බලපත්‍ර නොමැතිව වෙනිවැල් ගැට කිලෝග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට
අනුව හොරණ කඳවුරේ උප පොලිස් පරීක්‍ෂක ඩී.එස්.ආර්. ඉලංගසිංහ ඇතුළු නිලධාරී කණ්ඩායමක් සහ කහවත්ත කඳවුරේ නිලධාරී කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (10) ඉංගිරිය
පොලිස් වසමේ ලබුගම, කලටුවාව ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී බලපත්‍ර නොමැතිව වෙනිවැල්ගැට කිලෝග්‍රෑම් හාරසීයක් ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවු. 20, 24,
22 ක වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉංගිරිය අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත.
එමෙන්ම රුපියල් ලක්ෂ දහයකට වැඩි කේරළ ගංජා තොගයක් ළඟ තබාගත් පුද්ගලයකු හා කේරළ ගංජා වෙළදාමේ යෙදුණු පොලිස් සැරයන් වරයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්
අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය
යටතේ පුලියන්කුලම කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එල්.එස්. ගුරුසිංහ ඇතුළු නිලධාරී කණ්ඩායමක් (09) පුලියන්කුලම පොලිස් වසමේ ශ්‍රි
මුත්තුකුමාර්නගර්, ඒ 09 පාර, පුලියන්කුලම ලිපිනයේ දී වැටලීමක් සිදුකොට කේරල ගංජා කිලෝ ග්‍රෑම් 6.05 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න
කිරීම් වල දී ඕමන්ත පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පො.සැ. 23204 ජයලත් යන නිලධාරියා කේරළ ගංජා වෙළදාම සඳහා කේරළ ගංජා ලබා දීම
සම්බන්ධයෙන් සැකපිට එම නිලධාරියා, පුලියන්කුලම ප්‍රදේශයේ වයස අවුරුදු 38 ක හා මාතලේ ප්‍රදේශයේ වයස අවුරුදු 41 ක පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන
කටයුතු සඳහා වව්නියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි අත්අඩංගුවට ගත් භාණ්ඩවූයේ කේරළ කිලෝ 06, ග්‍රෑම්05 ක්,සිම්පත් 02 ක් හා ජංගම දුරකථනයක්ය.