ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් (28) උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් විධාන රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගේ මගපෙන්වීම යටතේ, වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර සංචිත නිසි ලෙස පවත්වාගැනීමේ අරමුණෙන් මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කෙරිණි. මෙම උතුම් සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උතුරු මැද නාවික විධානයේ ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය සහ ශික්ෂා ඇතුළු විධානයේ අනෙකුත් ආයතනයන්ගේ නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලදී.
ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරී සහ උතුරු මැද නාවික විධානයේ විධාන වෛද්‍ය නිලධාරී ගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය ආර් හින්දුජා මෙනෙවිය ඇතුළු එම රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද දායකත්වය ලබා දෙන ලදී.