රටේ මතුවි තිබෙන අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාගැනීමට ජනතා මූලික අවශ්‍යතා ඉටුකරමින් සමෘද්ධිමත් රටක් නිර්මාණය කරගැනීමට හැකි සෑම සහයෝගයක්ම සස්ටේන්කෝ සමාජසේවා ආයතනය ලබාදීමට සූදානම් බව ජාත්‍යාන්තර සම්බන්ධිකාරිකා. ඉනෝකා ගමගේ මහත්මිය ප්‍රකාශ කරයි.
ඒ් මහත්මිය මේ බව සඳහන් කළේ ඉකුත්(26) කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇය මෙසේද කීවාය. අපේ අරමුණ සමාජයේ ජීවත්වන මිනිසුන්ගේ ජීවන රටාවන් උසස් කිරීමයි. එමෙන්ම මෙරට වැඩකරන පන්තියේ ජනතාවට තව වෘත්තීය ජීවිතයේ හැකියාවන් වැඩිදියුණු කරගනිමින් විදේශ රවවල තිබෙන රැකියා පුරප්පාඩුවලට යෑමට උදව් කිරීම වගේම විදේශ ගතව සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත්කරමින් මේ දුෂ්කර අවස්ථාවේ රටට විදෙස් මුදල් වහාම ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටිනවා. ඊට අමතරව ළමා ශ්‍රමය පිටුදැකීම, විවිධ දක්ෂතා තිබෙන තරුණ තරණයින්ගේ දක්ෂතා වඩවඩාත් ඔප නංවාගැනීමට අතහිත දෙමින් ඒ් අයට ජාත්‍යාන්තරය දක්වා යෑමට මාර්ගෝපදේශනය හා උදව්උපකාර කිරිම, දරුවන්ගේ මන්දපෝෂණය , ගැබිණි මව්වරන්ගේ පෝෂණ තත්ත්වයන් හා ඊට විසඳුම් ලබාදීම යටිතල පහසුකම්වල අඩුපාඩුකම් සපුරාදීම. දැනටමත් ඒ් සඳහා මේවනවිට ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ පර්යේෂණයක් පවත්වා වාර්තා සකස් කර තිබෙනවා. එහිදි පාසැල්වල සනීපාරක්ෂක පහසුකම්, පානීය ජලය, ඇතැම් පාසැල්වල වැසිකිළි පහසුකම්වල තිබෙන දුර්වලතා අපි හඳුනාගෙන තිබෙනවා. ඒ්වාට විසඳුම් ලබාදී තිබෙනවා. පාසැල්වල කසළ කලමනාකරණය කිරීම ගැන දරුවන් දැනුවත් කිරීම හා විසඳුම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
පරිසරය සුරැකීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම, අලි මිනිස් ගැටුමට පිළිතුරු සෙවීම. පිරිසිදුපානිය ජලය ලබාදීම, දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමේදි තිබෙන ගැටලු හඳුනා ගැනීම එහිදි ආහාර ව්‍යාප්ත කිරීමේදි පළතුරු හා එළවළු බෝග සිටුවීව සිදුකිරීම දැනටමත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් පළාත් අනුව බෝග හඳුනාගනිමින් සිටිනවා එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව සිදුකෙරෙනවා. අපේ ව්‍යාපෘතිවල විස්තර ලබාගැනීමට මෙම ඊමේල් ලිපිනය භාවිතා කළ හැකියි. info.S–sustainecoasia.com අපි මේ සඳහා අපගේ පෞද්ගලික හා දෙස්විදෙස් හිතවතුන්ගේ මුල්‍ය ප්‍රතිපාදන භාවිතා කරනවා.
මෙම ආයතනයේ නීති උපදේශක නීතිඥ රසික සංජීව වීරවික්‍රම මහතා… ශ්‍රී ලාංකිකයින් සිව්දෙනකුගෙන් එක් අයෙක් පිටරටක් දැකලා තිබෙනවා මෙරට මිලියන විසිදෙකක්වු ජනතාවගෙන් සෑම විටම මිලියන දෙකක් සිටින්නේ විදෙස්ගතවෙලයි. අපේ පරිසරය ගත්තාම එහි හොර බලපත්‍ර සකස් කරගෙන ඒ්වා විනාශ කරන්නේ දේශපාඥයායි.නමුත් විදේශවල මහපොළව, කැලය, වනසතුන් ඉතාම වටිනවා. ඒ්වා මිනිසුන්ට ලාභ උපද්දවන නිසයි වටින්නේ එවිට මිනිසුන් විසින්ම ඒ්වා ආරක්ෂා කරනවා. ඒ් සඳහා තිබෙන නීතිතවලට ගරුකරනවා. ඒ් සඳහා සිවිල්,දේශපාලනික,සමාජ,සංස්කෘතික,ආර්ථික හා අධ්‍යාපනික අයිතිවාසිකම් ගෙන එන්න ඔ්නේ. අපි උෘව වෙල්ලස්ස ප්‍රදේශය මුලින් තෝරගත්තේ ඒ ප්‍රදේශවල තිබෙන අති දුෂ්කර තත්ත්වය නිසයි. ඒ් ප්‍රදේශවල පිරිසිදු පානීය ජලය ලබාදීම ගැන කටයුතු කළ යුතුයි. මේවා සඳහා මහජන කතිකාවක් සකස් කළ යුතුයි. අපේ කැලය,මුහුදු වෙරළ, වනසතුන් ඇතුළු සම්පත් දේවල් ක්‍රමවේදයක් නැතිව විනාශවෙනවා. අපේ ඇතැම් දේවල් විදේශීකයින්ගේ මංකොල්ලයටත් භාජනය වෙනවා. අපේ දරුවන් හතළිස් දෙලක්ෂයක් හා පනස්හත්ලක්ෂයක් අතර ද්විතියික හා තෘතියික අධ්‍යාපනයක් ලබාදෙනවා. දරුවන්ගේ මන්දපෝෂණයට ත්‍රීපෝෂවලට වඩා පිළිතුරක් අවශ්‍යයි. ක්‍රමෝපායන් , නීතිරීති සකස් කරගනිමින් කටයුතු කිරිම වැදගත්.
අපේ දරුවන්ගේ පෝෂණය ඇතුළු ඒ් අවශ්‍යතා වෙනුවෙන් තමයි අපේ සැබෑ අරගල සිදුවෙන්න ඔ්නේ ඒ්වා ගැන ඒ් දරුවන් දැනුවත් වෙනවිට ඒ් අය එළියට ඇවිත් කෑගසයි.දකුණේ හා උතුරේ දරුවන්ට අයඩින් මිශ්‍ර දියලුණු කෑමට ලැබෙන නිසා මතක ශක්තිය ඇතිවෙනවා. ඒ් නිසයි ඒ් අයට මොළය වැඩියි. මේ ටික නිවැරැදිව සිදුකෙරෙනවා නම් අපේ දරුවන් නිරෝගි ශක්තිමත් පෞරුෂයක් තිබෙන දරුවන් ඇතිවෙනවා.