ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල් වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවි තිබේ. ඒ අනුව මෙරට වටිනාකමින් රුපියල් මිලියන විසිපහකට අසන්න මුදලක් අසුවි තිබේ.
මොවුන් (28) emirates ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට තැත්කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි . වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී මගීන්ගේ ගමන්මලු තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය . අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 95000, යුරෝ 18000 සවුදි රියාල් 37000 විය. මෙම මුදල් වල ශ්‍රී ලාංකීය වටිනාකම රුපියල් මිලියන 25කට ආසන්න වෙයි . අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් පවතී .