ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුකල විශාලතම ගජමුතු වැටලීම, සහ එකම ප්‍රදේශයකින් අත්අඩංගුවට ගන්නා ලැබු විශාලතම ගජමුතු ප්‍රමාණය වන ගජමුතු 76 ක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඒ. මනෝහර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) ඉගිනියාගල පොලිස් වසමේ දේවාලහිද, අළුත්ඇල ප්‍රදේශයේ දී තාම සූක්ෂම අයුරින් ගජමුතු 76 ක් සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
ලෝකයේම සිටින ඇතුන්ගේ ජීවිත මේ ගජමුතු නිසාවෙන් විනාශ වන අතර ගජමුතු ඉතාම වටිනා දෙයක් ලෙස අලෙවි වන්නකි. ඇතුන් ඝාතනය කර මෙම ගජ මුතු ලබා ගැනීම මුළු මහත් ජෛව පරිසර පද්ධතියටම කරන මහත් විනාශයකි. මෙි සා ගජමුතු ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා කෙතරම් ඇතුන් ප්‍රමාණයක් ඝාතනයකර ඇද්ද යන්න සිතනවිට එය ඉතාම ඛෙිදජනක තත්ත්වයකි. අධික වටිනාකමකින් යුත් මෙම ගජ මුතු එකක් ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා මිලකට අලෙවි වන බව තහවුරු වී ඇත. ලංකා ඉතිහාසයේ මෑත කාලීනව අත්අඩංගුවට ගත් විශාලතම ගජමුතු තොගය සහ එකම පුදේශයකින් අත් අඩංගුවට ගත් විශාලතම ගජමුතු පුමාණය මෙය වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අම්පාර දේවාලහිද ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 67 ක පුද්ගලයකු වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉගිනියාගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.