hhhhh
අන්තරාදායක මත්ද්‍රව්‍යක් වන කුෂ්
මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු විශේෂ
කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන
තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන
නිලධාරී නියෝජ්‍ය පොලිස්පති
නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ
සෘජු අධීක්ෂණය යටතේ විශේෂ
කාර්ය බලකාය ගෝනහේන
කඳවුරේ නිලධාරීන්ට ලැබුණු
තොරතුරකට අනුව පොලිස්
පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු
නිලධාරී කණ්ඩායමක් (21)
වැල්ලම්පිටිය පොලිස් වසමේ දී
වැටලීමක් සිදුකර ඇත.
කුෂ් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන
අලවිකිරිමට සුදානමි කර සිටි
වැල්ලමිපිටිය ප්‍රදේශයේ පදිංචි
වයස අවුරුදු තිස්දෙකක පුද්ගලයකු
සමග කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ එකයි,
ග්‍රෑම් එකසිය අසුවයි, ජංගම
දුරකතන එකක් අත්අඩංගුවට ගෙන
තිබේ. මෙහි වඩිනාකම් රුපියල්
ලක්ෂ දෙකකට අධිකවේ. මෙහි
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත
භාර දී තිබේ.
මේ අතර එස්.ටී.එෆ්. දෛනික
වැටලීම්වලදී වැලිකඩ බන්ධනාගාර
සංකීර්ණයේ රාජකාරි කරනු ලැබු
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්
කණ්ඩායමක් වැලිකඩ
බන්ධනාගාර සංකීරණයේ රැඳවියන්
සෝදිසි කරන ස්ථානයේදී මුදල්
සඟවාගෙන සිටි රැඳවියකු
අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ
කාර්ය බලකායේ මෙහෙයුම්
අංශයේ නිලධාරී කණ්ඩායමක්
වැල්ලම්පිටිය පොලිස් වසමේ
කොලොන්නාව ප්‍රදේශයේදී නීති
විරෝධි ලෙස දුම්වැටි ළඟ
තබාගෙන සිටි පුද්ගලයකු
අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම
කඳවුරේ නිලධාරී කණ්ඩායමක්
නොරොච්චෝලේ පොලිස් වසමේ
සේතපොල මාම්පූරිය ප්‍රදේශයේදී
බලපත්‍ර රහිතව ස්ථානයකින් වැලි
කැණීම්කර නීති විරෝධිව ටිපර්
රථයකට පටවමින් සිටි අයකු
අත්අඩංගුවට ගෙන තිබේ.පුත්තලම
කඳවුරේ නිලධාරී කණ්ඩායමක්
නවගත්තේගම පොලිස් වසමේ
වෙම්බුවැව පොළපාර
නවගත්තේගම ප්‍රදේශයේදී බලපත්‍ර
රහිතව දැව ඉරුම් බංකුවක් භාවිතා
කරමින් කොහොඹ හා තේක්ක
වර්ගයේ දැව ඉරමින් සිටි
පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට
ගෙන තිබේ. පුත්තලමේ සිදුකළ
තවත් වැටලීමකදී මරවිල පොලිස්
වසමේ කලිමුල්ල, හැපවිල
ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන්
ළඟ ළඟ තබාගෙන සිටි පුද්ගලයකු
ඒවා නිෂ්පාදනය කිරීම සඳහා
යොදා ගන්නා උපකරණ ද සමග
අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම
කඳවුරේ නිලධාරි පිරිසක්
නවගත්තේගම පොලිස් වසමේ
රච්චාරාගම පන්සල ඉදිරිපිට
ප්‍රදේශයේදී බලපත්‍ර ඉරුම් බංකුවක්
භාවිතා කරමින් කොහොඹ හා
බුරුත වර්ගයේ දැව ඉරමින් සිටි
දෙදෙනකු අත්අඩංගුවට ගෙන
ඇත.පුත්තලම කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් හලාවත පොලිස්
වසමේ මාළු වෙළෙඳ සංකීර්ණය
අසලදී කේරළ ගංජා ළඟ තබාගෙන
සිටීමේ වරදට පුද්ගලයෙක්
අත්අඩංගුවට ගෙන තිබේ. උඩවලව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් උඩවලව පොලිස් වසමේ කොළඹගේආර, සංඛපාල ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව ජංගම ඉරුම් බංකුවක් මගින් තේක්ක ඉරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම අම්බලන්තොට කඳවුරේ නිලධාරී කණ්ඩායමක් හම්බන්තොට වරාය පොලිස් වසමේ හඳපානාගම ගම්මානය ප්‍රදේශයේදී බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් ජෙ.සි.බි. යන්ත්‍රයක් මගින් පස් කැණීම් කරමින් සිටි අයකු සහා එමයන්ත්‍රයක්, ටිපර් රථයකට පස් පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මාන්කූලම් කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මල්ලාවී පොලිස් වසමේ මහජනතාව භීතියට පත්කරමින් තහනම් ආයුධ ගණයට අයත් තියුණු මුවහත් සහිතලෝහ කඩු පහක් සමග දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරී පිරිසක් කොඩිකාමම් පොලිස් වසමේ මන්දුවිල් උතුර කොඩිකාමම්, කේලම් අම්මන් කෝවිල පිටුපස කුඹුරු ප්‍රදේශයේ දී බලපත්‍ර රහිතව වැලි කැණීම් කරමින් සිටි අයකු අත්අඩංගුවට ගැනීම. ගම්පොළ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් ගම්පොල පොලිස් වසමේ නාරංවිට පොල්වත්ත, වැලිතොටුපොළතුලදී බලපතු රහිතව වැලි ගොඩ දැමීම බලපත්‍ර රහිතව වැලි ප්‍රවහනය සඳහා සූදානම් කර තිබීම සහ ගඟට ප්‍රවේශ වන මාර්ග කොන්දේසී උල්ලංඝණය කිරීම යන වරදට පුද්ගලයන් දෙදනකු හා දේපොළ අත්අඩංගුවට ගෙන ඇත.