22.4 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedරජයේ සියලුම පාසැල්වල ප්‍රාථමික අංශ (25) ආරම්භ කෙරේ.

රජයේ සියලුම පාසැල්වල ප්‍රාථමික අංශ (25) ආරම්භ කෙරේ.

දිවයින පුරා පිහිට රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) එළඹෙන 25 වන සඳුදා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී තිබේ.

ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා ඒ බව පැවසීය.

පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හි ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 දින සිට ආරම්භ විය.

ඒ අනුව දෙවන අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල් හි ප්‍රාථමික අංශ  (1 සිට 5 දක්වා ශ්‍රේණි) මෙලෙස ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලැබී තිබේ.

මේ අතර රජයේ අනුමත පෞද්ගලික පාසල්, කතෝලික පාසල්වල ප්‍රාථමික අංශ ද ඊට සමගාමීව අධ්‍යාපන කටයුතු  ආරම්භ කිරීමට තීරණය වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments