රට ආර්ථික ව්‍යසනයකට ආසන්නවි සිටින බැවින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 එක්ව රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන්න වහාම ක්‍රියා කළ යුතු බව අපනයන, ආනයන සහ භාණ්ඩ ප්‍රවාහන ඇතුළු ඒ් සම්බන්ධ සේවා සපයන සංගම් එකමුතුව ඉල්ලා සිටියි.
මේ එකමුතුවට සංගම් තිස් අටක් එක්ව සිටින අතර අද දිනයේ සංගම් විසිතුනක් එක්ව සිටියි. මෙම තත්ත්වය සුදුසු වියදම් කඩනමින් ක්‍රියාත්මක කිරීමටත් පසුව මෙම තත්ත්වය මැඩ පැවැත්වීමට වහාම අධිෂ්ඨානශීලිව කටයුතු කළ යුතුයි. වත්මන් තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් වෙළෙඳ භාණ්ඩ සහ අපනයන හරහා ඔවුන්ගේ සමාගම් සෑම වසරකම සාමුහිකව උපයනු ලබන ඩොලර් බිලියන 16.7ක පමණ ආදායම ඉදිරියේදි නවතිනු ඇති බවයි. තවද මිලියන 4.2කට වැඩි කම්කරුවන් නැතහොත් ශ්‍රීලංකාවේ සමස්ත වැඩකරන ජනතාවගෙන් අඩකට වැඩි පිරිසකගේ ජීවනෝපායන්ටද මෙම තත්ත්වය දැඩි ලෙස බලපානු ඇති බබව ඔවුන් පවසයි. මේවනවිට අත්‍යාවශ්‍ය ඖෂධ සහ ඉන්ධන ආනයනය කිරීමට හා විදේශ විනිමය පිළිබඳ දැඩි අර්බුදයක් පවතින මේ අවස්ථාවේදී මෙම තත්ත්වය බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන්නක් බවද එම සංගම් නියෝජිතයින් අවධාරණය කළහ.
ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටීමෙන් අවධානමක් ඇති බවට අනතුරු හඟවති. මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වනු අතර විරැකියාව සහ සමාජ අසහනය ඉහළ යන බවද පෙනෙන්නට තිබේ. නැව් භාණ්ඩ ප්‍රවාහනය සහ ගුවන්සේවාවල අඩුවීමක්ද පෙන්නුම් කෙරෙන අතර එමගින් සැපයුම් දාමයන්වලට , අපනයනකරුවන්ගේ සහ ආනයනකරුවන්ගේ මෙහෙයුම්වලට බාධාවන් එල්ලවනු ඇත. මෙම තත්ත්වයට ඉක්මනින් විසඳුම් ලබා නොදුනහොත් මූල්‍ය අංශයේ ඇතිවිය හැකි අස්ථාවරත්වය පිළිබඳ ඒම සංගම් දැඩි කණස්සල්ලට පත්සිටිති.
පෞද්ගලික අංශයට අයත් මෙම සංගම් විසින් කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යවන ලද ලිපියක්ද මෙම මාධ්‍යඉදිරිපත් කරන ලදි. මෙරට ආර්ථිකයේ සියලුම ප්‍රධාන ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රධාන සංගම් තිස් අටක් මෙම ලිපියට අත්සන් කර තිබේ. මේ අවස්ථාවේදි සියලු මතභේද පසෙකලා අවශ්‍ය නම් වහාම අන්තර්වාර රජයක් පිහිටුවා ශ්‍රී ලාංකේය ජනතාව හා ජාතික අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම දේශපාලන පක්ෂවල නායකයින් සහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනගෙන් ඉතා ඔ්නෑකමින් ඉල්ලා සිටිනවා. බව ලබාදුන් ලිපියේ සඳහන්වේ.
මෙහිදි අදහස් දැක්වු ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන නිෂ්පාදකයින්ගේ සහා අපනයනකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් රොහාන් මාසකෝරාල මහතා කියා සිටියේ වර්තමානයේ දේශපාලන හා ආර්ථික අර්බුදය තවදුරටත් ඉදිරියට යෑමට ඉඩදිය නොහැකියි. අපට සතියක් ඇතුළත කැබිනට් මණ්ඬලයක් සහ අතුරු පාලන ආණ්ඩුවක් අවශ්‍යයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රජය මෙයට නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වුවහොත් ඉදිරියේදී රටට හා ජනතාවට සිදුවිය හැකි භයානක ප්‍රතිවිපාක ගැන සැලකිල්ලට ගනිමින් සියලු දේශාපලන පක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ න් පුද්ගලික අංශය එක්ව මෙයට කඩිනම් විසඳුමක් ඉල්ලා සිටින බවයි. ඇඟලුම් වැනි ප්‍රධාන අපනයන අංශ විසින් පවතින බාධාවන් අවම කර නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගෙන යමින් හා අත්‍යාවශ්‍ය විදේශ විනිමය උපයමින් මෙරට දහස් ගණකගේ රැකියා සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීමට උපරිමයෙන් කටයුතු කරමින් සිටිනවා. යනුවෙන් ඒ්කබාද්ධ ඇඟලුම් සංසදයේ මහා ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවැසීය. නමුත් මෙම තත්ත්වය නිසා ඔවුන්ද ඉතා කම්පනයට පත්ව සිටින අතර අපනයන අංශ ඇතුළු සියලු කර්මාන්තයන් මෙයින් දැඩි බලපෑමකට ලක්ව තිබෙනවා මේ සඳහා අපට වහා විසඳුමක් අවශ්‍යයි.
මෙම දේශපාලන අර්බුදය නිසා ශ්‍රී ලංකාවේ වහා විසඳුම් ලබාදිය යුතු ආර්ථික අභියෝග සඳහා වන අවධානය ඉවත්ව තිබෙනවා. ඒ්නිසා මෙරට ප්‍රධාන අංශ රැකියා සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා උපරිම ප්‍රමුඛතාවය දිය යුතුයි. යනුවෙන් කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය සභාපති ජයන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. මේ සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රීයාමාර්ග පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් සතුව සැලසුමක් තිබෙනවා.
මේ සඳහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ගයක් සඳහා වු ඉල්ලීමක් සමගම ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල (IMF)සමග සිදුකරන සාකච්ඡාවලදි ශ්‍රී ලංකාවේ සහයට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අනෙකුත් ද්විපාර්ශවීය සහ බහුපාර්ශවීය හවුල්කරුවන්ගෙන සහය ලබා ගැනීමේ උපදේශකයින් පත් කිරීමේ යෝජනාවක්ද සංගම් ඉදිරිපත් කළහ.
මෙහිදි නිහාල් සෙනෙවිරත්න,තලාල් ෂම්ස්, ඇතුළු සංගම් කිහිපයක නිලධාරීන් හා නිලධාරිණියන් අදහස් දැක්වූහ. මෙය කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදි ඉකුත්(08) පැවැත්විණි.