22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාරජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විශේෂ පැහැදිලි කිරීමක්.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විශේෂ පැහැදිලි කිරීමක්.


*කොවිඩ් එන්නත්කරණයේ අද දවසේ ජයග්‍රහණ:

✳ කොවිඩ් වසංගතයේ ඉදිරි අභියෝග:

*පස්වන කොවිඩ් රැල්ලක් වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග:

කොවිඩ් එන්නත්කරණයේ අද දවසේ ජයග්‍රහණ:

1 ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50%කට එන්නත් මාත්‍රා දෙකම ලබාදීමට හැකිවී ඇත. එනම් ඔක්තෝබර් මාසය ආරම්භය වන විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 50%ක් කොවිඩ් රෝගයට මුහුණ දීමට අවශ්‍ය පූර්ණ ප්‍රතිශක්තිකරණය උදාකර ගනී.

2️⃣ (18) ශ්‍රී ලංකාවට ලැබුන Sinopharm එන්නත් මාත්‍රා මිලියන 4ත් සමඟ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 73%කට ආසන්න ප්‍රමාණයක් පූර්ණ ලෙස එන්නත්කරණය කිරීම සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා මිලියන 31.4 ගෙනැවිත් ඇත. එනම් වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා හට එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමට ප්‍රමාණවත් එන්නත් ගෙනැවිත් ඇත. වයස අවුරුදු 20 ට වැඩි ජනතාව උනන්දුවෙන් තමන්ට හිමි එන්නත් මාත්‍රා 2 ලබාගතහොත්, ඔක්තෝබර් මාසයේ අග වන විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 73%ක් පූර්ණ ලෙස ප්‍රතිශක්තිකරණය ළඟා කර ගනී.

3️⃣ 2021.09.17 වන දිනය වනවිට ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් සඳහා Pfizer එන්නත ලබාදීම සඳහා අනුමැතිය ලැබුණු අතර, ඉදිරියේදී ලැබීමට නියමිත Pfizer එන්නත් මිලියන 4 මගින් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 12 ට වැඩි පාසල් දරුවන්, බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන කමිටුවේ අනුමැතියට යටත්ව ක්‍රමානුකූලව එන්නත්කරණය කිරීම තුළින් ඔවුන් සඳහා වඩා ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීමට හැක.

ඒ අනුව පෙනී යන්නේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාවට සිදු වූ බලපෑම පාලනය කරගනිමින් ඉදිරි ඔක්තෝබර් මාසය ආරම්භයේ සිට ක්‍රමානුකූලව රට විවෘත කරමින්, නොවැම්බර් මාසය ආරම්භ වනවිට නැවතත් නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය ආරම්භ කිරීමටත්, රටේ ආර්ථිකය සඳහා කොවිඩ් වසංගතයෙන් සිදු වූ බලපෑම අවම කර ගැනීමටත් හැකි වනු ඇති බවයි.

✳ කොවිඩ් වසංගතයේ ඉදිරි අභියෝග:

1️⃣ අදටත් මරණ වැඩි වශයෙන් වාර්තා වන්නේ වයස අවුරුදු 60ට වැඩි, එන්නත්කරණය සඳහා යොමු නොවූ වැඩිහිටියන් අතරය. එබැවින් තමන්ට හිමි එන්නත මේ වන විට රටට ගෙනැවිත් තිබුණද, එය ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි ජනතාව එන්නත්කරණයට භාජනය කිරීම තුළින් ඉදිරියේ සිදුවන මරණ සංඛ්‍යාව අඩුකරගත හැක.

  1. වයස අවුරුදු 20ත් 30ත් අතර පුරවැසියන් සුපිරි එන්නතක් (Super Vaccine) පිළිබඳව විශ්වාසය තබමින් එන්නත්කරණයට යොමු නොවීමත්, විවිධ පාර්ශව විසින් එන්නත්කරණය පිළිබඳ මිත්‍යා මත පතුරවමින් ජනතාව බිය ගැන්වීමත් නිසා ඇතැම් පිරිස් එන්නත ලබා ගැනීමට උනන්දුවක් නොදැක්වීම නිසා අප බලාපොරොත්තු වන එන්නත්කරණයේ 70% කඩඉම ළඟා කර ගැනීමට නොහැකි වුවහොත්, වසංගතය පාලනය කරගැනීමට එන්නත්කරණය තුළින් ලබාගත හැකි වාසිය අහිමි විය හැක.
  2. පසුගිය සිකුරාදා දිනයේ මත්පැන් සල් විවෘත කිරීමත් සමඟ, මත්පැනට ඇබ්බැහි වූ ජනතාව එම ස්ථානවල ඒකරාශී වූ ආකාරයෙන් පෙනී යන්නේ වසංගතය හමුවේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිබඳ ඔවුන් කිසි තැකීමක් නොදක්වන බවයි. මෙම තත්ත්වය ඉදිරියටත් එලෙසම පැවතියහොත් සමාජය තුළ වෛරසය පැතිරීමේ අවදානම අඩු කර ගැනීමට නොහැකි වේ.

4️. එන්නත්කරණයට භාජනය වුවත් සමාජය තුළ පැතිරෙන වෛරසය විනාශ නොවේ. එමෙන්ම එන්නත් ලබා ගත් අය රෝග ලක්ෂණ නොමැතිව වෛරසයේ වාහකයන් ලෙස කටයුතු කළ හැක. එබැවින් සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වූ නව ජීවන රටාවකට හුරුවීම ඉතා වැදගත්වේ. සමාජය තුළ වෛරසයේ සාන්ද්‍රණය අඩුකර ගැනීම සිදු කරගත යුතුය. නැතහොත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ආවේණික, එන්නත්කරණයට ප්‍රතිරෝධයක් දක්වන කොවිඩ් ප්‍රභේදයක් ඇතිවීමේ අවදානම ඉවත් කල නොහැක.

✅ පස්වන කොවිඩ් රැල්ලක් වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග:

(1️) රටේ ජනගහනයෙන් 70% කට වඩා පූර්ණ ලෙස එන්නත්කරණය කිරීම සහ පාසල් දරුවන් බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන කමිටුවේ අනුමැතිය හා මාර්ග උපදේශනයන්ට අනුව එන්නත්කරණය කිරීම.

(11_ බෝවන රෝග පිළිබඳ ජාතික එන්නත් කමිටුවේ අනුමැතියට යටත්ව නොවැම්බර් මාසයේ සිට එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අවශ්‍ය කාණ්ඩ සඳහා ප්‍රමුඛතා අනුපිළිවෙලකට තුන්වන එන්නත් මාත්‍රාවක් (booster dose) ලබාදීමේ කටයුතු ආරම්භ කිරීම.

(111) සෞඛ්‍යය උපදේශනයන්ට අනුගත වෙමින් නව ජීවන රටාවක් සඳහා ජනතාව හැඩගැසීම.

(iv) එන්නත්කරණයට භාජනය වූ, රෝග ලක්ෂණ නොපෙන්වන වෛරසය සහිත පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සුලභව නව සහ සරල COVID පරීක්ෂණ ක්‍රමවේද හඳුන්වාදීම.

(v) සමාජය තුළින් කොවිඩ් පොකුරු ඇතිවීම හඳුනාගැනීම සඳහා අහඹු නියැදි පරීක්ෂණ විද්‍යානුකූලව සහ ඒකාකාරීව, සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස සිදු කිරීම.

(vi) නව කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ජාන පරීක්ෂණ විද්‍යානුකූලව සහ ඒකාකාරීව සිදු කිරීම මඟින් දරුණු විය හැකි නව ප්‍රභේද මුල සිටම හදුනාගෙන එය පැතිරීම වැලැක්වීමට අවශ්‍ය උපාය මාර්ග ගැනීම.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments