නිරෝධායන ඇදිරිනීති කාලය තුල ලක්ෂ පහලොවකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ස්ථානාධිපති පො.ප. සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දූව පොළ ඉදිරිපිට දී හා වේල්ලවීදිය පොලිස් වසමේ පරණ යෝන් වීදිය, LPS තොග වෙළඳසැල ඉදිරිපිට දී වැටලීම් 02 ක් සිදුකර ඇත.
එහිදි රුපියල් ලක්ෂ පහලොවකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 208 මිලි ග්‍රෑම් 890 යි සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ඇත. තවද අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගත් රු. 3,50,000.00 ක්, මෝටර් රථ 02 ක්, ජංගම දුරකථන 06 ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරිණි.
අත්අඩංගුවට ගත පුද්ගලයින් වයස අවුරුදු 24,41 අතර පසුවන කොළඹ, අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්වෙති. සැකකරුවන් හා භණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.
කැස්බෑව පොලිස් වසමේබෙරවාවල මඩපාත යන ස්ථානයේ පිහිටි තස්මි ස්ටොර්ස් වෙළෙඳසැල පිටුපසදී වැටලීමක් සිදුකොට හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 720ක් ළඟතබාගත් පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා කැස්බෑව පොලිසියට භාරදී තිබේ. මේ අතර මෙහෙයුම් අංක 1හි නිලධාරින්ට ලබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් බියගම පොලිස් වසමේ කඩුවෙල මචං රෙස්ටුරන්ට් ඉදිරිපිට වැටලීමක් සිදුකර සංචරණ සීමා උල්ලංඝනය කර බලපත්‍ර නොමැතිව RITZANDY 750 mlමත්පැන් බෝතල් විකිණීම සඳහා මෝටර් රථයකින්(wp kq 1918) ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන බියගම පොලිසියට භාරදී තිබේ. කඩවත බලංගලාවත්ත කිරිල්ලවල වැටලීමක් සිදුකර නීතිවිරෝධි මත්පැන් ළඟතබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට කටයුතු යොදා ඇත. මෙහිදි නීතිවිරෝධි මත්පැන් මිලි ලිටර් 67, 500ක් අත්අඩංගුවට ගෙන ඇත.ගෝනහේන කඳවුරේ නිලධාරීන් ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමවක් කඳාන පොලිස් වසමේ පොල්පතිමූකලාන වැටලීමක් කර නීතිවිරෝධි මත්පැන් මිලිලීටර් 33,750ක්, ගෝඩාලීටර් 360ක්, ගෑස් සිලින්ඩර් එකක්,ගෑස් ලිප් එකක්,තඹදඟර, යකඩ බැරල් එකක්, ප්ලාස්ටික බැරල් එකක් අත්අඩංගුවට ගෙන ඇත. ඉමයාන්ම, කිලක්කු, උඩුපිටි ප්‍රදේහයේදී වැටලීමක් කරබලපතු රහිතව ගවමස් කිලෝ 13.9ක් ළඟ තබාගත් පුද්ගලයකු අත්අංගුවට ගෙන නෙල්ලඩි පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. එමෙන්ම නෙල්ලිඅඩි පොලිස් වසමේ තොණ්ඩමන් ආරු මාර්ගයේ වම්පස කැලෑබද ප්‍රදේශයේදී බලපතු රහිතව යතුරු පැදියකින් ගවමස් ප්‍රවහනය කළ පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇත. මැදවච්චිය පොලිස් වසමේ නබඩගස්වැල වැව් ඉස්මත්ත රජයේ කැලෑව ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ස්කැවේටර් යන්ත්‍රයකින් අක්කර දෙකක ප්‍රමාණයක් එළිපෙහෙලි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් කඳවුරේ නිලධාරි කණ්ඩායමක් සිදුකළ මෙහෙයුමකදී එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදීන් සඟවන තබන ලැද යැයි සැකකෙරෙන පුපුදරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව තවත් කැලීපාළුවන්, නීතිවිරෝධි මත්පැන් හා වැලි ජාවාරමුන්ද අත් අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වී ඇත.