21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsජවාරම් රැසක සුලමුල එස්.ටි.එෆ්. සොයා ගනී.

ජවාරම් රැසක සුලමුල එස්.ටි.එෆ්. සොයා ගනී.

ආනයනය තහනම් කර තිබෙන් කහ, බලපත්‍ර රහිතව රජය අනුමත අරක්කු , කැලෑපාළුයන් වැලි ජාවාරමුන් හා නීති විරෝධි මත්පැන් ජවාරමුන් රැසක් (18) හා (19)දිනයන්වල එස්.ටි.එෆ්. සිදුකළ වැටලීම්වලදී සොයාගැනීමට සමත්වි ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් ගණේමුල්ල පොලිස් වසමේ රජයේ අනුමත අරක්කු මිලි ලීටර් 44,250ක් බලපත්‍ර නොමැතිව ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක (1)හි නිලධාරි කණ්ඩායමක් ඇවරිවත්ත පොලිස් වසමේ බලපත්‍රයක් නොමැතිව මෙරටට රැගෙන ඒමට තහනම් ද්‍රව්‍යක් වන කහ කිලෝ 1153ක් හා ග්‍රෑම් 700ක් රැගෙන එනු ලැබු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

තණමල්විල පොලිස් වසමේ නීති විරෝධිව අක්කර කාලක් පමණ භූමියක වගා කරන ලැබු අඩිපහ මාරක් උස ගංජා ගස් 5040ක් පමණ හේනක් හා පුද්ගලයකු අත්අඩංගුව ගෙන තිබේ.

එමෙන්ම අවිස්සාවේල්ල පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් මිලි ලීටර්67.500ක් හා ගෝඩා ලිටර් 180ක් හා පෙරීමේ උපකරණ ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර නාරම්මල පොලිස් වසමේ බලපත්‍ර රහිතව බොරළු පස් ප්‍රවහනය කරමින සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසෙල්වත්ත පොලිස් වසමේ නීති විරෝධි දුම්වැටි 2000ක් ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත.

කෑගලල් පොලිස් වසමේ නීති විරෝධි අයිස් මිලි ග්‍රෑම් 1,500ක් ළඟතබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙනතිබේ. විශේෂ කාර්ය බලකාය කතරගම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් කතරගම පොලිස් වසමේ මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවක් සැකකුරවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන තිබේ.

අගුණකොළපැලැස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බන්ධනාගාර රැඳවියන් ඇතුල් කිරීමට ප්‍රථම පරීක්ෂා කරන ස්ථානයේදී රැඳවියකු පරීක්ෂා කිරීමේදි ගුඳ මාර්ගයේ සඟවා තිබු සුදුපාට පොලිතින් කැබලිවල ඔතන ලැබු දුම්කොළ සුරුට්ටු පහක් සොයාගෙන ඇත.

පුලියන්කුලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් ඕමන්ත පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් බොරළුපස් කපා ප්‍රවාහනයට සූදානම් කරමින් සිටි සැකකරුවන් සිවු දෙනකු ටිපර් රථ හතරක් සහ බැකෝ යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මැදිරිගිරිය පොලිස් වසමේ සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුලට තුලට අනවසරයෙන් ඇතුළුවී රක්ෂිතය තුල තහනම් දැල් යොදා මසුන් මැරීම ගිණි දැල්වීම ආදි නීති විරෝධි ක්‍රියාවන් වල නිතරව සිටි පුද්ගලයින් හත්දෙනකු ඔමුන් පැමිණි යතුරු පැදිද සමග අත්අඩංගුවට ගෙන ඇත. පුල්මුඩේ පොලිස් වසමේ පන්කුලම් රජයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවි අක්කරයක පමණ භූමි ප්‍රමාණයක් බලපත්‍ර රහිතව එළිපෙහෙලී කර ගිනි තබමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

උප්පුවේලි පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි පටවා ප්‍රවාහනය කරමින් සිටි ට්‍රැක්ටර් හතරක් හා ටිපර් රථයක් සමග පුද්ගලයින් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අග්බෝපුර පොලිස්වසමේ බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් ජේසිබි යන්ත්‍රයක් යොදාගනිමින් මැණික් පතලක් කැණීම් කරමින් සිටි පුද්ගලයකු එම යන්ත්‍රයද සමග අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල පොලිස් වසමේ හෙරෝයින් මිලිග්‍රෑම් 1,465ක් ළඟතබාගත් අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments