අමෙරිකාවේ නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ හි නිලධාරීන්ට ප්‍රදේශවාසීන් ගෙන් ලබුණු තොරතුරකට, අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කදවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.යූ.එස්. ද සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) ඉංගිරිය පොලිස් වසමේ කොස්හේන, ගර්ටන්වත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර ඇත.
එහිදි බලපත්‍ර නොමැතිව නිවසක්තුල සඟවා තබාගෙන සිටි අමෙරිකාවේ නිෂ්පාදිත බෝර 16 ගිනි අවියක් කොස්හේන, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පුද්ගලයකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉංගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් (05) එම පොලිස් වසමේ මොල්ලිපුරම් ප්‍රදේශයේදී වැටලිමක් සිදුකර තිබේ. එහිදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1.335ක් ළඟ තබාගෙන සිටි අයකු අත් අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ මොල්ලිපුරම් ප්‍රදේශයේදී වැටලිමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01.095ක් අත්අඩංගුවට ගෙන තිබේ.