට පත්වුණේ. එවිට මේ මරණ සංඛ්‍යාව වළක්වා ගන්න අපිට හැකියාවක් තිබුණා මේ හැටට වැඩි පුරවැසියන්ට එන්නත් ලබාදීමට ප්‍රමුඛතාවයක් ලබාදුන්නානම්. එම 60ට වැඩ වයස් කාණ්ඩයට ප්‍රමුඛතාවයක් දුන්නේ නැති නිසා තමයි යම්කිසි ආකාරයකට ඒ එන්නත්කරණය අදටත් සම්පූර්ණ වෙලා නැත්තේ. මේ සිද්ධවු මරණවලට අනිවාර්යෙන් ඒ වැරැදි තාක්ෂණ තීරණ ගත් අය තාක්ෂණික තීරණවලින් පරිබාහිරව කටයුතු කළ පුද්ගලයෝ මේ සිදුවු මරණවලට වගකියන්න වෙනවා.

රට විවෘත කරන්න අපිට සිදුවෙනවා රටවහගෙන මේවිදියට දිගටම යන්න බැහැ. අපි ලෝකය දෙස බැලුවාම දැකපු දෙයක් තමයි ඒ අය මේවිදියට දිගටම ලොක්ඩවුන් එකක සිටින්නේ නැහැ කියන එක. හැබැයි මෙහිදි රට නැවත විවෘත කරද්දි අනුගමනය කළ යුතු කරුණු තියෙනවා. රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා. මහජනතාව ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. ඒ නිසා මේ දෙපාර්ශවයම ඒ යුතුකම් කොටස නිසියාකරව ඉටුකරන්න වෙනවා. මහජනතාව මුඛආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වාගෙන යෑම, අත් නිතරම සෝදාගැනීම ඒ කරුණු ගැන මහජනතාව නිතර අවධානය යොමුකරන්න වෙනවා.ඒ වගේම රජය විශේෂයෙන් රට විවෘත කරනවා නම් පොදු ප්‍රවහන පහසුකම්වල තිබෙන තදබදය අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න වෙනවා. පාසැල් ආරම්භ කරනවා නම් ළමුන් එන්නත් කරණය, ගුරුවරු එන්නත් කරණය පාසැල්වල අත්සේදීමේ පහසුකම් දුරස්ථභාවය පවත්වාගෙන යෑමේ පහසුකම් මේ සියල්ල ගැන අවධානය යොමුකිරීම ඉතාම වැදගත් වෙනවා. මේ සියල්ල කොට රට විවෘත කිරීම තමයි කළ යුතුවන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments